Jump to ratings and reviews
Rate this book

අප්පච්චි ඇවිත්

Rate this book

223 pages, Paperback

First published January 1, 2017

14 people are currently reading
216 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
52 (33%)
4 stars
45 (29%)
3 stars
41 (26%)
2 stars
8 (5%)
1 star
9 (5%)
Displaying 1 - 22 of 22 reviews
Profile Image for Chomal.
59 reviews6 followers
September 30, 2018
මහේශාක්‍ය රචනයක් නොවූවත් සිංහල සාහිත්‍ය මිනිස් සන්තානයේ මින් පෙර අතපත නොගෑ අහුමුල්ලකට අප්පච්චි ඇවිත් කැන්දාගෙන යන හැටි අපූරුයි. අපිලිවෙලකට පේලි කල කොටස් නිස්සංකගේ විසිරුනු හිතෙහි කියැවීමක් ලෙස දැනුනත් වික්‍රමාරච්චියන්ගේ පරිකල්පිත හැකියාව අගනා වස්තු බීජයකට යම්කිසි මදිපුංචිකමක් කර ඇතියැයි මට හැඟුනේ. පලමු පිටු කිහිපයෙන්ම මතු කතාව දිග හැරෙන හැටි අඳුනාගන්නට හැකි නිසා අවසාන කොටස් තරමක් වෙහෙසකර වුනා. නමුත් කලකට පසු වෙනස් දෙයක්.
Profile Image for Sanduni.
34 reviews34 followers
October 1, 2018
පළමු පිටු කිහිපය කියවන්නා ග්‍රහණය කරගන්නා සුළු වුවත්, ඉන්පසු කතානායකයා හඳුනා ගැනීමට හැකි වීම නිසාමදෝ කතානායකයාගේ පරිකල්පිත ලෝකය තරමක් නීරස, වෙහෙසකර කියවීමක් විය.
නමුත් මෙය සිංහල නවකතාව මනස පිලිබඳ නවමු ලෝකයකට ගෙනගොස් ඇතැයි සිතමි. තවද යනුවෙන් සමාජයේ පවතින පොදු මතය නිවැරදි නොවේ යයි පෙන්වා දෙයි. නිතරම දකින සම්ප්‍රදායික තේමාවන් වලට වඩා වෙනස්ම තේමාවක් ගැනීම මහත් අගය කළ යුතුය.
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
September 29, 2020
අප්පච්චි ඇවිත්

සමන් වික්‍රමාරච්චි මහතාගේ ‘අප්පච්චි ඇවිත්‘ කියවන්න ගත්තෙ හිස් අදහසකින් යුක්තව. විශේෂ පූර්ව නිගමන නැතිව. මොකද ඒ පොත ගැන එක එක තැන්වලදි ඇස ගැටුන අදහස් අනුව බැලුවම ඒක එකිනෙකාට තේරෙන විධිය අනුව දරුණු විධියට පාඨකයාව ධ්‍රැවීකරණයට ලක් කරපු පොතක්. පොතට කැමතියි හෝ අකමැතියි කියන අන්ත දෙකින් එකකට ලේසියෙන් වැටෙන්න පුළුවන්.

සමන් වික්‍රමාරච්චි මහතාගෙ අසනි වැසි නව කතාව අවුරුදු විස්සකටත් වැඩි ඈතකදි මම කියවල තියෙනව. ඒකෙ අන්තර්ගතය ගැන දැන් මට මතකයක් නැහැ. හැබැයි වික්‍රමාරච්චි මහතාගේ ලිවීම් අස්සෙ වඩාත් නූතන දාර්ශනික අදහස් තියෙන බව මම කියවල තිබුණ නිසා පොතේ අන්තර්ගතය පිළිබඳව නම් යම් අදහසක් නොතිබුණාමයි කියන්නත් බෑ.

පොත කියවන් යද්දි මුලදි අපි හිතනවා පොත අපට අහු වෙනව කියල... නමුත් ටිකකින් තේරෙන්න ගන්නවා අපි පොතට අහු වෙනවා කියල.

හැම මිනිහෙක්ටම තමන් ගැන තක්සේරුවක් තියෙනවා. ඒක මත ඔහු අතින් සැසඳීම් සිද්ධ වෙනවා. ඔහු තමා අවට ලෝකය ගොඩනගාගන්නෙ, දේවල්වලට වටිනාකම් ලබා දෙන්නෙ මේ තක්සේරුව සහ සැසඳීම් මත. සමහර අහඹු අවස්ථාවන්වලදි මේ ලෝකය බිඳවැටෙනවා. එහෙම වෙලාවක මනුස්සයෙක් හැසිරෙන විධියෙන් ඔහු තමන් ගැන තබාගෙන ඉන්න තක්සේරුව හඳුනගන්න පුළුවන්. අපි හැමෝම අඩු වැඩියෙන් ඒ විධියයි. තමන්ව දිය වුණ, තමන්ට වටිනාකමක් නැති ලෝකයක් මනුස්සයෙක්ට ගොඩනගන්න පුළුවන්ද කියන එක සෑ‍හෙන්න පරණ ප්‍රශ්නයක්.

මෙහෙම තත්වෙකදි අපි අපේ වටිනාකම ගොඩගනාගන්න ප්‍රවාද හදාගන්නවා. අපේ ජීවිතය නැවත ගොඩනගනවා. සමහර වෙලාවට අපි ඒවට එක ලේයරයකදි කියනවා ‘පොර ටෝක්‘ කියලත්. පම්පෝරි ජනක වගේ චරිත අපේ අස්සෙත් සුළුවෙන් හරි ඉන්නවා. තමන් විසින් ගොඩනගන තමන් හැම විටම සාධාරණ වෙනවා වගේම ලෝකෙ ඉන්න හොඳම මනුස්සයාත් වෙනවා ගොඩක් වෙලාවට. වැරදි කළත් බොහොම විට ඒ බහුතර සුභසිද්ධිය වෙනුවෙන්. ඉතිං මෙහෙම යද්දි සුළුවෙන් හරි කිසිම අතීත ප්‍රබන්ධයක් නැති මනුස්සයෙක් ඉන්න බෑ කියල හිතෙන එකත් සාධාරණයි.

ඔබට අතීත ප්‍රබන්ධ කිසිවක් නැද්ද? හානිකර විධියට නෙවෙයි, අඩු ගානෙ ප්‍රශ්නයකින් පැන යන්නවත් තාවකාලිකව ඔබව නැවත නිර්මාණය කරගෙන නැද්ද? ඔබ සතු අමිහිර මතකයක් හෝ ඔබේ යම් දුර්වල ගුණයක් යටපත් කරවන්න ඔබේ විශිෂ්ට ගුණයකට වැඩි බරක් දීල තමන්ව විනිශ්චය කරලම නැද්ද? එහෙම නම් ඔබ මාරයි!

පොත ලියවෙලා තියෙන විධියත්, අවසානයේ නඩු ශාලාවේ කරන පැහැදිලි කිරීමත් මට ඉතාම රසවත් වුණා. පොතේ කතාව ගොඩ නැගෙන්නෙම අවසානයේ කියවෙන දාර්ශනික කාරණා පැහැදිලි කරන්න කියලයි මට හිතෙන්නේ. ඒ අතින් ඒක මේ වෙන තෙක් කියවල තියෙන පොතකින් නොගෙනියපු අභ්‍යන්තර ගවේශනයකට ඔබව ගෙනියන්න සමත්.

මේ ‘පියාගේ නාමකරණය‘ පිලිබඳ නොයෙක් දාර්ශනිකයන් ගොඩනගල තියෙන දැනුම සිංහලෙන් තියෙන්නෙ ඉතාම අවමයෙන්. ඒ තියෙන ටිකත් කියවල තේරුම්ගන්න එක කරන්න බැරි තරමට අමාරු වැඩක්. ඒකට ඒ සීන් එකේම ඉන්න ඕන. ඒ නිසා එහෙම නැතිව සාමාන්‍ය පරිදි පොතක් කියවගෙන ඉන්න, ඔය පිලිබඳව සාමාන්‍ය උනන්දුවක් සහිත මිනිස්සුන්ට ඒ විෂය ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. මම මේ ගැන කලින් අමාරුවෙන් කියවල තේරුම් අරන් හිටපු දේවල් සමහරක් අලුත් වීමත්, අලුත්ම දැනුමක් එකතු වීමත් ‘අප්පච්චි ඇවිත්‘ නිසා සිද්ධ වුණා.

මේ 'පියා පිලිබඳ අදහස' යොදාගෙන ලෝකයේ බොහොම දේවල් නිර්වචනය කරන්න පුළුවන් කියලත් මම කියවල තියෙනවා. මිනිස්සු ගස් ගල් පිළිමවලට වන්දනා කරන එක, ස්වභාවයෙන්ම යම් පීඩිත/ පාලිත/ යටත් වූ මානසිකත්වයක ඉන්න ආස එක, රස්සාවලට ඇවිල්ලත් නිල ඇඳුම් අඳින්න ආස එක වගේ බොහොම දේවල්වලට හේතුව මේ අහිමි වුණ පියා කැඳවාගන්න තියෙන අවිඥානික අවශ්‍යතාවයද කියලත් මට හිතෙනවා. ඒවගේ ප්ලොට් සහිතවත් කාට හරි පොතක් ලියන්න පුළුවන් නම් නියමයි!
Profile Image for Ramindu Thivanka.
249 reviews5 followers
October 28, 2018
ලංකාවේ ස්වර්ණ පුස්තක සම්මානයත් Hollywood Oscar මට්ටමේ පවතින බව හොඳම නිදසුනක්.
ස්වර්ණ පුස්තක සම්මානය ලබා ගැනීමට තරම් වටිනා පොතක් නොවේ යැයි සිතේ.

මනෝ වෛද්‍ය විද්‍යාව පිලිබඳ යම් දැනුමක් ඇති අයෙකු ට ආරම්භයේදීම සියල්ල වැටහූ පසු නීරස පොතක් බවට පත් වීම වැලකිය නොහැක. සැබැවින්ම එය, මානසික රෝගියකුගේ ඉතිහාස කතාවකට සවන් දීමක් වැනිය.
Beautiful Mind ඔබට මතක් වනු නොඅනුමානය.
අවසානයේ වසර ගණනාවක් මානසික වෛද්‍ය විද්‍යාව හැදැරූ මනෝ වෛද්‍ය වරයාට වඩා හසල දැනුමක් මනෝ වෛද්‍ය විද්‍යාව පිලිබඳ මාස ගණනකින් නීතිඥවරයෙක් ඉගෙන ගන්නා ලද අතර රෝග විනිශ්චය කරන්නේ ඔහුමය.
රචකයාගේ fantasy එයයි
Profile Image for Lasindu Fernando.
1 review10 followers
November 25, 2018
This is brilliant! ..
first i thought it is a regular novel ; but at the end it's just something that you didn't even thought about ...
it'll change your perspective...

මේය ඉතාමත් අනර්ග ගනයේ නවකතාවකි. එය මනසික රෝග හා මනෝ විද්‍යාව ඉතා සිත්බැදගන්නා සුලු ආකාරයෙන් පාඨකයා වෙත ගෙන එනු ලබයි ..
මෙය ඔබ කියවිය යුතුම නවකතාවකි!
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
May 10, 2022
අප්පච්චි ඈවිත් - සමන් වික්‍රමාරච්චි

මෙය උගත්, වගකියයුතු නිලයක්දරන ඉහල මද්යම පන්තියට යෑමට වෙරදරන පුද්ගලයකු අත්විඳින මානසික ව්යාකුලතාවය සරලව විග්‍රහකරන කතාවකි.

මෙහි කථානායක නිස්සන්ක සේනාධීර ගම්බද පාසෑල���ින් අද්යාපනය ලබාගෙන, විශ්වවිද්යාල අද්යාපනය සම්පූර්නකර දිසාපති තනතුරක් දක්වා සාර්ථකව උසස්වීම් ලබාගෙන රජයේ ආයතනයක නියොජ්ය අද්යක්ශක දුරයක් හොබවන ඉමහත් කෑපවීමෙන් වෑඩකරන නිලධාරියෙකි.

නිස්සන්ක ඔහුව්සින්ම නිර්මානයකරගත් යතාර්ථයක එනම් ෆෑන්ටසියක ජීවත්වෙන්නෙකි. සමාජයේ වෑඩිදෙනෙකු මෙබඳු උමතුවකින් පෙලෙන්නොවෙති. යතාර්ථය නම් ෆෑන්ටසිය ගොඩනෑගීමෙන් ඔවුනට උමතුබවේ අගාධයට නොවෑටී සිටියහෑකිය.

මෙහි සඳහන්වන පියා ඔහුගේ නියම පියා නොවේ, ඔහුගේම පරිකල්පන පියාවේ. ඊඩිපස් සන්කීර්නයතුල පියා සමඟ අනන්යවීමෙන් පමනයි දරුවකුට මෙම සමාජ පෑවෑත්මතුලට ඈතුලුවන්ට පුලුවන්වෙන්නේ.
කෙනෙකු තම විවේක කාලය නොයෙක් විනොදාන්ශ සඳහා කෑපකරනවා හො තම රෑකියාව අසාමාන්ය උනන්දුවකින් කරනවානම් මෙය උමතුවේ සෙවනෑලිවීමට පුලුවන.

A Beautiful Mind - ර්‍Russel Crowe චිත්‍රපටයේ නොබෙල් ත්යාගලාභී මහාචාර්යවරයෙක් ඔහුතුල විදෙස් කුමත්‍රනයක්ගෑන මතිබ්‍රමනයක් ඈතිවෙනවා. අනික් අය නොදකින, ඔහු පමනක් දකින පුද්ගලයන් ඔහුට හමුවනවා.

අප කිසියම් කෙනෙකු නායකයකුලෙස පිලිගන්නේ අපගේ ෆෑන්ටසි අපගේ නායකයාට ගෑලපෙනවානම් පමනයි.

මෙම කතාවේ නිස්සන්කගේ වීරයා බොහො කලකට පෙර මියගිය ඔහුගේ පියාය. නිස්සන්කට තම පියා තමන් සමඟ ජීවත්වනසේදෑනේ. ඔහු පියාට කාමරයක් වෙන්කරදෙයි, සතුටු සාමීචියෙන් කාලයගතකරයි. බෑට්මින්ටන් සෙල්ලම්කරයි, තම කාර්යාලයටද කෑඳවාගෙනයයි.

නිස්සන්කගේ මෙම අසාමාන්ය හෑසිරීම ඔහු ආශ්‍රයකරන පිරිස රොගීතත්වයක් ලෙසට ඔහුගෙන් ප්‍රශ්නකිරීමනිසා ඔහු පියා සමඟ කරන ආශ්‍රය රහසිගතව කිරීමට පෙලඹේ. ඔහු සමාජය ඉදිරියේ සාමාන්ය පුද්ගලයකු ලෙසට හෑසිරේ. වයිද්යවරු ඔහු නිරොගී පුද්ගලයකුබවට නිගමනයකරයි.

සිරිල් සී පෙරෙරාගේ නිර්මානය සහ ශොකය පොතේ හෑඳින්වීමෙ සඳහන්පරිදි ඈත අතීතයේ පටන් ශ්‍රෙශ්ට කවියන්, නාට්ය කරුවන්, නවකතාකරුවන්, ච්ත්‍රශිල්පීන් සමාජයට තේරුම් ගතනොහෑකි පුද්ගලයොවූහ. බොහොවිට ඔවුන් සම්ප්‍රදායානුකූල ජීවනරථාවන් අනුගනයකලවුන් නොවූහ. මේ හේතුව නිසාම ඔවුන් පිස්සන් මෙන් ලොකය සෑලකුවේය.

ශ්‍රෙශ්ථ කලාකරුවන් වෑඩිදෙනෙක් යම් අන්දමක පිස්සන් හා රොගීන්වීම පුදුමට කරුනකි. ඔවුන්ගෙන් බොහොමයක් තමන් ජීවත්වූ ලොකය සමඟ කලකිරී සිටියහ. ඔවුන් උමතු පුද්ගලයන් මෙන් සිහින ලොකවල ජීවත් නොවූවත් ඔවුන් තමන්ගේම ලොකවල ජීවත්වූ අයවෙති.

බාහිර ලොකයට මානසික රොගීන්ලෙස පෙනුන කලාකරුවන්ට ඉමහත් ශික්ශනයකින් හා වෙහෙසකින් නිර්මානයේ යෙදීමට ශක්තියතිබුනේය.
Profile Image for Thisaru.
3 reviews5 followers
December 6, 2018
The writing style is great and attractive. Even though we understand what’s going on, within the first few pages, the way the author presets it, keeps us reading through.
The psychological behavior of the character helps us to understand what the reality is, how we interpret it.

As I always thought, “Reality is the fantasy we choose to believe” !
This book reminded me the same. ❤️
Profile Image for Jithmi Mallawaarachchi.
4 reviews1 follower
June 21, 2019
A strong analysis of the human mind explored in a brilliant storyline.

First of it's kind I've read by a Sri Lankan author.
Profile Image for Kavya Thathsara.
26 reviews4 followers
May 7, 2022
I reckon that the writer has competently captured the realistic character qualities of the characters and the book itself is fascinating. The ending could be enhanced, but it wasn't terrible. Easily the best Sinhalese book I read recently.
77 reviews
December 6, 2019
My first book for the year. A novella. Focusing on mental illness and forensics.

As a psychiatrist, I found a few inconsistencies with facts when developing the main character. But I wasn’t too fussed as the writing was interesting and writer has the liberty to create.

What I couldn’t agree with was the final part where the lawyer starts educating the court on psychology. I felt that the writer has either skimmed through some texts and taken a few sentence from here or there and tried to fit them in, or if he is well read in psychology, he hasn’t actually grasped some of the basic facts.

His explanations of schizophrenia, paranoia and dementia ( to name the most basic) are incorrect according to the current psychiatric terminology.

I get that he is trying to describe a different aspect, the unwell, not unwell by current standards, but yet unwell in their minds.
I believe that we still can recognize these people through proper psychiatric review. Also, that most human beings are susceptible to psychiatric illnesses in face of varying degrees of stress (that will interact with a number of other risk factors to determine the threshold)
This entire review has been hidden because of spoilers.
Profile Image for Ceevee.
4 reviews
November 23, 2018
මුල් පිටු කීපයේදීම කතාවේ අවසානය පැහැදිලි වීම නිසා කතාව කියවීමට අසීරු ස්වරූපයක් ගනී. කතාවේ අවසාන පරිච්ජේදය තුලින් කතුවරයා විසින් තම මනෝ විද්‍යා දැනුම හා ඔහු කියවූ සියලු පොත් පත් ගැන පුරාජේරුවක් කීමට යාමෙන් කතාව තව දුරටත් නීරස වේ. ඔබ Alfred Hitchcock වැනි අධ්‍යක්ෂක වරයෙකුගේ සිනමා පටයක් නරඹා ඇත්නම් , මෙම නව කතාව ඉතාමත් සරල එකක් බැව් ඔබට හැඟෙනු ඇත. නව මානයක් කරා යාමට උත්සහ කිරීම වෙනුවෙන් කතුවරයා පැසසිය හැකි නමුත් ස්වර්ණ පුස්තක සම්මානය පිදුම් දීමට තරම්ම ප්‍රමාණවත්දැයි සැක සහිතය.
Profile Image for Thilina Yapa.
26 reviews1 follower
April 25, 2021
යටත් පිරිසෙයින් ගත් කල පොදුවේ බහුතරයක් තමන්ට උවමනා ෆැන්ටසිය මවාගෙන එය රස විඳිමින් සිටින අතර, තවත් පිරිසක් ඇත්තටම මනෝ විද්‍යාත්මක රෝගීන් ලෙස ෆැන්ටසිය තවත් වෙනස් තලයකට ඔසවයි. ලියන මමද ඔබද යම් මනෝ ව්‍යාකූලතා දායාද කොට සිටීදැයි සැකයක් උපදී, භය උපදී?
පිස්සන් යනු කැරලි වුනු කොන්ඩයෙන් යුත්, කුණු ඇඳුම් අඳින, මඩ වතුර බොන අය යැයි පුංචි කාලේ අපිට කියා දුන් නමුත් ටයි කෝට් වලින් සැරසී සමාජයේ යහපත් කටයුතු වල නියැලෙන අයද යම් මනෝ ව්‍යාධියක සිටිය හැකි බවට උදාහරණ මෙහි ඇත
Profile Image for Himahansi Fernando.
7 reviews1 follower
September 29, 2019
Yes there is no doubt that this is a brilliant story line. But I expected an incredible ending for this book! It seems like I set the bar too high! Maybe that’s why I’m so disappointed about this book. For me I assumed the way book ended before reading it and that made me loose my excitement before even finish reading it.
Overall the book is good.
Profile Image for Anu B.
25 reviews23 followers
February 15, 2019
What so important about this book is that the author has searched a lot of information about matters to make this fiction seem much more realistic. That is something we need to appreciate because instead of just writing a made-up scenario, adding things that the reader can learn relate to life.
Though the story was kind of a common plot, the author was talented enough to make it unique in his own. I saw a combination of genres in the book and I enjoyed it.
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
December 20, 2020
සිංහල නව කතාවේ දොස්ටෝයෙව්ස්කි ලකුනක සේයාවක් දුටිමි
1 review
Want to read
December 16, 2023
i WANT TO READ IT
This entire review has been hidden because of spoilers.
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
May 3, 2020
The book takes a whole new approach of narrating the story from a perspective of a schizophrenic person. The book has 3 sections; 1) narration from the so-called mentally healthy people, 2) narration from a mentally unstable person, and 3) narration from the point of law. The book brings in much awareness to psychological aspects that people face on a day-to-day basis. The question being, how do we justify or not justify such acts of humans?
Profile Image for im_just_vidu.
313 reviews2 followers
October 3, 2019
කතුවරයා නව මානයකට පාඨකයා ගෙන යාම අගය කළ යුතුය. නමුත් කුතුහලය රැඳවීම අඩුවීම හා අධික ලෙස මානසික රෝග පිළබඳ දීර්ඝ විස්තර කිරීම නිසා නීරස ගතියක්ද එක්වේ. අලුත් සංකල්පයකට යෑම හොඳය. නමුත් ස්වරණ පුස්තක සම්මානය දිනාගැනීමට තරම් මෙය වටින්නේදැයි ප්‍රශ්නාරථයකි.
6 reviews8 followers
January 8, 2019
I call it extraordinary because really it's complex. Some may call it's a book of pervertion but towards the end you'll realize it's all because of the father's nomenclature. I was a little bit confused to grasp those concepts and theories. However it's different and that makes the book astounding.
Displaying 1 - 22 of 22 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.