Jump to ratings and reviews
Rate this book

විජයබා කොල්ලය

Rate this book

300 pages, Paperback

First published January 1, 1938

43 people are currently reading
972 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
133 (48%)
4 stars
78 (28%)
3 stars
40 (14%)
2 stars
7 (2%)
1 star
17 (6%)
Displaying 1 - 14 of 14 reviews
Profile Image for Aishma.
20 reviews
March 30, 2014
Really amazing book based on real Sri Lankan history. Makes me real proud to be a Desi!
Profile Image for Shanika Upamali.
38 reviews35 followers
December 22, 2019
Looking back from the end of 2019, I'm saddened by how the destiny of a prestigious country turned upside down by the decisions of power-seeking Royal members, and at the same time; overwhelmed by the sacrifices of noble Sinhalese to protect the country, nation and religion. Five centuries later, I wonder how far we've come from there; and for better or for worse.
Profile Image for Jinadari.
9 reviews
Read
April 17, 2024
Beautiful plot based on historical events surrounding the time of King Wijayabha. I read it because my mother loved it back in her childhood, really enjoyed the story line and interesting plot line .
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
November 22, 2023
විජයබා කොල්ලය - W A සිල්වා (1938)

පොලොන්නරුව රාජධාණිය බිඳ වෑටීමෙන් පසු 6 වන පරාකරමබාහු රජතුමා නෑවත රට එක්සේසත්කර ජයවර්ධනපුරය(කෝට්ටේ) අගනුවර ලෙස ඉදිකර රට පාලනය කරනලද්දේය. කෝට්ටේ යුගය පෑවතුනේ 1412 සිට 1597 දක්වා පමණි. කෝට්ටේ රාජධාණිය 1505 දී පෑමිණි පෘතුගීසින්ගෙන් ආරක්ශා කරගෑනීමට දුර්වල සින්හල රජවරුන් අපොහොසත්වුහ.

මෙය 6 වන විජයබාහු (1518-1521) නෑමති දුර්වල රජකෙනෙකුගේ සමයේ සිදුවුන නීලමණී නෑමති නායක සෙනවියාගේ දියනියත්, ඈයගේ ප්‍රේමය අපේක්ශාවෙන් සිටි අසන්ක නම් සෙනවියාත් ඈය හට පසුව ආකර්ශනයවු නයනාන්ද නම් චරපුරුශයාත් අලලා ගෙතුන ප්‍රේම කතාවකි.

6 වන විජයබාහු රජතුමා හට බුවනකබාහු, පරරාජසින්හ, සහ මායාදුන්න නම් පුතුන් තිදෙනෙක් වුහ. රජතුමාගේ බලාපොරොත්තුව වුයේ තම අලුත විවාහවු ඉතා ලාබාල රුපා දේවියගේ සොහොයුරා වූ රජකමට හිමිකමක් නෑති දේවරාජ කුමාරයට රජකම පෑවරීමටය. මෙම අරමුනින් රාජ කුමාරවරු තිදෙනා නිවාස අඩස්සියේ තබන ලද්දේය. කන්ද උඩරට ප්‍රාදේශීය යුවරජකුවු වික්‍රමබාහුද තම මාලිගයේ සිරකරන ලද්දේය. කුමාරවරුන්ගෙන් කාර්යශීලීවු මායාදුන්න වික්‍රමබාහු සහ පෘතුගීසින් සමඟ එකතුව තම පියාට විරුද්දව සටන් මෙහෙයවීමට නයනානන්ද නෑමති චරපුරුශයා යොදාගන්නා ලද්දේය.

අනපේක්ශිත ආකාරයකට නයනානන්ද හට නීලමනී මුනගෑසීම නිසා ඔවුන් අතර ප්‍රේමයක් උපදිනේය. පෘතුගීසින්හට නෑව් මාර්ගෙයේ විශාල භටපිරිසක් ලෑබීම නිසා කෝට්ටේ රාජධාණිය ආක්‍රමනය කිරීමට පටන්ගත්හ. නායක සෙනෙවිගේ මෙහෙයවීමෙන් අසන්ග සහ නයනානන්ද සින්හල හමුදාවට නායකත්වදී පෘතුගීසින් පරාජයකලහ. නමුත් නයනානන්ද පෘතුගීසීන්ගේ සිරකරුවකු වුයේය. නීලමනීට් ඈති ආදරය නිසා අසන්ග තම ජීවිතය පරිත්යාගකර නයනානන්ද මුදවාගත්තේය.

මායාදුන්නේ සෙනාවක් සන්විධානය කරගෙන කෝට්ටේ ආක්‍රමනයට පෑමිනියේය. වියයබාහු රජුගේ අගමෑතිවු කඳවුරේ බන්ඩාර උමඟක මෑරවරයන් 60 දෙනෙකු සඟවා කුමාරවරුන් ඝාතනයට කල උපක්‍රමය හෙලිවීමෙන් වියරුවෑටුන මායාදුනේ තම පියා මෑරීමටද වියබා කොල්ලයටද අවසරය දුන්නේය.
මෙය ඉතිහාසගත සත්ය සිදුවීම් පාදකකර ගෙතුන ගවේශනාත්මක නවකතාවකි. W A සිල්වා තම පරිනත ලේඛන හෑකියාව මෙයින් නෑවත පාථකයා හට ඉදිරිපත්කර ඈත.

2023 - 11 - 22

විජබා කොල්ලය - W A සිල්වා (1938)

මෙම නවකතාවට පාදකවන්නේ කෝට්ටේ රාජධානිය සමයේ විජයබාහු රජුගේ පාලන සමය වන 1517 සිට පැවති කාල වකවානුවයි. මෙම කාලයේදී කොළොම්තොටේ පෘතුගීසීන්ගේ බලකොටුවක් පැවතුන අතර දකුණු වෙරළබඩ මුස්ලිම් වෙළඳ ප්‍රජාව වාසය කළහ. කන්ද උඩරට පලනයවුයේ විජයබාහු රජුගේ අධීක්ෂණය යටතේ වික්‍රමබාහු සාමන්තයා විසිනි. වෙළඳාම සඳහා පෘතුගීසි සහ මුස්ලිම්වරු අතර තරගයක් සහ අරගල සුලභ විය.

මහල්ලකු වූ වියබාහු රූපා නමැති තරුණ බිසවට වසඟ වී සිටියේය. රුපාගේ කීමට තම පුත් කුමාරවරු වන බුවනකබාහු, පරරාජසිංහ, සහ මායාදුන්නේ යන කුමාරවරු තිදෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවාස අඩස්සියේ තැබුවේය. රුපාගේ එකම අධිෂ්ඨානය වුයේ තම 7 හැවිරිදි දේවරාජ කුමාරයා හට වියබා රජුගෙන් පසු රජකම පැවරීමය.

W A සිල්වා ලංකා ඉතිහාසයේ කෝට්ටේ යුගය මැනවින් ගවේෂණය කර එම ඉතිහාසගත සිදුවීම් හා බැඳුනු අසංග, නීලමනී, සහ නයනානන්ද ත්‍රිකෝණ ප්‍රේමකතාව ආකර්ශනීය අයුරින් ප්‍රබන්ධකරණ කර ඇත.
නිලමනීගේ පියා විජයබාහු රජුගේ හමුදා ප්‍රධානියාද, අසංක සහ නයනානන්ද නිර්භීත තරුණ සෙන්පතියන් ලෙසද චරිතයට නගා ඇත. මොවුන් සතු හමුදා මෙහෙයවීමේ ශක්තිය, සටන් ශිල්පයේ ප්‍රගුණ බව, දේශප්‍රේමිත්වය උත්කර්ෂයට නගමින් ද, කුඹුරු සහ මඩ ඉඩම් වල සිදුකෙරුණු සටන්වල බිහිසුණු භාවය, දුෂ්ඨ ඇමතිවරුන් විසින් නොමඟ යවන ලද රජතුමාගේ දුර්වල පාලනය සහ සංග්‍රාමයේ යෙදී සිටින හමුදා ප්‍රධානියාව පිටුපස සිට ඝාතනය කරන විරුද්ධ මත දරන ද්‍රෝහී හමුදා නිලදාරීන් පිළිඹඳව අනාවරණය කරමින් W A සිල්වා කෝට්ටේ යුගයේ යුධ සාහිත්‍ය මැනවින් ඉදිරිපත් කර ඇත.

අනුරාධපුරය, පොලොන්නරුව, සිගිරිය, යාපහුව වැනි පුරාන රාජධානිවල නටඹුන් අද දක්වා පවතින නමුත් කෝට්ටේ රාජධානියේ නටඹුන් දකින්නට ලැබෙන්නේ නැත. එයට හේතුව පෘතුගීසින් විසින් කල සංහාරය සහ මායාදුන්නේ ප්‍රමුක හමුදාව විසින් සිදුකෙරුණ විජබා කොල්ලය විය හැක. වැලිකඩ, කඩවත, නාවල, රාජගිරිය, බලපොකුණ, දෙහිවල, ගල්කිස්ස, පානදුර වැනි පෙදෙස් කෝට්ටේ යුගයේ ජනාවාසව තිබු නමුත් ඒ පිළිඹඳව පුරාවිද්‍යා සාක්ෂි ඉතිරිවී නොමැත.

යුධ සාහිත්‍ය බොහෝ රටවල ප්‍රචලිතව පැවතුනත් අප රටේ පවතින්නේ යුධ විරෝධී සාහිත්‍යයකි. අපේ බොහෝ සාහිත්‍ය කරුවන් ඉදිරිපත් කරනුයේ රජයේ හමුදාවෙන් සිදුකෙරුණ මානව හිමිකම් උල්ලංඝනයන් උත්කර්ෂයට නගමින් සහ යුද්ධයෙන් පීඩා විඳින ජනතාව සඳහා විකල්පයක් ලෙස රජය ත්‍රස්ත සංවිධාන සමඟ සාමකාමී පිළිවෙතකට එළඹිය යුතුබව සාධාරණිකරණය කෙරෙන ප්‍රබන්ධයන් වේ.
පෘතුගීසි, ලංදේසි, සහ ඉංග්‍රීසි වැනි ආක්‍රමණිකයන් සමග යුද්ද නොකර සාම සාකච්චා පැවැත්වීමෙන් සැමවිටම සිදුවුයේ අප මවුබිම කපටි ආක්‍රමණිකයන් විසින් ගිලගැනිමක් ය.

පෘතුගීසින් පැමිණ එවක ලංකාව පාලනය කල 9 වන ධර්ම පරාක්‍රමබාහු රජුගෙන් තමන් ගේ වෙළඳ කටයුතු කිරීම සඳහා ගෙරි සමකින් වැසෙන බිම් ප්‍රමාණයක් කොලොම් තොටින් ඉල්ලා සිටියහ. ත්‍යාගශීලි රජතුමා විදේශිකයන් හට ගරුකරමින් එයට අවසරය දුන්නේය. පෘතුගීසින් ගෙරිසමක් ගෙන එය කතුරකින් සියුම් පටියක් ලෙසට කපා එයින් වටවෙන බිම් පෙදෙස වන දිගින් ආදී 300 සහ පළලින් ආදී 100 ක තම බලකොටුව ඉදිකර ගත්හ.
Displaying 1 - 14 of 14 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.