Dilly262 reviews16 followersFollowFollowSeptember 1, 2020මං සාමාන්‍යයෙන් සුමිත්‍රා රාහුබද්ද ගේ පොත් වලට එතරම් ප්‍රිය කරන්නෙක් නොවෙයි. ඇගේ පොත් වලින් සීමිත සංඛ්‍යාවක් පමණයි මා කියවා ඇත්තේ. මේ මා කියවූ ඇගේ හතර වන හෝ පස් වන පොත විය යුතුයි.නවකතාව තුළ හමුවන චරිත සංඛ්‍යාව වැඩිය. ඒත් ඒ චරිත වල අඩු වැඩි වශයෙන් පොදු ලක්ෂණ කිහිපයකි. ඔවුන් සියලු දෙන එකට බැඳ තබන්නේ නාමසුන්දර යුවළ හා පළිඟු විසිනි.මේ එක් එක් චරිත වල ඇතුළාන්තය හා ඔවුන් සමග කෙරෙන ගණුදෙනු කිරීම් හමුවේ පීඩාවට පත් වන තවත් අය වෙත ඇතිවෙන බලපෑම් හොඳින් විස්තර කිරීමට කතුවරිය සමත් වී ඇත.මුල සිට අග කෙරෙහි ආයාසයකින් තොරව කියවා ගෙන යා හැක. එපා වෙන සුළු විස්තර කිරීම් අඩුවෙන් ඇත.කතුවරියගේ අනෙක් පොත්ද කියවීමට බලාපොරොත්තු වෙමි.