Jump to ratings and reviews
Rate this book

12.12.12

Rate this book
ලොව සුන්දරතම නගරය
දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක,
නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය.
ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය.
බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

මිනීමරුවා පලපුරුදු අයෙකි.
පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ
පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස
සියක් ආකාරයෙන් බැලූහ.
හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසදා ගත යුතු ය.

එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි.
පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාව ඔවුහු පැටලී සිටියහ.

424 pages, Hardcover

First published June 15, 2019

95 people are currently reading
1159 people want to read

About the author

Manjula Senaratne

10 books106 followers
මංජුල සේනාරත්න (Sinhala)

Manjula Senaratne is a prominent Sri Lankan author known for his diverse literary contributions. He began his writing career at the young age of 18 as a feature writer for the "Tharunaya" newspaper. A year later, he became the sports editor for the "Lankadeepa" newspaper, making him one of the youngest journalists in the media industry at that time.

Senaratne's works often explore themes of love, human relationships, and their complexities. He has written several popular books, including "12.12.12," a detective and mystery thriller that gained significant popularity. Other notable works include "Bureau," "Rosa Maligave Manusaththu," and "Priya Samaga Iridawak," which span genres from romance to suspense.

Despite moving to Paris, Senaratne continued his literary pursuits, editing a monthly magazine named "Kawula". His storytelling is known for its depth and the intricate portrayal of human emotions and interactions.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
217 (46%)
4 stars
120 (25%)
3 stars
45 (9%)
2 stars
13 (2%)
1 star
73 (15%)
Displaying 1 - 30 of 50 reviews
1 review
January 22, 2021
Terrible book. A pure waste of money. Won't recommend it to anyone.
1 review
February 24, 2020
[ Spoiler Alert ]

සෝෂල් මීඩියා වල තිබ්බ හයිප් එක නිසා පොත ගත්තත් පොත එක්ස්පෙක්ටේෂන්ස් මීට් කරේ නෑ. ඒ කියන්නෙ හිතපු තරම් රසවත් බවක් තිබ්බේ නෑ කතාවෙ. මම පෞද්ගලිකව ගොඩක් සිනමා නිර්මාණ බලල තියෙන / බලන කෙනෙක් හැම ශානරයකම වගේ. ඒ නිසා ත්‍රිලර් ගත්තත් වෙනත් ශානරයක් ගත්තත් විවිධ වර්ගයේ ඉතා විශාල පරාසයක පැතිරුණු කතන්දර / සංකල්ප ප්‍රමාණයකට මාව එක්ස්පෝස් වෙලා තිබීම කතාව ගැන මගේ එක්ස්පෙක්ටේෂන්ස් ඉහළ යන්නත්, ඒ මට්ටමට නැති උනාම පොත ඉන්ටෙරෙස්ටින් අඩු ස්වභාවයක් තේරෙන්නත් හේතු වෙන්න ඇති. ඒ වගේ විශාල වශයෙන් චිත්‍රපටි, පොත පත ඇසුරු කරන්නෙ නැති කෙනෙක්ට මේ පොතේ රසය මට වඩා දැනෙන්න ඉඩ තියෙනව. සරලව මේ පොත කියවල ඉවර වෙද්දි ‘ වෝව් !!! ‘ ෆීලින්ග් එකක් මට ආවෙ නෑ !

කතාවෙ අඩු පාඩු කියල කියන්න පුළුවන්, එහෙමත් නැත්තන් ලේඛකය තමන්ගෙ ඊළඟ ත්‍රිලර් එක ලියද්දි හදා ගන්න ඕන කියල යෝජනා කරන්න පුළුවන් දේවල් කිහිපයක් පොත ඇසුරෙන් මට අනුව පෙන්නල දෙන්න පුළුවන්. මේ පොත කියවද්දි මට හිතුන දෙයක් තමයි රචකය ප්‍රංශ පොලීසිය, එම නිලධාරීන් සහ ඒ ආශ්‍රිත ආයතන ගැන අතිශයෝක්තියකින් කියනවද කියන එක. සත්‍ය ලෝකයෙදි ඒක ඇත්තටම එහෙමද දන්නෙත් නෑ. නමුත් විශේෂයෙන් පොත පුරාවට තියෙන කපිතාන් ලුවී ගැරෝන්ගෙ නතාලි ගැන වර්ණනාව ඕනවට වඩා වැඩියි කියලයි මට හිතෙන්නෙ. කතාවෙ රසයට ඒක බාධාවක්. අනික තමයි කතාව පුරාවට තියෙන දෙබස් රසවත් නෑ. කියවන්න කම්මැලී. ත්‍රිලර් එකක් උනාම දෙබස් වල සිනමාත්මක ගතිය මීට වඩා අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕන. පාටකයෙක් පොතක මුල ඉදන් අගට යන ගමනෙ, ආයාසයකින් තොරව, ඝර්ෂණයකින් තොරව පාටකයව ඉස්සරහට ලිස්සල යවන කොටස් තමයි දෙබස්. ඒව රසවත් නැත්තන් කතාවක් ඉස්සරහට කියවන්න හිතෙන්නෙ නෑ. රචකය මේ දෙබස් නිර්මාණය කරද්දි සමහර තැන් වලදි ඒවයෙ ආකෘතිය ගැන ප්‍රශ්නයකට මැදි වෙලා තියෙන බවක් හැඟෙනව. බටහිර ජාතීන් දෙදෙනෙක් කතා කරනකොට දෙබස් ඇති වෙන විදිහයි, ශ්‍රී ලාංකිකයො දෙන්නෙක් කතා කරනකොට දෙබස් ඇති වෙන විදිහයි යම් යම් තැන් වල පටලවාගෙන තියෙන බවක් මට නම් දැනුන. සමස්තයක් ලෙස කතාව ගලා යද්දි ගූස් බම්ප්ස් එන තැන් සෑහෙන අඩුයි. ත්‍රිලර් කියන්නෙ වෙනත් වචන වලින් ගූස්බම්ප්ස් !
කතාවෙ අවසානය ගැන, අවසානය දක්වාම කියවන්නට තීරණයක් ගන්න නොදී හිර කරගෙන ඉන්න රචකය සමත් වෙලා තියෙනව. අන්තිමට පොඩි ප්ලොට් ට්විස්ට් එකක් තිබ්බත් ඒ ප්ලොට් ට්විස්ට් එකට අදාළ කොටස පවර්ෆුල් මදී කියලයි මට නම් හිතුනෙ. මට පොත පුරාවට ලේඛකයගෙ ලේඛන ශෛලියෙ පොඩි අන්ප්රොෆෙෂනල් ගතියක් දැනුන. කන්සිස්ටන්සි එක අවුල් යන තැන් තිබ්බ.
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
October 7, 2019
මම ඉංග්‍රීසි ත්‍රාසජනක හෝ රහස් පරීක්ෂක කතා කියවීම, නොසිතාම නවත්වා පාලොස් වසරකට ආසන්න විය යුතුය. සිංහල ත්‍රාස ජනක නවකතාවක් මතකයට නැගෙන්නේ ම නැති තරම් ය ( තරමක් හෝ මතකයට නැගෙන්නේ සුසිත රුවන්ගේ "රාවනා අඩවිය" යි ). මෑතක නිමා වූ පොත් සල්පිලේ වැඩියෙන්ම විකිනුණා යැයි ද, කියවූ සැමදෙනා ගේ ම පාහේ මහත ඇගයීමට පාත්‍ර වූ ද, මෙම නවකතාව මා අතට පත් වන්නේ සිකුරාදා හවසය. සාමාන්‍යයෙන් නිවෙසෙ අනෙක් වගකිම් සහිත සති අන්තයක, පැහ 48ට අඩු කාඅල්යකින් මේ පොත කියවා හමාර කලේ, මීට වසර 20 ට -25 ට පමණ පෙර අප පසු කල මැරතන් කියවීම් යුගය මතක් කරමිනි. සාහිත්‍යය දෙයාකාරය - මා සාමාන්‍යයෙන් වඩා ප්‍රිය සාහිත්‍යය සීඝ්‍රයෙන් කියවීම ඉන් යම් රසාස්වාදයන් උකහා ගැනීමට බාධාවක් යැයි සිතමි. එහෙත් මෙවන් ත්‍රාස ජනක නිර්මාණ කියවීමේ අන් මගක් නැත. එසේ කියවීමට උත්ප්‍රේකය සපයන්නේ කතුවරයාගේ නිර්මාණ විධියයි. මංජුල ඒ කාර්‍යය අති සාර්ථකව ඉටු කොට ඇත. කෘතියේ 80% ඔබ්බට යනතෙක් සියුම් චිකිත්සාවක් කරන්නා සේ, නැතහොත් ඉතා පැහැදිලිව දීර්ඝ ගණිත ගැටළුවක් විසඳන්නා සේ අපේ කතුවරයා තම නිර්මාණැය ඉදිර්යට ගෙන ගොස් ඇත්තේ කිසිදු දොසක් කීමට ඉඩක් නැති අයුරිනි. සිදුවීම් සිදුවන්නේ වේගයෙනි, එහෙත් සූක්ෂම සැලැස්මක් අනුව ය. එලෙසම අප කතුවරයා සූක්ෂම ලෙස සිතා හිඩැසක් ඇති නොවෙනාකාරයෙන් එම සිදුවීම් පැහැදිලි කරයි. මට පෞද්ගලිකව, කියවමින් සිටි අන් පොත් හතරකට මද විරාමයක් තබා, මෙය කියවීම පිළිබඳ පසුතැවිල්ලක් ඇති නොවෙනාකාරයෙන් නවකතාව ඉදිරියට ඇදී ගියේය.

කතුවරයා නවකතාව අවසානය පෙනි පෙනී, අංශ 90ක ට වැඩි හැරවුමක් ඔස්සේ ලිංගිකත්වයේ සහ මනෝ විද්‍යාවේ සියුම් අවසරයකින් නවකතාව වෙනතකට හරවයි. මේ පොත ගැන අප මිතුරු මිතුරියන් පසු ගිය සිකුරාදා කතා කරද්දි, මෙය කියවා තිබූ එක් අයෙක් මෙහි අවසානය ගැන විශාල පැහැදීමක් නැති බව පැවසීය. මට සිතුනේ අප නිර්මාණකරුවාට ඇවැසි වුවේ ද මෙම "දෑස රැවටීම" මතු කරලීම බවකි. එම කොටසේ පෙර කොටස් වල තිබූ සූක්ෂම නිරීක්ෂණ නැති බව සත්‍යයකි. කතුවරයා එම "වෙට්ටුව" දැමීම උදෙසා එවන් පිලිවෙතක් පාවිච්චි කරලීම සිතා ගත හැකිය.

කෘතියේ මා සිත් නොගත් කොටසක් වෙතොත් ඒ "අපේක්ෂිත" අපරාධකරුවා ගේ අත් අඩංගුවට ගැනීමය. එම කොටස නවකතාවකට වඩා රූපවාහිනි රහස් පරීක්ෂක නැතහොත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියකට ගැලපෙනාකාරයෙන්ය. එතෙක් සුක්ෂම ක්‍රියාදාමයන් හර්කියුල් පොයිරෝ කෙනෙකුගේ මනසක් මතක‍යට නංවයි.

කතුවරයා නතාලි මුනියේ චරිතය ඉතා සාර්ථකව ගොඩ නගා ඇත. තම රැකියාව වෙනුවෙන් සියල්ල කැප කරන වෘත්තිකයන් පෙන්වා දී ඇති අයුරු අපූරුය. මුනියේ සහ දොස්තර ඉමාන් ගේ සමුගැනීම ද ඉතා සංවේදි ලෙස ගොඩ නැගීමට කතුවරයා සමත් ව ඇත. මෙහි එන ප්‍රධාන චරිත කිහිප දෙනෙකුට ලැබෙන අවසානය මට මතක් කලේ සිඩ්නි ෂෙල්ඩන්ගේ "Rage of Angels" නවකතාවයි. මට සිතුනේ සොෆී ලුග්‍රෝන්ද් චරිතය යම් අයුරකින් මීට වඩා සියුම් නිරීක්ෂණයක් පාඨකයා ට ලබා දුන්නේ නම්, නවකතාව ට තවත් මානයක ත්‍රාසයක්, රසයක් අති කර ගත් තිබූ බවකි ( ඇය ගැන බොහෝ විස්තර මෙහි ඇත. එහෙත් ඇය සුවිශේෂි චරිතයකි ඈ ට තවත් පණ පොවන්න අවකාශ තිබිණි )

සමස්තයක් ලෙස කිවහොත්, ඉතා සාර්ථක, පාඨකයා ඇඳ බැඳ තබනාකාරයේ ශූර ගෙත්තමකි, ලිවීමකි ; ඇත්තෙන්ම වැඩකි ! මංජුල, ඔබ ගේ නිර්මාණය අපූරුය. ජයෙන් ජය! කතුවරයා පොත හඳුන්වා දී ඇත්තේ "A Perfect Suspense Thriller" යනුවෙනි. ඔවු, ඔහු යම් දුරකට මෙහි තමා තෝරා ගත් ශානරයේ perfection ( පරිසමාප්තිය ) වෙත ලඟා වී ඇත.
Profile Image for Dilly.
249 reviews16 followers
August 28, 2019
අතට ගත්තාම බිමින් තියන්නේ නැතුව එක දිගටම කියවාගෙන යා හැකි නවකතාවක්. යම් විස්තරාත්මක පැහැදිලි කිරීම් තියෙන තැන්වලදි යම් කම්මැලිකමක් දැනුනා. ඒත් ඒක කියවාගෙන යාමට බාධාවක් වුනේ නැහැ.

කතුවරයා චරිත වල සමාජ සම්බන්ධතා නිරූපණය කරලා තියෙන විදියට මම කැමතියි. යම් චරිත වල (නම් සඳහන් නොකරන්නේ spoil නොවීම පිණිස) හුදෙකලා බව විස්තර කරලා තියෙන විදිය හරිම අපූරුයි. ආයාසයෙන් තොරව චරිත ලක්ෂණ හොඳින් ඒ චරිත වලට ඔබ්බවා තිබුණා.

කතාවේ අවසානය unexpected නැහැ. ඒත් ක්‍රෑරයි සහ cold blooded. ඒ නිසා කතාවේ අවසානය හිතට දැනුනා.

මේ හැම හොඳ දෙයකින්ම පස්සේ වුණත් සමස්තයක් වශයෙන් ගත්තම කතාවේ යම් අසම්පූර්ණ ගතියක් දැනුනා. ඒ දීර්ඝ කාලයක් තිස්සේ අබිරහස් සහ thriller වර්ගයේ කතා කියවීම නිසා දැනුනු දෙයක් වෙන්න���් පුළුවන්.

කොහොම වුණත් මගේ ඇගයීම තරු 4ක්. සිංහල භාෂාවෙන් මෙවැනි කෘති ලියවීම ඉතාම සතුටට කාරණයක් වීමත් ඒ ඇගයීමට හේතුවක් වෙන්නත් පුළුවන්.
Profile Image for Nilakshi Bandara.
146 reviews16 followers
August 5, 2019
12.12.12 -මංජුල සේනාරත්න මහතා

ලාංකීය සාහිත්‍ය ලොව ස්වතන්ත්‍ර අභිරහස් නව කතා රචකයින් අතර භද්‍රජි මහින්ද ජයතිලක මහතා, අනුර දිසානායක මහතා වැනි දක්ෂ ලේඛකයින් මුල් තැන ගන්නා අතර එම ලේඛන සාහිත්‍යට පෑයූ අපුර්වතම තාරකාව වන්නෙ
මංජුල සේනාරත්න මහතාය.

මුලින්ම මෙම කෘතියෙහි පුර්ව ප්‍රචාරක පටය නැරඹු අතර එම කෙටි වීඩියෝව කුතුහලය සිතට නැංවූ කෙටි චිත්‍රපටයක් ලෙස දැනුණ අතර එය ඉතාමත් ගුණාත්මක බවින් යුක්තය.පැරිසියේ ජිවත් වෙන මෙම අපුර්ව කතුවරයා මෙම රහස් පරීක්ෂක කෘතියට පාදක කර ගන්නේද සීතල දෙසැම්බරයක පැරිසියේ සිදුවූ අනුවේදනීය සිදුවීමකි.

සුන්දර වුද අහිංසක කාන්තාවක සහ දරුවකුගේ බිහිසුණු මරණයකින් ලොව සුන්දරතම ප්‍රේමයේ නගරයම කැළඹී ගියේය.මෙම මරණයේ විශේෂත්වය වනුයේ මිනීමැරුම පිළිබඳව කිසිම හෝඩුවාවක් මිනීමරුවා විසින් ඉතුරු කර නොතිබීමයි.අඩුම තරමේ ඇඟිලි සලකුණක් වත්.ෂර්ලොක් හොල්ම්ස් වැනි වූ දක්ෂතම පොලිස් පරීක්ෂක වරියක වූ මදාම් නතාලි මුණේ යනු මෙවැනි අපරාධයන් රැසක් විමර්ශනය කරන ලද තැනැත්තියකි. නමුදු මදම් ඇතුළු පැරිස් අපරාධ විමර්ශන කණ්ඩායමට මෙම අපරාධය අගක් මුලක් සොයා ගත නොහැකි උබතොකොටික ගැටළුවක් විය.ඔවුන්ට ඉතිරිව තිබුනේ දින කීපයකි.මන්ද මෙම මිනීමරුවා එතරම් සුක්ෂමව මෙම මිනි මරුම සිදු කර තිබුණි,.

පාඨක සිත පොත අවසානය වන තෙක්ම කුතුහලයෙන් පොත වෙතම රඳවා ගැනීමේ හැකියාවක් සහිත වූ මෙම කතාවේ ආකෘතියද ඉතාමත් සැලසුම් සහගත ව ගොඩ නැගු ආකෘතියක් වේ.මෙම කතාව රචනා කිරීමේදී එම කතාවට පාදක වූ ස්ථානයන් පිලිබඳ මනා ගවේෂණයකින් යුක්තව යොදාගෙන තිබීම සුවිශේෂි ලක්ෂණයක් වේ.මම කියවූ රහස් පරීක්ෂක කෘතීන් අතරින් සාර්ථකම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය.මන්ද එතරම් රසවත් ,සිත් ඇඳ බැඳ ගන්නා සුළුවූ රසවත් ලේඛන ශෛලියක් හෙබි මංජුල සේනාරත්නයන් චිත්‍රපටයක් බලනවා යන හැඟීම පාඨක සිතට දෙමින් චිත්ත රුප මවමින් මෙම කෘතිය රචනා කර තිබීමයි.

කතාව ආරම්භයේදී අප තබා සිටින නිගමනයන් කතාවේ අවසාන භාගය වන විට වෙනමම ලෝකයක අපව අතරමන් කරවයි.ලාංකීය සාහිත්‍ය කලාවේ නවමු මානයකට මෙම කතාව හරවන ලද අතර නවමු ලක්ෂයකට ගෙන යයි.පොත් කියවීමට අකමැති වූ අභිරහස් චිත්‍රපට වලට පමණක් ලං වූ පිරිසක් කියවීමට ඇබ්බැහි කරවීමට මෙවැනි පොත් උපයුක්ත කර ගත හැකිවීම සුවිශේෂී වේ.වචන්ර්ථයෙන් ගත් කල 12.12.12 හෙවත් කල්පනා මැරූ සීතල දෙසැම්බරය ඉතාමත් විශිෂ්ඨ ඝනයේ ත්‍රිලර් නව කතාවක් ලෙස හඳුන්වා නොදුන්නොත් එය මෙම පොතට මෙන්ම කතෘ තුමාටද කරන අසාධාරණයක් ලෙස මට හැඟීමක් ඇති වේ.

සංකීර්ණ මිනිස් සිතේ ඇතිවන චිත්ත වේගයන් සහ සංකුලතා පිලිබඳ මනා අවබෝධයකින් මෙම චරිතයන් රචකයා විසින් හැඩගස්වා තිබීම මෙහි දක්නට ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.මිනිසුන් තම ජිවිත අභිමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා මෙතරම් විසල් අපරාධයන් සිදු කරනවාද යන සැකය සිතේ ඇති වුනි.එය සිතට ගෙන ආවේ පිළිකුල් සහගත පුදුමයකි. මෙම කතාව රචනා කිරීමේදී රචකයා විසින් සිදුවන සිදුවීම් කොටසින් කොටස ගලපමින් ප්‍රංශ සමාජයේ ඇති නීති පිළිබඳව, පොලිස් විමර්ශනයන් පිලිබඳ සහ පොලිස් ස්ථනයේ ආකෘතිය පිලිබඳ වූ මනා වැටහීමකින් යුතුව ,එමෙන්ම එහි අපරාධ විමර්ශනයන් පිලිබඳ පැරිස් පොලිස් නිලධාරින් විසින් අනුගමනය කරන්නාවූ විශ්ලේෂණයන් සහ නිගමනයන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවීම මෙම කතාවේ සාර්ථක භාවයට ප්‍රධානම හේතුව වේ.

එමෙන්ම වර්තමානයේදී බොහෝ විදේශ රටවලදී අපරාධකරුවන් සොයා ගැනීමට භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලියක් වූ රොබෝ පින්තුර ඇඳීමේ ක්‍රියාවලිය හෙවත් Facial Composite ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සියුම්වූ හෝඩුවාවන් ඔස්සේ හඹා යමින් සිදුකරන ලද මෙම දැවැන්ත ක්‍රියාදාමය දින 9ක් ඔස්සේ සිදුකරමින් සිදු කරන්නාවූ සුවිශේෂී පරීක්ෂණය පිලිබඳ දැනුමකුත් ලබා දෙමින් 12.12.12 නව කතාව රචනයට පාත්‍ර කර තිබීම වඩාත්ම විශේෂ වේ.එලෙසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වූ නතාලි ඇතුළු ව භාතියගේ , සොෆි , මර්වාන් යන සියල්ලන්ගේම චරිත ලක්ෂණයන් මනාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ විවිධාකාර වූ මනෝභාවයන් උද්දීපනය කරමින් මෙම සියලු චරිතයන් ගොඩ නඟා තිබේ.

පොත කියවා අවසන් වුවත් සිදුවුනේ කුමක්ද යන්න සිතා ගත නොහැකි තරමට කුතුහලය අදටත් සිතේ ලැඟුම් ගෙන තිබෙන හැඟීමකි. ආදරණිය කාන්තාවකුත් කුඩා දරුවකුත් අමානුෂික ලෙස ඝාතනය කිරීමට තරම් මිනිස් සිතක් දරුණු විය හැකිද?මෙතැන් සිට පොත කියවීම ඔබට බාර කරමින් මෙම සටහන අවසන් කරමි.

මංජුල සේනාරත්නයන් විසින් රචනයට පාත්‍ර කරන ලද කල්පනා මැරූ සීත ය නිසැකවම සම්මානයට පාත්‍ර විය යුතු කෘතියක් බව මා ඇතුළු මෙම කතාව රසවිඳි සියලුම පාඨකයන්ගේ අදහස වේ.ඉතින් සොයුර ලාංකීය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා තවත් මෙවැනි අපුරුවතම කෘතීන් රැසක් බිහි කිරීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා යන්න ප්‍රර්ථනා කරමි! නිර්මාණකරණයෙන් දිගු ගමනක් යාමට මේ තැබූ නවමු ලක්ෂය ඔබට තව තවත් පිටුවහලක් වේවා!

12.12.12
රචනය - මංජුල සේනාරත්නයන්
ප්‍රකාශක - මියුසස් ප්‍රකාශන ආයතනය
රු 1000

නිලක්ෂි බණ්ඩාර
05/08/2019
Profile Image for Sha Danthanarayana.
8 reviews4 followers
October 7, 2019
12.12.12

පසුගිය දින කීපයේ සමාජ මාධ්‍යය තුල වඩාත්ම කතාබහට ලක්වූ සිංහල ප්‍රබන්ධය කීවොත් නිවරදිය. සිංහල නවකතා නැත්නම් ප්‍රබන්ධයන් හි එතරම් සුලබ නොවන ශානරයකට වර්ගීකරණයවූ මෙම පොතෙහි කවරයේ දක්වා ඇති ආකාරයටම කුතුහලයෙන් පරිපූර්ණ කතාවකි. ලංකාව තුල බොහෝවිට මේ ආකාරයේ නවකතා අපට දකින්න ලැබෙන්නෙ යොවුන් නවකතා ලෙසය. නමුත් මෙය ඊට හත්පසින්ම වෙනස්ව විධිමත්ව කරුණු රැස්කර පාඨකයා වෙත කුතුහලය දනවන ආකාරයට ප්‍රබන්ධයේ ආකෘතිය ගොඩනැගූ කෘතියකි. කෘතියේ සාර්ථකත්වයේ ප්‍රධානතම සාධකය ලේඛකයා සිදු කර ඇති පසුබිම් විමර්ශණයයි. පොලිස් විමර්ශණයන්ගේ ස්වභාවය, මිනිස් සිතේ සංකීර්ණ මනෝභාවයන් සහ අපරාධකරුවන්ගේ විධික්‍රම ගැන මනා අවබෝධයකින් කෘතිය රචනා කිරීමට ප්‍රවේශ වී ඇති බව පැහැදිලිවම පෙනීයන කරුණකි. ලංකාව තුල මේ ආකාරයේ බොහෝ ප්‍රබන්ධයන් අසාර්ථක වීමටත්, මෙවැනි සංකීර්ණ විස්තර ඇතුලත් ප්‍රබන්ධයන් බිහිනොවීමට හේතුවත් පසුබිම් විමර්ශණයන්ට වැඩි අවධානයක් යොමු නොකිරීමයි.
කෘතියේ දකින අනෙක් වැදගත් ලක්ෂණය ප්‍රධාන චරිත කිහිපයේම මනෝභාවයන් මනා ලෙස චිත්‍රණය වන ආකරයට චරිත ස්වභාවයන් ගොඩනගා තිබීමයි. පොලිස් පරීක්ෂකවරිය, සහයක නිළධාරීන්, අපරාධකරු යන මේ සෑම දෙනාගේම සිතුවිලි පාඨකයා හමුවේ ගෙන හැර දැක්වීමට කතුවරය කටයුතු කර තිබෙනවා. ප්‍රධාන කතාවෙන් පරිභාහිරව ප්‍රධාන චරිතයන්ගේ ජීවිතවල අතුරු සිදුවීම් ඇතුලත් කරමින් ප්‍රබන්ධය වඩා ශක්තිමත් වියමනක් බවට පත් කර තිබීමද කැපීපෙනෙන ලක්ෂණයකි.
ලංකාව තුල ලියැවෙන අපි දකින සමාජයෙන් බැහැර ව්දෙස් රටක සිදුවූ සිදුව්මක් ලෙස අප හමුවේ දිග හැරෙන මෙම කතාවේ Thriller නැත්නම් Crime Thrille නවකතාවක සිදුවිය යුතු පරිද්දෙන්ම පාඨකයාට ලෙහෙසියෙන් අනුමාන කල නොහැකි ආකාරයෙන් කතාවේ අවසානය නිමවා තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු මේ ආකාරයේ කතා රාශියක් කියවා ඇති අයෙකුට වුවද මෙහි අවසානය පහසුවෙන් අනුමාන කිරීමට නොහැක��වනවාට සැක නැත.
මෑත කාලීනව විශාල ජන්ප්‍රියත්වයක් ලබාගත් චේතාන් භගත්ගේ Girl in Room 105 ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තැබිය හැකිවාක් මෙන්ම, The Silent Patient වැනි කෘතියක මට්ටමට මෙය ඔසවා තැබිය හැක. යම් හෙයකින් මෙය ඉංග්‍රීසියට පරිවර්තනය වුවහොත් ලොව පුරා පාඨකයන් අතර ජනප්‍රිය වීමට බොහෝ ඉඩක් ඇත.
සිංහලයෙන් කියවන පාඨකයාට අලුත් අත්දැකීමක් එක් කරන මේ ආකාරයේ කෘති තවදුරටත් ලේඛකයා අතින් නිමැවේයැයි බලාපොරොත්තු වෙමු.
Profile Image for Chapa.
32 reviews6 followers
January 1, 2021
Definitely one of the best thrillers/detective stories I have read, written by a Sinhala writer. The story was a page turner, and the author had invested significant efforts into building context and characters. Highly recommended!
Profile Image for Mevuni Mendis.
29 reviews2 followers
November 3, 2022
I read this book twice. Although it felt like a mind-boggling plot twist at the first reading, the impression drastically dropped when I read for the second time.

It is indeed nice to see a Sri Lankan novel at this level, and I should definitely praise the effort the writer has put into explaining the procedures and techniques used in investigations. Also, the story flow is really good, although it’s factually lacking.

Spoilers…

Although the truth is revealed at the end, in the first couple of chapters it mentions that Bhathiya is thinking why his son has not gone to school, why Kalpana is not answering the phone, and constantly thinks how he didn’t kill his wife or son. So it feels like the author deliberately tries to misguide the reader when the story is narrated by Bhathiya, the main accused.

And it’s hard to think that the French Police Forensics and their autopsy procedures are flawed to the level to stop the investigation merely from a visual inspection and ‘assume’ that the woman was indeed killed by a throat slit. Even if the initial judgement is that, wouldn’t they proceed any other kinds of tests or rigor mortis to determine the time of death? If so, how can Dr. Pathang determine Kalpana was killed at 3:30am when it was actually at least 2-3 hours beforehand?

Also, how can Inspector Natalie be so sure of the exact location of the serial killer just by looking at some drawings of the contractor? Yes, it’s mentioned as a hunch but I find it a bit hard to accept.

So, it feels like the book is factually lacking when it comes to the authenticity. It’s a good read, but could have been better.
This entire review has been hidden because of spoilers.
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
September 26, 2021
As mentioned on the cover of the book, this is a real suspense thriller. Two horrific murders in cold-frozen Paris. The CID continues to find loose evidence. What was the cause of the event that connected Sri Lanka and France? Will the police be able to catch the killer? 12.12.12 can be read with curiosity until the end. More such works of the new generation should be added to Sinhala literature.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
December 21, 2025
සත්‍ය කතාව ක් ඇසුරෙන් ලියැවෙන නවකතාව කි.
ප්‍රංශයේ 2012 වර්ශයේ සිදුවන, ඉතාම සූක්ෂම මිනීමැරුම් දෙකක සුලමුල සොයාගැනීමට පොලිසිය විසින් දියත් කරන මෙහෙයුමට අදාල තොරතුරු, පාඨකයා ට කුතුහලය දනවන, අගක් මුලක් සොයාගත නොහැකි කතාවක දිග පලල සොයා ගන්නා ආකාරයත්, අවසානයේ කවුරු ත් නොසිතූ ලෙසට කතාව වෙනස් වන ආකාරයත් thriller කතාවකට මනාව ගැලපේ.
Profile Image for Shashanka Rajapakshe.
134 reviews3 followers
December 5, 2019
I finished reading this book in a one sitting and it was really entertaining. However, due to someone's post in a fb group the story was spoiled for me. Due to one sentence of her post I knew who was the murderer even before I opened the book. All I didn't know was how and why it happened. So I think that pre knowledge of the murderer's identity sort of ruined the excitement for me. Nevertheless I enjoyed reading and looking for clues in the story. First of all I'm so grateful for the author for writing something in a different style and nature. We rarely get these sort of well developed crime novels in sinhala. I actually as a habit don't read much sinhala novels but this book changed that. I'm looking forward to read more from him and I hope he will become that sinhala author whose books I will buy despite the story because of his unique style. The plot of the book is a cliché but he was able to turn it into something unique. It was absolutely wonderful to run along with Paris Police to solve the murder. However, there are few things I wished if presented differently. One thing is the plot twist. In some stories plot twist comes at the very end of the story and in some in comes in the middle. It's the earlier scenario with this novel. But I wished if the plot twist appeared a little earlier than the last couple of pages. Also the portrait of the emotional aspect of the murderer was sort of a let down. Because I expected a bit more calculated and ruthlessness from the murder. Because the murder committed was not a sudden decision. It was premeditated. So the aftermath was definitely expected and I can't believe the murderer didn't have the proper mental capacity to grasp it and adapt to it. Well despite that the story was really good and I recommend this to anyone who wants to read a good crime mystery.
Profile Image for Nilu.
624 reviews52 followers
November 27, 2019
3.5 Stars

A wonderful page turner about a double murder and a detective’s relentless search for the murderer.

The plot twist at the end wasn’t so convincing. The author has incorporated a medical essay in to the narrative and also an eye roll worthy incompetence from a forensic doctor to support the twist.

Enjoyed 80 percent of the story without a hitch and can claim the book is not a waste of time and money.
Profile Image for Shamila.
96 reviews48 followers
November 24, 2024
Did not have high hopes for this since the hype created on social media for 99% the any product in general overstates the facts, but was pleasantly surprised by the time I finished reading.

For a crime thriller written by a Sri Lankan author, 12.12.12 deserves praise for the worldbuilding, how believable and immersive the setting and story are, and the twists and turns in the plot that are able to keep the reader hooked until the end. Would not want to say I am an expert on the genre but I did see the final twist coming by the time I was done with about 80% of the story; which did not really affect the overall experience that much, but was ultimately predictable.

Most of the main characters were very well written, but personally felt that Sophie could have benefitted from more involvement with the rest of the characters, rather then being "reported on" per se, since the final twist and premise with crimes of passion and criminal psychology depends quite heavily on her characterization. This also relates to the feeling that the final twist did not land as much as shocking and ruthless as it was supposed to.

The narration and the language was quite inconsistent throughout, though it was not off-putting. There were chapters and expressions that were very well written, but there were also a lot of instances where it was evident that the sentence structure and the scene were originally conceptualized in a different language but finally expressed in Sinhala. This is mostly evident in dialogues involving the investigation and interactions occurring between characters of different nationalities. There were more than a couple of factual inconsistencies in the details of dates of certain incidents and the names involving some locations and characters, where most were obvious typos but were hard to ignore since they were frequent.

A thoroughly enjoyable read overall and sets the bar high for crime thrillers written in Sinhala with a complicated plot and well established characters that are set in a foreign landscape, but there is a lot of room for improvement as well. Quite excited to check out the next installments.
Profile Image for Chanuki Ranasinghe.
218 reviews40 followers
February 23, 2025
Took awhile to finish but liked the story. However the sorry first gives you hint about the murderer then tries to show it like it was someone else. The ending was predictable but, the story is written nicely. Looking forward to read the next.
Profile Image for Happy Rose.
9 reviews8 followers
October 29, 2019
Author is very talented. No doubt about that. But i want to say few things.
- Natalie didn't ask questions from Bhathiya when he's arrested. As i remembered he was in police during 3 or 4 days. It is something hard to believe that police will do and it made me to suspect Bhathiya is the murderer.
- Natalie keep saying Bhathiya can't be the murderer without even ask questions from him and she keeps saying it may done by a professional killer. That made me more suspicious about Bhathiya and i surprised why author keep doing that.
Because i had read lots of translated detective and thrillers. They never do that. They always let the reader to be confused without giving direct hints by the author. If author try to protect someone, definitely he's the bad guy.
And the other thing is, there was huge part about the police building. Why?
And about the software that draw suspects faces. I don't think, it should describe that much.

There's best parts of the story also. You'll never guess how he killed her until the author tells you. Last part make you angey and upset for sure. The ending was not something you expected. It's a real surprise.
Hope to read more detective and thriller novels by this author. I wish he can be an international author.
This entire review has been hidden because of spoilers.
Profile Image for GIMHANA  SANKALPA .
86 reviews
October 5, 2023
There is a good book I had read.
This entire review has been hidden because of spoilers.
Profile Image for RuwaNdi BaNdara.
1 review4 followers
November 12, 2019
Deep down i always thought the husband is not innocent or is he?? But these suspicions had no foundation until the mistress stepped because it quickly changed all facts about somebody else’s involvement. The crime was on her until the last chapter. The double murder case of Kalpana and her son is intriguing yet tragic. One of the best sinhalese crime/thriller i have ever come across.
1 review
October 8, 2019
අවසානය තෙක්ම ඇද බැද තබා ගන්නා... කියවු සුපිරිම පොතක්
Profile Image for Ceevee.
4 reviews
October 11, 2019
It was a good story. But the final twist made a mess . can rate 3.5
Profile Image for Arosh Ariyawansha.
6 reviews2 followers
October 18, 2019
Probably the best of this category from a Sri Lankan author. But it didn't live up to the hype!
Profile Image for Nalina.
194 reviews
June 2, 2021
පැහැදිලිව ගොඩ නැඟුණු කතාවක් නිවීහැනහිල්ලේ ත්‍රාසය විඳිමින් කියවා එක වර 'උස්සා පොළෙවේ ගැසූ' හැඟීමකින් අවසන් කර ඇත.
Profile Image for Thanusha.
1 review
October 11, 2025
12.12.12 surprised me in the best way. From the beginning, it pulled me into its atmosphere—quiet, emotional, and strangely intense. I found myself getting attached to the story, even when I didn’t realize it. There’s a raw honesty in the writing that keeps you thinking, long after you turn the page.
But I’ll be honest—this book made me angry sometimes. Not because it was bad, but because it made me feel too much. Especially toward the end, I felt a strong mix of frustration and sadness. I actually sat there for a moment, staring at the last page, trying to digest it. I wanted answers, I wanted closure… but instead, it left me with questions.
And maybe that’s the power of it.
It’s not a loud story. It doesn’t try to impress with action. It speaks through emotion, through silence, through little truths about life that we don’t always want to face. I respect that. Even if the ending didn’t give me what I “wanted,” it gave me something else—reflection.
If you’re a reader who likes books that linger and make you feel, even uncomfortably, 12.12.12 is worth it. It’s the kind of story that doesn’t leave your mind easily—even if it leaves you slightly angry.
Profile Image for Ishini Kiridena.
16 reviews
August 25, 2025
4.5/5 ⭐
12 12 12 by Manjula Senaratne is an engaging and well-crafted Sinhala thriller that kept me hooked from start to finish.

The story was suspenseful and structured with great attention to detail, especially in its depiction of Paris law enforcement, which felt authentic and vivid. The character arc of Nathalie Muniye was particularly strong and one of the highlights of the book. At one point, I even found myself double-checking if this was based on a true story, that’s how convincing it was.

That said, there were a few minor drawbacks: some explanations went on longer than necessary, and there were small plot holes (for example, why the husband worried about the wife if he killed her in the first place). Still, these didn’t take away much from the overall experience.

This book feels like a turning point for Sinhala thrillers, setting a new standard for the genre. I’d definitely recommend it to anyone looking for a gripping, locally rooted yet internationally flavored thriller.
This entire review has been hidden because of spoilers.
Profile Image for Himal Kotelawala.
40 reviews25 followers
June 25, 2021
This was quite the read. Equal parts pulpy and sophisticated, it was engrossing throughout. Can’t say I’ve read anything like it in Sinhala before. I’m not qualified to comment on the quality of the prose, but it was fairly immersive. Unexpectedly intricate plotting too.

It's possible that I'm just impressed by its sheer originality (for a Sri Lankan book) and overlooking the flaws, which there are more than a few. It's a twisty story, and some readers may not be as forgiving of the many turns it takes.

Personally, I enjoyed it.
Profile Image for Ravisha Nuwandi.
7 reviews1 follower
March 5, 2025
I couldn’t wait to read this book after all the buzz it generated at the 2019 Colombo International Book Fair, where it was so popular I couldn’t even get my hands on a copy! After reading it, I’m happy to say it’s a fast-paced read that never drags and easily ranks among my favorites. I’m only docking one star because the highly anticipated plot twist that everyone talked about didn’t quite live up to my expectations. Nevertheless, it’s still an excellent thriller and a standout work by a Sri Lankan author.
Profile Image for Sujith.
54 reviews3 followers
March 11, 2021
I really don't get why people have rated it this low. This book is definitely better than a 3.43 rated book. The ending is very good. I never expected that final twist.

SPOILER: Anyway the author had ruined the ending somewhat by the last couple of pages by saying it is a true story. That is something that he shouldn't have done. IMO No author has the right to say that a book is a true story when clearly it's not. That is a disgraceful act.
This entire review has been hidden because of spoilers.
Profile Image for Thilina Medagama.
14 reviews
August 10, 2025
This is a very good book. The first book of the author if i am not wrong. To be frank one of the best sinhala triller crime story book .story is wrapped around a murder of a family and how the main suspect the father is facing the issue. The background is in paris where the family lives. Its a must read for a sinhala book reader
Profile Image for Avishka Laknath.
101 reviews2 followers
February 14, 2021
2021 වසරේ කියවා අවසන් කල 6වැනි කෘතිය. මා මෙතුවක් කියැවූ ඉතාමත් උසස් තත්ත්වයේ සිංහල ත්‍රාස්‍යජනක කතාවක්. සරලව, නියමයි.!

📌 කියවීමට ගත වූ දින ගණන 8කි.
📌 කියවීමට ගත වූ පැය ගණන - පැය 6කුත් විනාඩි 24කි
📌 කියවීමේ සාමාන්‍ය පැයට පිටු 66කි.
Displaying 1 - 30 of 50 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.