Jump to ratings and reviews
Rate this book

රුදු රොන් සුනු

Rate this book

384 pages, Paperback

Published January 1, 2019

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (28%)
4 stars
4 (57%)
3 stars
1 (14%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
March 19, 2022
"ආරියරත්න මහත්තයා, සුභද්‍රාගේ තාත්තා හා යහළුවන් ද අනිකුත් සියල්ලන් ද ඒ මොහොතේ කටයුතු කළ පොදු සම්මුතිය පිළිබඳ නිශ්චිතතාවයක් බොහෝ කලක් ගත වන තුරුත් හරියට ම පැහැදිලි කර ගැනීමට නුවන් අපොහොසත් වුවත්, දැන් ඔහුට ඒ ගැන යම් අදහසක් ඇති කර ගැනීම අසීරු නැත. පිළිගත් යහපත හා අයහපතින් ඔවුන් ඒ මොහොතේ යහපත තෝරා ගන්නට ඇත. ඒ යහපතේ කවචය තුළ ආරක්ෂා වීම උදෙසා ඔවුන්ට ඉතා පහසුවෙන් කළ හැකි වූ දෙය වූයේ හේතු ඇතිව හෝ නැතිව හඳුනා ගත් අපරාධකාරයා වෙනුවෙන් පෙනී සිටීම නොව පිටු දැකීමය. ඔවුහු ඒ දේ කළහ. ප්‍රථිඵලය, ජීවිතයක් කොතෙක් දුර යා ද, එතෙක් දුර දිග ඇදෙන ශාපයක් විය හැකි බව පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව ඔවුහු ඒ දෙය කළහ. ඒ දේ තමන් කරනා බව ඒ මොහොතේ ඔවුන් නොදැන සිටියා විය හැකිය."


1988-1989 යුගය!
විප්ලවකාරී භික්ෂුවක් සමග වූ ඉතා සුළු ඇසුරක් නිසා තම ජීවිතය නොපිට පෙරළාගත් නුවන්!
තම පවුල අභිමුඛ වූ අනේක ආර්ථික අපහසුතා දාඩිය මහන්සියෙන් ජය ගැනීමට තැත් කල නුවන්, එම සුළු සිද්ධියෙන් සියළු දෙනා විසින් මග අරින ලද, පවුලට අපවාද එක්කාසු කල, සිය සහෝදරියන්ගේ විවාහපේක්ෂතා වලට බාධා පැමිණ වු, මහා අපරාධකාරයෙකු බවට සමාජය තීරණය කරයි. ඒ යුගයේ එම දේශපාලන ක්‍රියාකාරීන්ට, එම යුගයෙන් පසුව සමාජයෙන් එවන් බලපෑම් ඇතිවූවා දැයි පෞද්ගලිකව නොදනිතත්, එසේ වීමට ඉඩ තිබූ බව තාර්කික ය; ඒ පෙර උපුටනයෙන් පෙන්වූ අයුරින්, අද තරම් පිටස්තර ලෝකයට විවෘත නොවූ, 'තම ආරක්ෂාව තම අත ම වූ සමාජයක', මිනිසකුගේ නිදහස අවතක්සේරු කල යුගයක, බොහෝ අය ආරක්ෂාකාරී වූ නිසා ය. ඉතින් මේ, නව යොවුන් වියේ එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් නුවන් ගේ කතාවයි. එතැන් පටන් අනේක හැල හැප්පීම බාධක මැද ජීවිතය ගෙන ගොස්, පැරදුම පෙනි පෙනී, සෙල්වා නම් එක් තරුණයෙකු ගේ බලපෑම නිසා ගොඩ ආ නුවන් ගේ කතාවයි. මෙම නවකතාව වූ කලි, කෙසේ හෝ දෙපයින් නැගී සිට, ඔහුගේ ජීවිතාවර්ජනය අප ඉදිරියේ බෙදා හැරීමය.

මෙම නවකතාව එහි සාහිත්‍යය අගය සෙමෙන් ක්ෂාත්ක්ෂාත් කරනාකාරයේ නවකතාවකි. පිටු 387කින් තරමක් දීර්ඝ නවකතාව, කොතැනක හෝ කියවීම උදාසීන කරනා තැන් නොවුනද, වේගයෙන් පිටු පෙරළාගෙන කියවිමට පොළඹවන අවස්ථා ද 2-3 ට වඩා නැත. එහෙත් මෙය සැලකිය යුතු මට්ටමකින් සම්පූර්ණ සාහිත්‍යය නිර්මාණයකැයි පාඨකයාට හැඟෙනාකරයේ නිර්මාණයකි. මෙම නවකතාවේ අනුකතා නැතහොත් අනු-පරිසර ද රැසකි. නුවන් ගේ පාසල් කාලය, ඔහුගේ මුද්‍රණාල ජීවිතය, ඇඹිලිපිටි ජීවිතය, ඉන්ධන පිරවුම්හලේ සේවය කල කාලයේ ජීවිතය, බොනිෆස් අංකක් ආශ්‍රිත මෝදර ජීවිතය ගෙවෙනාකාර විස්තරය, ආදි අනු කොටස් ය, මෙම නවකතාව පෙර කියූ තරමක සම්පූර්ණ බවක් ආරෝපණය කරනුයේ.

ලේඛකයාගේ අනෙක් බොහෝ නවකතාවල සේ ( මා මීට පෙර කියවා තිබුනේ, කාල සර්ප, දෛව, ගරුඩ මුහුර්තය පමණි ), සාමාන්‍ය චරිතයක්, හැලහැප්පීම් මැද තම ජීවිතය ගෙන යාම ඔස්සේ, පාඨක අපට ජීවිතයේ යම් පැතිකඩක පෙන්වා දෙන තවත් අපූරු රචනයකි. මා මීට පෙර ද පවසා ඇති පරිදි, වැලිසරගේ, සිංහල නවකතාවේ සාන්දෘෂ්ඨිකවාදී ඉසවු, එම ලේබලය පිළීබඳ වද නොවී ඉස්මතුකරන්නාක් මෙනි, අප ට දැනෙන්නේ; ( එය ගැන මීට වඩා යමක් කිව හැක්කේ, ඔහුගේ සියළු ප්‍රබන්ධමය නිර්මාණ සමීප කියවීමක යෙදීමෙන් පසුවය. අප ට එවන් කාර්‍යයක් සඳහා ඇවැසි විවේකය අඩුය.)

මෙම නවකතාව අපගේ කැමැත්ත දිනා ගැනීමට දෙවෙනි හේතුවක් වන්නේ තලංගම ආශ්‍රිත ප්‍රදේශය අලලා නිර්මාණය වී තිබීමය. අප තලංගමට පැමිණෙන අවධිය අවන විට, 88-89 කලබල අවසන් ව ද වසර කිහිපයක් ම ගත ව තිබුන ද, මෙම කියනා පෙදෙස් අප හොඳින් ම දන්නා හෙයින් අප ලත් රසය තීව්‍ර වන්නට ඇතැයි සිතමි.

කීර්ති වැලිසරගේ අලුත් නවකතා කියවීමටත්, කාලය ඉඩ දෙන අයුරින් පැරණි නවකතා කියවීම ද, පොළඹවන ආරේ සාර්ථක පැති ගණණාවකින් හෙබි නවකතාවකි.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
July 1, 2021
නුවන්, තවත් එක් අහිංසක තරුණයෙක් !
සමාජයේ සුලි කුණාටුව ට අසුවී තැනකින් තවත් තැනකට විසි වී යන ඔහු අන් සියලු දෙනා මෙන් එම සමාජයේම එල්ලී ඉන් ගොඩ යාමට දැඩි වෙහෙසක් දරයි.
අප අවට සිදුවන සෑම දෙයකම පාලනය අපට නැත්තා සේම, එයින් අපට සිදුවන හානිය කොතරම් වේද යත්, එය අපට නිවැරදි කල නොහැකි තරමට විසල් විය හැක.

80 දශකයේ අග භාගයේ සිදුවන දේශපාලන, සමාජ හැල හැප්පීම් වලින් තැලෙන පොඩිවන අහිංසක ගැමි තරුණයෙකුගේ කතාවකි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.