Prasad PolwatteAuthor 5 books13 followersFollowFollowSeptember 17, 2023නිම්නාගේ ඉතිහාසය - ක්ව්ෂ්‍ය්ල්ය කුමාරසිංහ (2019)මෙය පිටු 676 කින් සමන්විත විශාල පොතක් වුවත් එය පාඨක අවධානය රඳවාගනිමින් එකදිගට කියවාගෙන යාහැකි නවකතාවකි.නාගරික තරුණ ප්‍රජාවේ සමාජ ජීවිතයේ අප්‍රකාශිත සහ වැඩිහිටියන් තේරුම් නොගත් පැත්තක් පිළිඹඳව සවිස්තරාත්මකව ඉදිරිපත්කර ඇත. ඔවුන් ගතකරන වගකීම් විරහිත ලිංගික ජීවිතය, රාත්‍රී සමාජශාලා සහ තරු හෝටල් වල පවත්වන මත්පැන් සාදවල නියම ස්වභාවය සමාජයේ බහුතරයකට ආගන්තුක නමුත් එය කර්තෘ විසින් ගැඹුරු ගවේෂණයකින් ඉදිරිපත්කර ඇත.මෙම නවකතාව මායා යථාර්තවාදී ආකෘතියකට අනුව ගොඩනගා ඇති අතර එය කියවීමේදී ගබ්රියල් ගාර්ෂියා මාකේස් ගේ සියක් වසක හුදකලාව නමැති නවකතාව මතකයට නැගෙනු ඇත.තිස් වසරක ඊලාම් යුද්දය ජයගැනීම සහ එම ජයග්‍රහණය රට පුරා කිරිබත් කමින් සැමරීම හාස්‍යට ලක්කිරීම අපරටේ සමහර තරුණ ප්‍රජාවේ සහ NGO වලින් යැපෙන පරපුරේ ආකල්පය කර්තෘ සාධාරණිකරණය කිරීමට උත්සාහදාරන බව මෙම නවකතාව කියවීමේදී පැහැදිලිවේ. අපරටේ තිස් වසරක යුද්දය පැවතුනේ මිනීමරු කොටි ත්‍රස්තවාදීන් සහ රජයේ හමුදාවන් අතරය. එය පොදු ද්‍රවිඩ ජනතාවට එරෙහි සංග්‍රාමයක් නොවිය. අපරටේ ද්‍රවිඩ ජනතාවද, ද්‍රවිඩ දේශපාලන නායකයන්ද, වෙනත් ද්‍රවිඩ ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයන්ද කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනයට ලක්විය. මායිම් ගම්මාන වල සිංහල වැසියන්ද, කොළඹ තදාසන්න ප්‍රදේශවල සිංහල ජනතාවද කොටින්ගේ ඝාතන ලැයිස්තුවට එකතු විය. අපරටේ 30,000 පමණ රණවිරුවන් මවුබිම රැකගැනීමට ජිවිත පරිත්‍යග කල අතර එවැනිම පිරිසක් පුර්නකාලින අබාධිතයන් වුහ. මෙවැනි යුධ ජයග්‍රහණයක් අවතක්සේරුවට ලක්කිරීම කනගාටුවකි.බර්ටෝල් බ්‍රෙෂ්ට් වැනි ලෝක පුජිත සාහිත්‍ය කරුවන්ගේ නිර්මාණ වලින් අර්ථකතන කර ඇත්තේ හිට්ලර් වැනි ආක්ර්මිකයන් වෙනත් රටවලට සහ ජනකණ්ඩායම් වලට කරනලද හිංසනයන් විය. මෙවැනි යුද්ද ප්‍රතිෂේප කලයුතු බව ලොවබහුතරය පිළිගනු ඇත.ලියෝ ටෝල්ස්ටෝයි ගේ ලෝක පුජිත නවකතාවක් වන යුද්දය හා සාමය විස්තරකෙරෙන්නේ නැපෝලියන් විසින් කරනලද අක්‍රමණය රුසියානුවන් විසින් පරාජය කිරීමය. රුසියානුවන් නැපෝලියන් සමඟ සාම සාකච්චා පවත්වුවානාම් ඔවුන්ගේ මවුබිම අහිමි වනු ඇත.අපරටේ සාහිත්‍ය කරුවන් ඊලාම් යුද්දය දරුණුව පවතී කාලයේදී පවා රණවිරුවන්ගේ දායකත්වය අගයමින් කල නිර්මාණ ඉතා අවමය. ඔවුන් නැඹුරු වුයේ වෙන්වුණු ජනකොට්ඨාශ වල සංහිඳියාව වැනි විෂයන් කෙරෙහිය. දුරස් වූ සිංහල - දෙමල ජන කොට්ටාශ වල අහිමිවූ ආදර සම්බන්දතා පිළිඹඳ නිර්මාණ බහුලවේ."නිල නුවන් යුගෙන් බලන් මීනා තල් අරඹේ තල් පව්වෙන් එබී බලන් මීනා"'දීපාවලි දාට දීපාවලි සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පසුකරන්"නමුත් කොටි ත්‍රස්තවාදීන් කරනලද බිහිසුණු මනුෂ්‍ය ඝාතන හෙලාදකින නිර්මාණ අපරටේ කලාකරුවන් අතින් බිහිවී නොමැති තරම් වේ.
Naleendra Weerapitiya309 reviews32 followersFollowFollowNovember 24, 2020පළමු කොටස - සමස්ත අදහස2019 වසරේ මහත් කතා බහට ලක් වූ, සම්මාන නිර්දේශයන් හී සාධාරණයක් ඉටු නොවුනැයි බොහෝ අය මැසිවිලි නැඟුවා වූ ද, කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගේ ඉතිහාසය" කියවූවෙමි. වසර පහකට පමණ පෙර "මේ රහස් කවුළුවෙන් එබෙන්න" කියවා තිබූ හෙයින්, මේ පොත අතට ගත්තේ ම බලාපොරොත්තු ඇතිවම ය. කෞශල්‍ය එම බලාපොරොත්තු ද අභිබවා ගොසින්, ජාත්‍යන්තර මට්ටමේ නවකතා සමඟ එක පෙළට තිබිය හැකි නවකතාවක් ලියා ඇත. ඇත්තෙන් ම මෙම නවකතාව නූතනය. ඒ අර අප නිතර දකින, අසංඝත, හදිසියෙන් වචන කිහිපකින් "වෙන්න-නූතන" අර්ථයෙන් නොවේ. ඉතිහාසයේ කැපකීරීම වර්තමානය හැඩ ගැස්වීමට කෙසේ බලපෑවාද යන්න පසක් කරලනු වස්, අප රටක් ලෙස, නැතිනම් ඊටත් එහා, ලෝකයක් ලෙස පසුගිය වසර සියය-එකසිය විස්ස පමණ කාලයේ කෙතෙරම් දුරක ප්‍රගමනයක් ලබා තිබේ ද යන බවට අපූරු කියවීමකි, මෙය. සූර පරිවර්තිකයෙකු අතින් මෙම නවකතාව ඉංග්‍රිසීයට පෙරළී, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකාශකයෙකු අතින් එළි දැක්වෙන්නේ නම් Man Booker International සම්මාන තරඟයක දී, හොඳ තරඟයක් දීමට මෙම නවකතාව තුල විභවයක් ඇති බවකි, මගේ අවංක අදහස.එක් අතකින් බලද්දි, නිම්නාගේ ඉතිහාසය යනු ම, නිම්නාගේ පරම්පරාවේ අය පමණක් නොව ලෝක වාසී නිම්නාගේ පරම්පරාවට පෙර විසූ සියළු දෙනා කල ඉමහත් කැප කිරීම් හෙතුවෙන් ( ඔවුන් "අප කැපකිරීම් කරම් හ", ආදි ලෙස සිතා එසේ නොකල බව සැබවි ), නිම්නා ගේ නිම් පුළුල් කරමින්, තම දිවිය විඳීමට හැකියාව ලැබී ඇත. අහම්බයකින්, නරක අතට නො හැරුනොත්, නිම්නාගෙන් පසු පරම්පරාව, නිම්නාටත් වඩා හොඳින් ජීවිතය විඳීමට නියමිතය. එසේ විඳීම, අද පවතින ආචාර ධාර්මික පද්ධතියේත් වඩා දියුණු තත්තවයක් තුල දී ය. හරාරි ගේ හෝමෝ ඩෙඔස් ( Homo Deus ) කෘතියේ ඔහු සංඛ්‍යාත්මක දත්ත මගින්, අප මේ පසු කරමින් සිටිනුයේ මිනිස් ජීවිතය ගත කිරීමට වඩාත් ම ගුණාත්මක, යෝග්‍යතම කාලය බව පෙන්වයි. ගෙවී ගිය කාලයක්, අතීතයක් ගැන සාංකාවක් අප තුල වූවද, ඇත්ත තත්ත්වය නම්, අද තරම් හොඳ තත්ත්වයක් මින් පෙර තිබී නැත. මෙහි, තරමක ප්‍රධාන මාතෘකාවක් වන ලිංගිකත්වය ආශ්‍රයෙන් බැලූ විට ද, ඇග්නස්ගේ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාකූලත්වය සහ ඇගේ එක් සොහොයුරෙකු ස්ත්‍රීන් කෙරෙහි වෙසෙස් ඇල්මක් නොපෙන්වීම, එම යුගයේ තිබූ නිදහසේ සීමාව පිළිඹිබු කරයි; ඔවුන් ට එකල එසේ නොදැනුන ද, ඉන් යම් අසාදාරණත්වයක් ඔවුන් අත් විඳි බවය, සත්‍යය. මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ඔස්කාර් වයිල්ඩ් අස්වාභික ලිංගික චර්‍යාවන් නිසා සිර අඩස්සියට යන්නේ එංගලන්තයේ ය. ඊ. ඇම්. ෆෝස්ටර්, මෝරිස් නම් සම ලිංගිකත්වය උද්දීපනය වන අපූරු නවකතාව 1910 දශකයේ ලියා පළ කිරීමට මැලි වෙයි -එය පළ වන්නේ ඔහුගේ ඇවෑමෙන් 1970 දශකයේ ය. මෑතක අකල් ලෙස වියෝ වූ ජෝජ් මයිකල්, සමලිංගිකත්වය ගෙනෙන ගැටළු එම සමයේ විසඳාගත නොහැකිව තම දිවි තොර කර ගත් අම්මාගේ සොයුරා පිළිබඳ My mother had a brother ගිතයේ පවසයි ( අසන්න "Patience - George Michael " ගීත ඇල්බමය, 2004 ); එම යුග දෙක ගැන ගැලපීමක් කරයි. නිමාන්ගේ ඉතිහාසය යනු මේ සියළු දෙනාගේ ඉතිහාසයයි. පසු ගිය වසර 120 ක පමණ කාලය තුල, මිනිසා වඩා විවෘත මනසකින් යුතුව, ප්‍රඥ්ඥාගෝචර ලෙස පමණක් නොව සංවේදී ව ( empathically ), ලෝකය වෙත බලන්නට පුරුදු වීමේ කතාවයි. මෙය අප රට තුල තවමත් සිදුවෙමින් පවතින දෙයක් බව සැබවි. එක්සත් රාජධානිය Brexit ඡන්දයෙන් ඊට පක්ෂව ඡන්ද ලැබීමට, ට්‍රම්ප් ඉතා තියුණු තරඟයකින් පසු ව පමණක් පරාජය ලැබීමත්, මේ රට වල ද මෙම තත්ත්වය ඔවුන් බලාපොරොත්තු වෙන තත්ත්වයට නැති බවට සාක්ෂිය.නවකතාව අවසන් වන විට, කිසිවක් අවසන් නැත. කිම ද සියල්ල තවම සිදුවෙමින් පවති. ජාතිය, ලබ්ධිය, කුලය ආදිය වේගයෙන් යල් පැන ගිය ප්‍රමිතීන් බවට පත් වෙද්දී ( සහ ඒ වෙනුවෙන් කොමියුනිස්ට්වාදය කල මෙහෙවර ගැන පිළිගත යුතු අතර ම ), සමානාත්මතාව පසු කර නිදහස ම උත්තම ය යන කාරණාව පසක් කරලමින් නවකතාව අවසන් වේ. හරාරි, වැදගත් දෙයක් මතු කරයි ( එය ඔහුගේ මුල අදහසක් නොවීමට පුළුවන ). ධනවාදයේ සාර්ථකත්වයට එක හේතුවක්, ධනවාදීන් මාක්ස්වාදය කියවා තම අඩු පාඩු සාදා ගැනීම යන කාරණාවයි. ඔහු එය පවසන්නේ, උපහාසයක් ද සඟවා, "Marx forgot that capitalists know how to read.", ලෙස ය. ඒ අනුව ඉතිහාසය විසින් අද දක්වා ප්‍රගමනයේ දී, මාක්ස්වාදය ඉටු කල ඓතිහාසික කාර්‍යභාරයක් ඇත. දැන් අප ගත කරන්නේ නිදහසේ සහ පැවැත්මේ සූක්ෂම සංවේදිතාව දක්වා ශිෂ්ඨ වන යුගයකයි. එය ද අනාගත නිම්නා ලා බිහි කරනු ඇත. අමරලා ට ඇත්තටම අමරණීය වන තරමට දීර්ඝ ජීවිතයක් ගෙන එන්නට තරම් විද්‍යාව දියුණු වෙමින් පව��ි. ඒ සඳහා පර්යේෂණ දැනටත් සිදුවන්නේ, තරුණ ජවයකින් අවුරුදු 150ක් ජීවත්වීමේ සිහින දැකීම දැනටම ඇරඹී ඇති හෙයිනි. මා අන් කලා කෘති සහ සමාජ දේශපාලන කටයුතු ආශ්‍රයෙන්, මේ නවකතාව ගැන යම් ඉඟිකිරීමක් කලේ, නවකතාව කියවන්න ට සිතා සිටින අයට බාධාවක් නොවෙන අයුරින් ඒ ගැන යමක් කීමට ය.මගේ කියවීම අනුව නම්, හරාරි ගේ ලිවීම්, අප රට පසුගිය අවුරුදු 120 ක සමාජ දේශපාලන ඉතිහාසය සහ වර්තමාන ලංකාව, යන ප්‍රධාන සංඝටක එකතු කොට, ඉතා දක්ෂ ලෙස ගෙතූ වියමනකි, මෙය. යටින් දිවෙන දේශපාලන පණිවුඩය කලා කෘතියට බාධාවක් නොවෙන ලෙස, සියුම් හුයක් ලෙස ගෙන යාමට කතුවරයා මහත් පරිශ්‍රමයක් දරා ඇත. එය කෙතෙරම් සාර්ථක ලෙස කලා ද කිවහොත්, එහි දේශපලාන ප්‍රචාරක බව ඇති-නැති සේය. මා මෙය ඍණාත්මක අර්ථයෙන් නොපවසමි. කැමූ ගේ සහ ඩොස්ටොව්ස්කි ගේ ශ්‍රේෂ්ඨ නවකතා වලද ඔවුන්ගේ සමාජ දේශපාලන අදහස්, සියුම් ලෙස ප්‍රචාරකව ඇත.පොත කියවූ අය, මේ ඔස්සේ යම් සංවාදයකට එක්කාසු වන්නේ නම් වටිනේය.2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 9ශ්‍රේණි ගත කිරීම: *****පළමු/දෙවෙනි මුද්‍රණය - අහසතෙවෙනි මුද්‍රණය - විදර්ශනපොත කියවා අති අය පමණක්, පහත සඳහන් යොමුවේ ඇති පූර්ණ විචාරයට පිවිසෙන්න. ස්පොයිලර්ස් ඇති හෙයින් එම කොටස පොත තවම නොකිය වූ ට නුසුදුසුය:https://me-and-err.blogspot.com/2020/...
Ramindu Thivanka247 reviews5 followersFollowFollowMay 13, 2021අනිවාර්යයෙන්ම කියවිය කතාවකි !කොහෙන් පටන් අරන් මොනා ලියන්නද කියලා තේරෙන්නේ නෑ.මෙලිනෝනා සහ සොලමන් !චාලට් සහ සයිමන් !රමණි සහ අමරනිම්නා සහ අරවින්ද!අද ඔබ කියවන නිම්නාගේ ඉතිහාසය. මේ සෑම අතීත සම්බන්ධයක්ම වර්තමාන නිම්නාට සම්බන්ධයි. දැන හෝ නොදැන ඇය ඒ ජීවන කතාවල කොටස්කාරියකි.මේ පොතෙහි මා කැමතිම කොටසක් ලෙස හැඳින්විය හැකි දෙයක් නම්, රචකයා කතා කරන මේ සෑම අතීත සම්බන්ධයකදීම ඒ ඒ කාලයේ අමතර කතාවන් ගැනද සඳහනක් කරයි. උදාහරණ ලෙස දෙවන ලෝක යුද්ධය, සුනිල් ශාන්ත ඇතුලු ඒ ඒ කාල වල සිදු වූ වැදගත් සිද්ධි හා පුද්ගලයන් ගැනද ඔහු සඳහන් කරයි.මේ සියලු පරම්පරාවන්හි විකාශනය, එකවරම කඩා බිඳ දමන්නේ ඇයයි. 80 දශකයේ අග භාගයේ ඉපදුන ඇය අන් කිසිවකු මුහුණ නොදුන් අත්දැකීම් ලබන අතර ඇය නව ගමනක මුල සටහන් කරයි. ඇයගේ ජීවිතය වටා සිදුවන සිද්ධීන්, සමාජයේ සිදුවන සිදුවීම් රචකයාගේ ඇසින් ඔබට ගෙන එන අතර එය ඔබේ දැනුමෙන් විමසා බලා අර්ථ කථනයක් ලබා ගැනීම ඔබට භාර කර ඇත.නව ලොවක හිනි අරුණලු දෙස බලා හිඳින ඇයගේ අනාගතය කෙබඳු වේද ?
Dilly245 reviews17 followersFollowFollowNovember 2, 2021මෙය ලියන මොහොතේදී මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට තව ඇත්තේ විනාඩි කිහිපයකි. මා නිම්නාගේ ඉතිහාසය කියවා අවසන් කළා පමණි. මට දැනෙන මේ ආහ්ලාදජනක හැඟීම මා ජීවත්වන නැගෙනහිර පළාතේ කුඩා නගරයට කුඩා වැඩිය. මෙය සැමරිය යුත්තේ ආකාස ගොඩනැගිල්ලක ඉහළ මහලක සිටය. මේ වචනයේ පරිසමාප්තියෙන්ම නිම්නාගේ ඉතිහාසයයි. ඒ ඉතිහාසය ඔබ වෙත ගෙන එන්නේ නිම්නාගේ පරම්පරාවේ ස්ත්‍රීන් ය. විවිධ සමාජ සංදර්භයන් තුළ ඒ එක් එක් ස්ත්‍රීන් තමන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම් තම තම නැණ පමණින් ඔබට කියයි. අතීතයේ සිදු වූ එක් එක් සිදුවීම් ඔවුන්ගේ ජීවිත වලට කෙතරම් බලපෑමක් ඇති කර ඇත්දැයි පාඨකයා අවබෝධ කර ගත යුත්තේ ඊට පසු පරම්පරාවල ස්ත්‍රීන්ගේ අත්දැකීම් හා සැසඳීමෙනි. ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතී. නිම්නා හා ඇගේ පරම්පරාවේ ස්ත්‍රීන් මුහුණ දෙන සිදුවීම් චක්‍රාකාර ය. ඇග්නස්ගේ ප්‍රේමය පතන තරුණයන් හා නිම්නාගේ ප්‍රේමය පතන තරුණයන් පරම්පරා දෙකක ය. එහෙත් ඇග්නස් හා නිම්නා ගේ සිතුවිලි හා අත්දැකීම් අඩු වැඩි වශයෙන් සමාන වේ. කතුවරයා කතන්දරය කියන්නේ එක් කාල රාමුවක සිට නොවේ. වර්තමාන කතාව කියමින් සිට ඔහු එක්වරම අතීතයට යයි. අතීත කතාව කියමින් සිට එක්වරම වර්තමානයට එයි. මේ කාල රාමු අතර දෝලනය වෙමින් පාඨකයා කතාව අසා ගත යුතුය. මෙහි එන චරිත රාශියක් අතුරෙන් මා සිත් ගත් චරිතයක් වන්නේ පණ්ඩුක ය. නිම්නාගේ පරම්පරාවේ පුරුෂයෙක් සිය සහෝදරිය අරභයා මුහුණ දෙන අත්දැකීම පණ්ඩුක ද ඊට සමාන ආකාරයකට මුහුණ දෙයි.එහෙත් ඔවුන්ගේ චරිත අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් එකම ආකාරයේද? ඔවුන් දෙදෙනාම එයට ප්‍රතිචාර දක්වන්නේ එක්තරා ආකාරයකින් සමානවය. එහෙත් එය වෙනස් වන්නේ ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ සමාජ තල දෙකක බැවිනි. ඇග්නස් ගේ සොහොයුරාට තම හැඟීම් ප්‍රකාශනය කරන්නට නොතිබූ මාධ්‍යයක් දැන් පණ්ඩුක ට තිබේ. ගරා යකාට මුවා වී සිය සිතුවිලි රිසි සේ ප්‍රකාශ කිරීමට නූතන සමාජය පණ්ඩුක ට අවස්තාවක් ලබා දී ඇත. නිම්නාට හා ඇගේ සමකාලීන මිතුරු මිතුරියන්ට තම ලිංගික අනන්‍යතාව සොයාගැනීම සඳහා සමාජයෙන් හිමිවී ඇති ඉඩකඩ අප විසින් සාකච්ඡා කිරීම වටී. ඇග්නස් හා චාලට් ගේ පරපුරේ සාමාජිකයන්ට නොතිබූ නිදහසක් නිම්නාගේ පරපුරට තිබේ. ලිංගික අනන්‍යතාව හඳුනා ගැනීම ඔවුන්ගේ ජීවිත සඳහා කෙතරම් වැදගත් වූවාද? එමෙන්ම නවකතාවේ කියවෙන පරිදි සමාජ පංතියෙන් ඉහළට යනවිට ලිංගික අනන්‍යතාව හඳුනාගැනීමේ අවස්ථා ප්‍රවේශ විය හැකි (accessible) මට්ටමකට එනවාද? සඟවාගත් ආශාවන් සහිත වූවෝ ජීවත් වූයේ අතීත සමාජයේ පමණක් ද? නිම්නාගේ ඉතිහාසය මා කියවන්නට අරඹා කිහිප විටක් පසෙකින් තැබූ නවකතාවකි. ඒ ගැන පසුතැවීමක් නැත්තේ එය බාධාවකින් තොරව රසවිඳීමට අවකාශයක් ඒ නිසා ලැබුණ බැවිනි. කතුවරයාගේ මුල් නවකතාවත් මේ නවකතාවත් දෙකම සලකන විට කෞෂල්‍ය කුමාරසිංහ මගේ අනිවාර්යයෙන්ම කියවිය යුතු කතුවරුන් ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතුය. Coming-of-age නවකතා සිංහල භාෂාවෙන් ලියවී ඇත්තේ අල්ප වශයෙනි. ස්ත්‍රීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය දකින මේ නවකතාව ඒ අතුරෙන් කියවිය යුතුම නවකතාවක් ලෙස මම දකිමි.
Nilu621 reviews51 followersFollowFollowJanuary 15, 2023නිම්නා 1989 වසරේ උපත ලැබූ සහස්‍ර දැරියකි.ඇගේ දිවිගමන ඔස්සේ ,ඇගේ අතීතාවර්ජන සහ අනාගත සිහින ඔස්සේ , ඇගේ අඩ සිහින සහ පරිපූර්ණ සිහින ඔස්සේ ....අපි පළමුව ලාංකික සමාජය ගැනත් ,දෙවනුව ලෝකය ගැනත්, තෙවනුව විශ්වීය සත්‍යය ගැනත් කියවා ගනිමු....කතාව 1989 සිට 2014 දක්වා ඉදිරියටත්1989 සිට 1900 දක්වා ආපස්සටත් වරින් වර ගමන් කරන්නේ සරල රේඛීයව නොවේ.එය සංයමයෙන් යා යුතු ගමනකි.සුනේත්‍රා රාජකරුණානායක ලියූ මාෂලා මානෙල් ප්‍රනාන්දුගේ ජීවිත කතාවෙන් පසු මට කියවන්නට ලැබුණ හොඳම සමාජ ගවේෂී නව කතාව මෙය යයි හැඳින්විය හැක.සහස්‍ර දරු දැරියන් "නූතන නැතිවූ පරම්පරාවක්" නියෝජනය කරන ආකාරය පොතේ හමුවන චරිත තුලින් දැක ගත හැක.මෙය හුදෙක් නවකතාවක් පමණක් නොව, කියවන්නාගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්ණ කිරීමට පොළඹවන කදිම ලිවීමකි.කියවා අහවරව පොත් කාවුන් සමඟ අදහස් උදහස් හුවමාරු කරගැනීමට අගනා කෘතියකි.එමෙන්ම තවමත් නිමක් නොදුටු කතාවකි.....මන්ද යත් සහස්‍ර දරු දැරියන් තවම තමන් සොයා යන ගමනෙහි යෙදෙන බැවිනි.