Jump to ratings and reviews
Rate this book

තී හා තා

Rate this book

392 pages, Paperback

First published January 1, 2019

21 people are currently reading
167 people want to read

About the author

Surath de Mel

5 books25 followers
සුරත් ද මැල් (Sinhala)

Surath de Mel is an experienced creative director, a script writer and a columnist. Thi ha Tha (තී හා තා) is his debut novel.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
44 (50%)
4 stars
26 (29%)
3 stars
13 (14%)
2 stars
3 (3%)
1 star
2 (2%)
Displaying 1 - 16 of 16 reviews
Profile Image for Dilly.
249 reviews16 followers
February 20, 2022
පොත අරගෙන අවුරුදු 2කට විතර පස්සෙ කියවන්න වෙන එකත් එක්තරා විදියක අමුතු දෙයක් තමයි. කියවන්න පරක්කු වුණේ නම් වෙලාවක් නැතිකමටත් වඩා පොත කියවන්න තරම් හොඳ මූඩ් එකකට ආවෙ නැති නිසයි. Mood reader කෙනෙක් වෙන එකේ පාඩු ඔන්න ඕවා තමයි.

සමාන රසිකත්වයක් තියෙන මගේ පොත් කියවන මිතුරන් හැමෝම කිව්වේ මේ පොත ඉක්මනින් කියවන්න කියල යි. ඒ හැමෝම පොත ගැන ඉහළින් වර්ණනා කළා. ඒත් මට කියවන්න ලැබුණේ කතුවරයා ගෙ අලුත් නවකතාවත් නිකුත් වුණාට පස්සෙ.

තී හා තා පිටු ගණනාව පුරාම දිවෙන්නේ ගීත් ගෙ කතාව. ගීත් එයාට වෙච්ච දේවල්, හිතුණ දේවල්, කරපු දේවල් ආරලු බූරලු නැතුව අමුවෙන්ම කියල දානවා. ගීත් ගෙ කතාව ඇතුළෙන් අපිට දිව්‍යාගෙ චරිතයේ සමහර තැන් පේනවා. දිව්‍යා ගැන අපි දන්නෙත් ගීත් දන්න දේවල් ම තමයි. ඒ වගේම ගීත් ගෙ ජීවිතයෙ ඉන්න යාලුවො, කාන්තාවො, නෑදෑයො මේ වගේ අය ගැනත් ගීත් දන්න දේවල් අපිට කියනවා.

කතාවෙ මුල පිටු කිහිපය කියවගෙන යනකොට හිතට ආවෙ දමිත් උදයංග දහනායක ගෙ ඉස්කිරිම නවකතාව. ඒත් ඉස්කිරිමෙ වගේ මේ කතාවෙ දුක හිතෙන ගතියක්, කාව්‍යමය ගතියක් නැහැ. ගීත් එයා කරපු දේවල් ගැන පසු තැවෙන්නෙ නැහැ. එයා විශ්වාස කරනවා එයා හැම වෙලාවෙම කලේ එයාට කරන්න තිබුණ හොඳම දේ කියල. ඒත් ඒ හොඳම දේ නෙවෙයි කියල තේරෙනකොට පරක්කු වැඩියි.

කතුවරයා ගෙ භාෂා ශෛලිය කටුකයි. උපමා රූපක වුණත් කාලීනයි. උපහාසයත් අඩු නැතුව යොදාගෙන තියෙනවා. ඉතාම ඉක්මනින් කියවගෙන යන්න පුළුවන් වුණත් සමහර තැන් දිරවගන්න කාලය අවශ්‍යයි. මෑත කාලයේ මං කියවපු පොත් වලින් කැමතිම පොතක් කියල නම් කරන්න පුළුවන්.
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
December 28, 2021
2021 වසර සිංහල නවකතාවක් කියවමින් අහවර කරන්නට සිත් වූයේ, 2019 ප්‍රකාශිතව, මා කියවීමට තෝරා ගත් තවත් නවකතා හතරක් ඉතිරි නිසයි. කල් මදි නිසා, එය තරමක් වේගයෙන් කියවිය හැක්කක් නම් මැනවියි සිතිනි. එවිට ජැක්සන් ඇන්තනීගේ 'කන්ද උඩ ගින්දර' හෝ සුරත් ද මැල් ගේ 'තී හා තා' අතර තේරිම නතර විය. එවිට ය සුරත් තම අලුත් ම පොත ප්‍රකාශ කලේ. දැන් තත්වය අනුව අපේ බොහෝ නවකතාකරුවන් ගේ ලේඛන වේගය හා සසඳද්දි, කියවන අප ගේ වේගය පිටුපසිනි. ඊට ප්‍රධාන හේතුව අප තරමක් සිංහල නවකතාවෙන් බැහැර වීමට බලකෙරෙන වාතාවරණයක් යැයි සිතමි (එය තව දිනකට මැයකි).

ඉතින් තී හා තා කියවී මි. පුළුල් වශයෙන් අප හා සම වයසැතැයි සිතිය හැකි ගීත් හා දිව්‍යා ගේ කතාවයි මේ - කතාව දිගැරෙන්නේ ගීත් ගේ වරෙක අවංක, වරෙක නරුම, වරෙක මුග්ධ, වරෙක නොසන්ඩාල, වරෙක අන්තිම අසාධාරණ, ඒ සැමට යටින් දිව්‍යා ට දැඩි ලෙස ප්‍රේම කරන ආඛ්‍යායනයකි - එම ආඛ්‍යාන රටාව, එම අවංක ( පාඨක අපට පමණක්) කතා කීම ය මෙම නවකතාවේ සාර්ථකත්වයේ පදනම. මෙම නවකතාව මොරටුව සොයිසා පුර මහල් නිවෙස් ආශ්‍රිත පෙදෙස් ද, ඒ හා රස කතා බොහෝමයකින් ද, පාඨකයා ඇඳ බැඳ තබන හැකියාවක් ඇත. මට වරෙක සිතුනේ ලංකාවේ තට්ටු නිවාස වල මධ්‍යම පාංතික ආර්ථික, සමාජයීය පසුබිමක් තුල Beverly Hills 90210 ආරේ නවයොවුනන් සහ ඔවුන් යොවුන් අවදියට පා තැබුවාට පසු ආරේ කතා පෙළකට නෑ කම් කියන්නාක් මෙනි - එහෙත් මේ කියනා කිසි දෙයක් අතිශයෝක්තියකට නැගීමක් යැයි කිසිවිටෙක නො කියන්නේ, මෙවන් සිදුවීම් වල ප්‍රධාන චරිතයක් නොවූව ද, නොගිණිය හැකි සෙසු චරිතයක් ලෙස මෙවන් සිදුවීම් ( කතා ම නොවේ) දුසිම් ගණන් අප සමාජයේ සිදුවන බව හොඳින් ම දන්නා බැවිනි.

මේ නවකතාව ගැන දැන් බොහෝ සංවාද අවසන් වී ඇති හෙයින්, මට අලුත් යමක් එකතුකරලීමට නැතැයි සිතමි. මා සිත් ගත් දෙයක් සහ, මට වැටහුණු දෙයක් පමණක් කියා මේ කෙටි විස්තරය නිමා කරමි. ගීත් සහ දිව්‍යා ගේ ඉරණම ට හේතු වන්නේ දෙදෙනා ඒ දා හත් වසර තුල තැනින් තැන අයාලේ යෑම් නොවේ ( මේ අයාලේ යෑම්, ලාංකීය සමජායේ වැඩි වශයෙන් දැකිය හැකි ලෙස පිරිමි පාර්ශවෙන් ද, අඩු වශයෙන් ස්ත්‍රී පාර්ශවයෙන් ද සිදුවීම, නවකතාව ට උක්ත කාලය අනුව ස්වභාවික යැයි සිතමි -එහි හරි-වැරැද්ද ගැන යමක් ඉන් නො ඇඟවේ. ) දෙදෙනා දෙදෙනාට ඇති තරම් සමාව දීමට සූදානම් ය. එහෙත් ගීත් ගේ ඒ සියල්ල මධ්‍යයේ සිදුකරන අසාධාරණ හැසිරීම්, අසමාන්‍ය කෝපය, හා ස්ත්‍රියකට ගරු නොකිරීම ය, පිළිකාවක් ලෙස දිව්‍යා ගේ සිත ගීත් ගෙන් වෙන්කිරීමට හේතු වූයේ. යමක් දිනා ගැනීමට ත් වඩා, දිනූ දෙය ආරාක්ෂා කරලීමට අවශ්‍ය සං‍යමය, සහ පරිණතකමේ වැදගත්කම් පෙන්වීමේ සුරත් ගේ එක් අරමුණක් දෝ යැයි මා සිතමි.

සිංහල නවකතාවට එකතු වූ වැදගත්, ඇවැසිව තිබූ ප්‍රාණවත් බවක් එක්කාසු කල නවකතාවක් ලෙස නම් කල හැක. ( එලෙසම මෙය අන් අයට කියවීමට නිර්දේශ කරලීම අවශ්‍ය නැත්තේ, බොහෝ සිංහල නවකතා පාඨකයින් ට පසුව මම මෙය කියවන නිසා ය.)

ශ්‍රේණිය: ****1/2
ප්‍රකශනය: සරසවි (2019) - මෙම පිටපත ( 2020 - පස්වැන්නෙන් )
( 2019 ප්‍රකාශ වූ තෝරාගත් නවකතා කියවීම - 13)
September 19, 2021
තී සහ තා / Thee ha Thaa / She and He - Surath De Mel : A young, youthful and mischievous love story

"තී සහ තා / Thee ha Thaa / She and He" is Surath De Mel's 392 page, 650 LKR valued novel. Surath De Mel is a marketer by profession.

Though this novel was marketed as an urban love story, a suburban Gampaha living reader like me also was able to have nostalgic memories of my youth and young age with my generation being depicted in the story very well.

Unlike novelists like Martin Wickramasinghe and later writers, the barriers to having multiple interpretations of the novels were avoided by departing from the realist writing style.

Surath De Mel has used Anti-Art novelization tactics used by Upul Shantha Sannasgala, Saman Wickramarachchi, Chinthana Dharmadasa, and K.K.Srinath is evident when reading the novel.

How post-modern life and love can be confusing, corrupted, and even open can be seen when reading this disturbing and somewhat weird novel.

Though the novel becomes tasteless in the middle chapters, its creative and detached writing style from reality gives life to readers.

The storyline and the book, in the end, are filled with sadness and creates hopelessness in the readers.

This novel can be considered as a countercultural and subcultural reflection of the Sri Lankan society with a post-modern writing style.

Link - https://bookerreadsdaily.blogspot.com...

තී සහ තා - සුරත් ද මැල් : යොවුන් සහ තරුණ රස්තියාදුකාර ආදර කතාවක්

පිටු 392 ක් පුරා දිව යන මිල රු. 650ක් වූ 'තී සහ තා" නවකතාව සුරත් ද මැල් නම් අලෙවිකරන ශිල්පියාගේ ප්‍රථම ලියමනයි.

නාගරික ප්‍රේම කතාවක් ලෙස අලෙවිකරණය වූ මෙම නවකතාව අර්ධ නාගරික ගම්පහ ජීවත් වූ මටද සමීප අත්දැකීම් සිහිපත් කරන අතීත කාමයෙන් පිරීගිය මාගේ පරම්පරාවේ අවංක ආදර කතාවක් ලෙස මට හැඟුණි.

මාර්ටින් වික්‍රමසිංහ සහ පසුකාලීන ශ්‍රී ලංකාවේ යතාර්ථවාදී නවකතා රටාවේ ඇති විවිධ අර්ථකතන වලට යෑමේ සීමාකම බිඳහෙලූ නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැක.

උපුල් ශාන්ත සන්නස්ගල, සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස හා කේ. කේ. ශ්‍රීනාත් වැනි ප්‍රතිකලාත්මක (Anti-art) නවකතා රටාවක් යොදාගන්නා ලේඛකයෙක් ලෙස සුරත් ද මැල්ගේ මෙම කෘතිය හැඳින්විය හැක.

නූතන ආදරය කෙතරම් දූෂිත විය හැකිද යන්න මෙම විවෘත සහ අමුතු නවකතාව කියවන්නාට පසක් කර දේ.

කතාවේ මධ්‍යයට යන විට තරමක් නීරස වන නවකතාව එහි පවත්නා නිර්මාණශීලි, යථාර්තයෙන් වියුක්ත රටාව නිසා නව පනක් කියවන්නාට ලබා දේ.

ග්‍රන්තයේ අග භාගයේදී තරමක් දුක්බර මෙන්ම ව්‍යාකුල ස්වභාවයක් ගන්නා කතාව අවසන් වන්නේ අපව බලාපොරොත්තු විරහිත කරමිනි.

ප්‍රතිසංස්කෘතික මෙන්ම උපසංස්කෘතික ලක්‍ෂණ වලින් ගහන මෙම නවකතාවේ පහත උදෘතය එහි ඇති නව්‍ය භාෂා විලාශය හෙළිදරව් කරයි.



"ම��� මගේ මුහුණ හුරුවුවාට එක්වරම එය දකින අයට එසේ නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා මම කාටවත් වැඩිය මුණ දුන්නේ නෑ. සමහර නළු නිලියෝ තමන්ගේ මුණේ ලස්සනම පැත්ත විතරයි කැමරාවට හරවන්නේ කියල මම අහල තිබුණා. අඩුම කැත වම් පැත්තේ කියල හිතල මම වැඩිපුර වමට බර වුණා. අන්තිමට වාමාංශිකයෙක් වුණා."

-පිටු 34-



මෙම නවකතාව පශ්චාත් නුතනවාදී නවකතා රටාව උත්කර්ශයට නංවන කෘතියකි.

Link - https://bookerreadsdaily.blogspot.com...
Profile Image for Himal Kotelawala.
40 reviews25 followers
July 13, 2021
Delightful though at times bewildering read. The story of Geeth Fernando, the fuckboy with a heart of gold, and Divya Wickramasinghe, the goddess he’d move heaven and earth to be with (short of keeping it in his pants).

Funny, poignant and, above all, searingly honest.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
April 20, 2021
තරු 6ක් දෙන්න ඕන කතාවක් !

අසීමිත යයි සැලකිය හැකි ප්‍රේම අන්දරයක්. වසර ගණනාවක් තිස්සේ ගලා යන අයුරු.
ඒ හා ගැටෙන සමාජයේ ඇති අනේක විධ දුරාචාර, වෙනස්කම්, තරුණ ජීවිත වල සැහැල්ලුව, වගකීම් විරහිත බවද රචකයා ආදර අන්දරය ඔස්සේ විස්තර කරයි.

දෙදෙනෙකුගේ ආදරය යනු කුමක්ද යි පැනයට නිශ්චිත පිළිතුරක් ඔබ, අප කාටත් ලබා දිය නොහැක. තී හා තා යනු එමමය.
දෙදෙනාම දෙදෙනාටම ආවේණික වූ ආදරයක වෙලෙන අතර ලද බොලඳ ආදරය මහුකුරා යන විට අසීමිත යයි කියූ, සදා කාලිකයි කියූ ආදරය යථාර්ථය වෙලා ගන්නේ කෙසේද ?

හැම දෙයක්ම සදාකාලික නොවන ලෝකයේ හැඟීමක් මත මුල් වූ ආදරය පමණක් සදාකාලික විය හැකි ද ?
ආදරයයි, ලිංගික ආශාවයි දෙකම එක ද ?
ලිංගික ජීවිතය ආශා කරන මිනිස්සුන්ට සැබෑ ආදරයක් නැද්ද ?
අභිමානය රකිනවා ද ?
ආදරය රකිනවා ද ?
ගීත්??? උඹට තව ටිකක් ඉවසන්න තිබ්බා මචං !
Profile Image for Vi.
154 reviews5 followers
May 19, 2021
Really good book
Profile Image for Ruwangika Gunawardana.
3 reviews132 followers
September 18, 2021
සිත් ඇදගන්නා සුළු විදියට ලියැවුණ සරල කතාවක් වගෙයි මට දැනුණේ. රචනා ශෛලියේ නොඅඩුව තිබුණු උපහාසය හා අවංක බව නිසා එක හුස්මට කියවන් යන්න පුළුවන් වුණා. ගීත් තමන්වම නිර්දය ලෙස විවේචනය කරන ගමන් ඔහුගේ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන විදිය හරිම රසවත්.
ආදරය විවිධාකාරයි.
නැවත නැවතත් විඳින්න පුළුවන් කියවීමක්.
14 reviews1 follower
October 27, 2020
තී හා තා, ලාංකීය යෞවනයෙකුගේ ජීවිතය අරඹයා ලියැවුනු නවකතාවකි. සරල බස් වහරකින් යුත් මෙහි කතාවද මට දැනෙනා ආකාරයට සරලය. පාසල් වියේ ඇරඹි ප්‍රේම වෘතාන්තයක්, ජිවිතයේ හැල හැප්පීම් මැද ගලා යන විට, එම ආදරයේ ශක්තිමත් බව පරීක්ශා වන අයුරු මෙහි මූලය වේ. යෞවනයේ කෙලිලොල් බව අත්විද, වැඩිහිටියෙකු සේ සමාජයට බැසීමේදී, නුවණ මෙහෙයවා කාරණා කටයුතු නොකලහොත්, ජිවිතයම අවුල් වන බව පසක් කර දෙයි.

ඇතැම් නවකතාවල දක්නා ආකාරයට, කතා නායකයාගේ ප්‍රේම වෘතාන්තය ඇතුලින් ඉස්මතු කරවන දේශපාලන, සමාජයීය ගැටළු ඉස්මතු වීමක් මෙහිදී නොදැක්කෙමි. කතාවේ අවසානය පරස්පර වුවද, මෙය කියව ගෙන යන විට, දිනේශ් කොළඹගේ මහතාගේ 'සුළග වගේ ඇවිදින්' සිහි වූයේ නිතැතිනි.

වර්තමාන්යේ සුලබව හා සාමාන්‍යයෙන් හමුවන, අසින, දකින ජීවිත කතාවක්, සරළ බස් වහරකින් ඉදිරිපත්ව ඇති මෙහි, ජීවිතාවබෝධයක් හෝ අමුතු යථාර්තාවබෝධයක් ඉදිරිපත්ව ඇතැයි නොසිතමි.
Profile Image for Kalhara Batuwana.
3 reviews22 followers
October 3, 2021
A very interesting book to read, describing the evolution of a relationship for almost 15 years.
It is told from male side only, but frequently reminds us that there is an unheard side of the story from the female's perspective.
Profile Image for Shamila.
96 reviews48 followers
July 3, 2022
It is a very different creation even in comparison to most contemporary works in Sinhala literature, starting from the style of narration to how the story is presented in a non-linear fashion. The protagonist is brutally honest about his deeds, irrespective of the fact whether they are socially acceptable or not, and his unwavering love for his girl whom he considers a goddess on earth and totally out of his league, but miraculously his own. Being a f**kboy of the highest degree, he constantly tests the limits of his relationship, while his goddess of a partner is not exactly a saint either. The casual use of language to convey this convoluted story is quite an interesting read, though some parts seem exaggerated even for this genre. It does not hurt the overall presentation but was one of the personal quirks I came across.
This entire review has been hidden because of spoilers.
Profile Image for Kasuni Dissanayake.
20 reviews3 followers
June 29, 2025
කතාවෙ මුල ඉදලම මම ප්‍රාර්තනා කරේ දිව්‍යා ඉක්මනටම මේ ගීත් කියන නරැමයව දාලා යන්න ඕනි කියලා. ඒත් අන්තිමට දිව්‍යා ඒ තීරණේ ගත්තම මට සතුටු හිතුනේ නැ. ඒ වෙනුවට ගීත් ගැන දුක හිතුනා. ගීත් කියන්නේ ඒ තරම් පුදුම මැනිපිලේටිව් කැරැක්ටර් එකක්.
This entire review has been hidden because of spoilers.
1 review
July 4, 2022
excellent
This entire review has been hidden because of spoilers.
1 review
January 23, 2023
මේ පොත කියවන්නෙ කොහොමද කියලා කියල දෙන්නකො..මට එක පොතක්වත් ගන්න තේරෙන්නෙ නෑ.
78 reviews
August 21, 2022
If I read this book a decade ago, I wouldn't have appreciated it much. wouldn't have accepted that this is reality based.
but I have been exposed to much worse real stories in the last decade, in Australia related to my work as a psychiatrist, and of Sri Lankan women from a few women's pages that I am part of.

I applaud the author for being able to document events and emotions very truthfully, from the perpetrators point of view.
This is Domestic violence, this is a human relationship, a very common human relationship, this is also a peek at our societies, at parent children relationships.

I do wonder what the authors take on my review.
Displaying 1 - 16 of 16 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.