Jump to ratings and reviews
Rate this book

රතු ඉරි අඳින අත

Rate this book

213 pages, Paperback

First published January 1, 2019

1 person is currently reading
19 people want to read

About the author

Liyanage Amarakeerthi (W. A. Liyanage) received his primary and secondary education at rural schools in Kurunegala district entering the university of Colombo in 1990 where he received a BA. In 1998, Amarakeerthi went to the university of Wisconsin on a Fulbright Scholarship for his postgraduate studies. On completing an MA in Literature in 2000, he was funded by the university of Wisconsin for his doctoral work under Prof .Charles Hallisey. After obtaining his PhD in 2004 he moved to Cornell University on a teaching appointment where he also attended the School of Criticism and Theory at Cornell University.
He joined university of Peradeniya in 2008. During his postgraduate studies he was able to take a host courses in literature, literary theory, theories of drama, translation theory, theories of aesthetics, film Studies and so on. He has published more than 15 books of fiction, poetry and literary theory. He won national literary award for the ‘best' collection of short stories in 2000 and for the ‘best' novel in 2008. At Peradeniya he teaches courses in literary theory, translation Studies, postcolonial theory, theories of drama, and Aesthetics.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
11 (22%)
4 stars
17 (34%)
3 stars
17 (34%)
2 stars
4 (8%)
1 star
0 (0%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Dilly.
249 reviews16 followers
September 8, 2020
ලියනගේ අමරකීර්ති මගේ පෞද්ගලික අදහස අනුව දක්ෂ කතුවරයෙකි. එසේ වන්නේ ඔහු විසින් අටවක පුත්තු රචනා කිරීම නිසා බව මම සිතමි. ඔහුගේ අලුත්ම නවකතාව  රතු ඉරි අඳින අත , මෙවර ස්වර්ණ පුස්තක කෙටි ලැයිස්තුවට තේරී පත්ව ඇති නවකතාවකි.

කතුවරයා මෙම නවකතාවේ මුල සිටම ඉතා නූතන සන්දර්භයක් භාවිත කරයි. කතාවේ චරිත තරු පන්තියේ හෝටල් වලින් කන බොන, නිතර ෆේස්බුක් යන අයයි. එය ධනාත්මක ලක්ෂණයක් ලෙස මම දකිමි.

එමෙන්ම ඔහු එම නූතන ලක්ෂණ සමාජයේ යම් යම් චරිත හෝ චරිත කොට්ඨාශ වලට උපහාසාත්මක ලෙස භාවිත කරයි. මෙම උපහාසාත්මක යෙදුම් යම් තරමකින් භාවිත කිරීම කතාව ඔප් නංවන මුත් මෙහිදී කතුවරයා විසින් ඒවා නුවුවමනා සේ වැඩිපුර භාවිත කර ඇත්දැයි සිතේ.

මෙය ඉතා පහසුවෙන් කියවා ගෙන ගිය හැකි නවකතාවකි. භාෂාව රසවත් ලෙස යොදාගැනීම අතින් කතුවරයා ඉදිරියෙන් සිටියි. ඔහු යම් යම් සිදුවීම් විස්තර විචිත්‍ර ය. වර්ණනාත්මක ය. පාඨකයා යම් කුතුහලයකින් කතාව වෙත ඇඳ බැඳ තබා ගනී.

මෙහි අවසානයේ යම් පෙරළියක් හෙවත් plot twist එකක් ඇත. එය මුල සිට කෙරෙන ඉඟි වලින් අනුමාන කිරීමට හැකි වූ නිසා එතරම් නැවුම් බවක් හෝ "අහා" හැඟීමක් ඇති වුණේ නැත. ඇත්තෙන්ම කියනවා නම් මම මේ නවකතාව අවසානයේ මීට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළෙමි. එයට හේතුව කතුවරයා කතාවේ මුල ඉතා දක්ෂ ලෙස ගොඩනංවා තිබීමයි. මෙය ඉතා හදිසියේ අවසන් කළ බවට සිතිය හැක්කේ එහි එන අනපේක්ෂිත හා මනාව සැලසුම් නොකළ අවසානයයි.

මෙහි එන චරිත ගොඩනැංවීම මගේ සිත් ගත් නමුත් චරිත අතර සම්බන්ධය දැක්වීමේ ලා යම් අඩුවක් දැනුණි. චරිත අතර සම්බන්ධතා දැක්වීමට කතා වස්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි.

අප යම් කතුවරයෙක් ගේ නිර්මාණ රස විඳීමේදී ඔහුගේ පෙර නිර්මාණ හා නව නිර්මාණ සැසඳීමක් වුවමනාවෙන් සිදු නොකළ ද යටිසිත ඒවා සංසන්දනය කිරීමක් සිදුකරයි. මා කතුවරයා ගේ නවකතා අතුරෙන් අටවක පුත්තු, කුරුලු හදවත හා අහම්බකාරක කියවා ඇත. මෙයින් අටවක පුත්තු නවකතාව මගේ නවකතා කියවීමේ එක් සංධිස්ථානයකි. එබැවින් මා ඔහුගේ නවකතා සියල්ලම සැසඳීම සඳහා පාදක කරගන්නේ අටවක පුත්තු නවකතාවයි. අටවක පුත්තු ලියූ ඔහුට මේ කුමක් වී දැයි මම මෙය කියවා මගෙන්ම අසාගත් ප්‍රශ්නයකි.

කතුවරයා වැනි නවකතාකරුවෙකු ට ඉතා රසවත් නවකතාවක් නිර්මාණය කළ හැකි වස්තු බීජයක් මෙහි ඇත. එයට නිසි පරිදි පොහොර දමා සකසා රසවත් අග්‍ර ඵලයක් ගෙන ඒමේ කටයුත්තේදී කතුවරයාට මීට වඩා සාර්ථක වීමට අවස්ථාව ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.
Profile Image for Nilu.
624 reviews52 followers
July 26, 2020
හො‌ඳ ආ‌රම්භයක් ඇ‌තිව කුතුහලය ත්‍රාසය සමඟ ගලාගෙන ගිය කතාව අවසන් වන්නේ ඉතා දියාරු ආ‌කාරයකටය.

නවකතාවකට මහන්සි නො‌වී කෙටි කතාවක් ලියුවා නම් ඊට හො‌ඳ යයිද සිතුණි.

එක්කෝ‌ පාඨකයින් ලෙස අප කතුතුමාගේ ලිවීම සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටින නිසා මෙසේ බලාපො‌රො‌ත්තු කඩ වීමකට ලක් වූවා දැයි සිතේ.

කතුතුමාගේ අව්‍යාජම ලේඛණය දුටුවේ අඩහඳයා ගේ කතාපුවතිනි. ඉන්පසුව ටිකෙන් ටික එතුමාද ඔහුගේ කතාවල සඳහන් බො‌ර්ෂුවා වටිනාකම් පමණක් ඉස්මතු වන ලේඛණයක යෙදෙනවා යැයි සිතේ.
බඩී සං සහ මහත්තයා යනාදී පුද්ගලයින් දැනටමත් ඔහුගේ කුරුලු හදවත සහ අහම්බකාරක තුලින් අප කියවා ඇ‌ති බැවින් එම චරිත වල නැවුම් බවක්ද නැත.

අඩහඳයා ගේ කතා පුවත කියවූවාට පසු කතුතුමා විසින් රචනා කරන ලද සියලුම කෘති මිලට ගෙන කිය වූ මට , 'රතු ඉරි අඳින අත ' ඔහුගේ අනෙක් කෘති සමඟ සැසඳීමේදි දුර්වල කෘතියක් ලෙස හැඟේ.
Profile Image for Supun Sudaraka.
5 reviews
November 13, 2019
රතු ඉරි අඳින අත යනු එක දිගට කියවා අවසන් කළ හැකි පොතකි. ලොකු කතාවක් නැතත්, පසුගිය අවුරුදු දහයක පමණ සමාජ දේශපාලන කතාව යටින් දිවෙන මේ පොත, ඒ සමාජය හා දේශපාලනය පිළිබඳ අවධානයෙන් සිටි අයට අමුතු කතාවක් නොවේ.

නමුත් භාෂාව සමඟ කරන සෙල්ලම් සහ කතාව කියනා රේඛීය නොවන අපූරු රටාව මා මීට පෙර සිංහල පොතකින් අත්විඳ නැත. ඒ අතින් නවක ලියන්නන්ට හා සිංහල භාෂා පර්යේෂකයින්ට මෙය වැදගත් කියවීමක් වනු ඇත.
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
August 20, 2020
රතු ඉරි අඳින අත - ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති මහතාගේ අළු පැහැති ආරංචි කෙටි කතා එකතුව කියවා මම ඔහු ගැන ඉතාම පැහැදිලයි හිටියෙ. ලිවීම තුළ විස්මයන් මවන ලේඛකයකු, ලිවීම තුළ භාෂාව ඉතාම මටසිලිටිව හසුරුවන ලේඛකයකු වශයෙන් තමයි මම ඔහු හඳුගත්තෙ. අළු පැහැති ආරංචි ඇරුණම ඔහුගේ වෙනත් පොතක් මම කියවලත් නෑ. රතු ඉරි අඳින අත කියවීමේ ලැයිස්තුවේ මුලට ආවේ එහි ප්‍රමාණය කුඩා වුණ හින්දයි.

පොතේ මුල් පරිච්ඡේද කීපය තුළ ගොඩනැගෙන සියුම් සහ වෙනස් කතා පුවත ලියවී ඇති ශෛලිය එක් අතකින් අළු පැහැති ආරංචිවල වගේම මූලධාර්මිකයි. අහු මුලුවල ඉන්න චරිත ටිකක් එකට ගොතන එකත් ඒ චරිත සහ සිදුවීම් ස්වභාවිකවම එකට වියෙන විදියට දැනෙන්න ලියන එකත් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

හින්ට් ගැසීම් ගාණක් කියවගෙන ගියා. ඒක ලද අවස්ථාවෙන් කරල තියෙනව වගේ. කතාවේ නූතනත්වයත් එක්ක ඉතාම ඉක්මනින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. සෝෂල් මීඩියා සහ ඒ ඔස්සේ මිනිස් අදහස් මෙහෙයවෙන විදිය ගැන එක විදියක අර්ථකථනයක් පොත අස්සෙ තියෙනවා. ඒක සෝෂල් මීඩියා සහ සාම්ප්‍රදායික මීඩියා කියන දෙපැත්තෙන්ම අල්ලගෙනත් තියෙනවා.

පොතේ සමස්තය මට සිහිකළේ Wag the Dog (1997) චිත්‍රපටිය. ඒක මේ පොතේ කියවෙන විදියෙ එකක් නෙවෙයි. නමුත් මීඩියා යොදාගෙන ජන මනස මෙහෙයවන්න පුළුවන් කියන කාරණේ කතා කරපු චිත්‍රපටියක්. ඒකත් කැමති අය බලනවනං හොඳයි.

රතු ඉරි අඳින අත ලියනගේ අමරකීර්තිගේ වෙනත් පොත් කියවපු අයට ඒ හැටි හිත් අරන් නෑ කියල කියවන්න ලැබුණා. ඒක එහෙම වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. පොතේ අග වෙනකල්ම එක සීරුවට එන කතා කීමේ අනන්‍ය විලාසය අවසාන පරිච්ඡේද කීපය අස්සෙ කැඩිල ගිහින්ද කියලා හිතෙනවා. පොත ඕනවට වඩා ඉක්මනින් පල කරගන්න ඕන වෙලාද මන්දා. එහෙම නැත්තං අවසානෙ තව දුරටත් අරං යන්න බැරි හිස්කමකට අමරකීර්ති මහතා පත් වුණාද? දඩහ් ගාලා ඉවර වෙලා තියෙන විදියෙන් මටත් හිතුණෙ පොතේ සුමට ගතිය ගිලිහිලා කියල තමයි.

හැබැයි පොතේ කියවෙන ප්‍රධාන දේ තේරුම්ගන්න ඒව බාධාවල් නෙවෙයි. මොකද ඒක පරිකල්පිත ලිවීමක් වුණාට ඒ සිදු වීම් ප්‍රබන්ධයන්මත් නෙවෙයි. අද වෙද්දි අපි සියලුම දෙනා ජීවත් වෙන්නෙ ඒ විදියෙ නාටකීය දේශපාලනයක් ඇතුළෙ. පාලන බලය තිබුණත් නැතත් දේශපාලන බලය හිමියි නම් තමන්ට අවශ්‍ය දේ කොහොම හරි කරගන්න පාලකයන් විසින් පාලනය වෙන රටක් මේක. එහෙම පාලකයන් වැරදි කරන බව දැන දැනත් උන්වම රජ කරවන මිනිස්සු ඉන්න රටක් මේක. මේ අස්සෙ තියෙන ගේම් නොදන්න කෙනෙකුත් නෑ. ඒ අතින් ගත්තම රතු ඉරි අඳින අතේ තියෙන්නෙ බොහොම ටිකයි.

මම දීර්ඝ කාලෙක ඉඳන් හරාරිගේ ‘හෝමෝ ඩියස්‘ පොත හෙමින් කියවමින් ඉන්නේ. ඒකෙ තියෙන සමාජ පාල�� ක්‍රමවේද පිළිබඳ සටහන් එක්ක රතු ඉරි අඳින අතේ කාරණා පෑහෙනවා. මිනිසුන් විසින් ගොඩනගාගෙන වටිනාකම් දීල තියෙන සමහර සාධක, ජාතිය, ආගම, සංස්කෘතික වටිනාකම් වගේ දේවල්ම පාලකයන් විසින් ජනතාව පාලනය කරන්න යොදාගන්නවා. බලය හිමි අය නිර්දය ලෙස මිනිස්සුන්ගෙ හිත්වල ගැඹුරේ කැටයම් වෙලා තියෙන ගෞරවණීය සාරධර්ම කුළුගන්වනවා. ඒ ඔස්සේ තමන්ට වාසිදායකව මතයන් නිර්මාණය කරනවා. ඒ මගින් බලය රඳවාගන්නවා. ඒක ලංකාවට විතරක් අදාළ එකකුත් නෙවෙයි. සුපර් හීරෝ නිර්මාණවලින් පවා සිදු කරන දෙයක්. විශාල කණ්ඩායම් පාලනය වීමේදී ක්‍රමයෙන් තල්ලු වෙන තැනක් තමයි මේක. මට හිතෙන්නෙ ඒ කොටස අපි වටහාගත යුත්තක්. රතු ඉරි අඳින අතේ බැහැරට නොපෙනෙන තේමාව වෙන්නෙ ඒක.
Profile Image for Sha Danthanarayana.
8 reviews4 followers
July 16, 2020
රතු ඉරි අඳින අත මගින් මාධ්‍යය බලාධිකාරය ක්‍රියාත්මක වන ආකාරය සහ එය⁣ට හසුවන ජිවිත වල ඉරණම කියාපාන රසවත් ලිවීමකි.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
August 28, 2020
ලාංකීය දේශපාලනය, සමාජ රටාව, මිනිසුන්ගේ හැසිරීම, මාධ්‍යයන්ගේ පෙළඹවීම, ඇත්ත දකින මිනිසුන් සමාජයෙන් ගැරහීම. මිනිසුන් සදාකාලිකව මුලාවට ලක්වීම.
සරලයි. අපි දකින්නේ අපිට පෙන්වන ඉරි මිසක, ඇත්ත නොවේ. ඇත්ත දකින මිනිසා අපිට තිත්තය.
Profile Image for Randunu Yasaranga.
9 reviews5 followers
June 5, 2021
"මේ කැම්පස් එකේ ඉන්න ඔක්කොම ගංජාකාරයොද බං?" චින්තා ඇසීය.
"පිස්සුද අයියේ! අපි වගේ අපතයෝ කීපදෙනෙක් විතරයි." රබ්බඩයා කීවේය.
"අනික් උන් හොඳ එවුන් අයියේ. උන් ගහනවා වෙන ජාතියක්. හැමවෙලාවෙම මත්වෙලා ඉන්නේ." මනසිකාර කීවේය.
"අයිස්?"
"පිස්සුද අයියේ. එව්ව ගහන්ඩ සල්ලි කොහෙද මෙහෙ. ජීපීඒ කියල කියන්නේ." මනසිකාර කීවේය.
"ජීපීඒ? අඩේ ඒ මොනවද? බාබුල් වගේ සීන්කෝන් එකක්ද?"
"නෑ අයියේ එව්ව ලකුණු ජාතියක්. අපි දන්නෙත් නෑ. හරියටම මොකක්ද කියලා. හොඳට පාඩං කෙරුවොත් එව්ව ගන්ඩ පුළුවන්. හැබැයි උපරිම හතරයි." රබ්බඩයා නාසයෙන් තරු පිටකරමින් කීවේය.
.........................................................
ගීත විචාරකයෙකු සහ පාතාලය ගැන පබැඳුණු, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ සිදුවීම් ද භාවිතා කරමින් රචනා වුණ වෙනස්ම ආරක කතාවකි. කතුවරයාගේ කුරුලු හදවත, අහම්බකාරක, අටවක පුත්තු වැනි නිර්මාණ මෙන්ම සාර්ථක නිර්මාණයකි.
Profile Image for im_just_vidu.
318 reviews2 followers
August 14, 2022
අවංකවම මම මේ පොතට තරු 1ක් හෝ 2ක් ලබාදෙන අදහස ඇතිව පොතේ බාගයක්ම කියවූවෙමි. අවසානය නිසා මම මගේ අදහස වෙනස් කළෙමි.
මෙහි භාෂාව සිංහල භාෂාව පිළිබඳව ගැඹුරු දැනුමක් නොමැති කෙනෙකුට වටහා ගැනීමට අපහසු වේ යැයි මගේ මතයයි. නමුත් එම භාෂාව ඉතා අලංකෘතය. මුළු කතාව පුරාම අලංකාරය රඳවා ගැනීමට එය උපකාරී වේ.
සාමාන්‍ය දෙබස් ලිඛිත භාෂාවෙන් ලියා තිබීම ගැන මට එතරම් පැහැදීමක් නැත. සමහර දෙබස් බාගයක් ලිඛිත භාෂාවෙන්ද, බාගයක් කථන භාෂාවෙන්ද ලියා ඇති සමහර තැන්ද ඇත. මම පෞද්ගලිකවම ඒවාට කැමැත්තක් නොදක්වමි.
මෙහි ශ්‍රව්‍ය ග්‍රන්ථයට මම ඉතාමත් කැමැත්තෙමි. එය සැකසූ අයට මම ඉතාමත්ම කෘතඥ වෙමි.
බඩී, මනසිකාර හා සෙන්සේ, අරවින්ද යන චරිත ප්‍රතිනිර්මාණය පිළිබඳව මම ඉතාමත් කැමැත්තෙමි.
Profile Image for Thilina Yapa.
26 reviews1 follower
November 26, 2020
මේ පොත කියවන මහා සාහිත්‍ය දැනුමක් නැති මට වරෙක සෙන්සේ කෙනෙකු වෙන්නටත්, වරෙක මහත්තයා වෙන්නටත්, අනිත් මොහොතේ හිර ගෙයින් මිදී ආ බඩී සං වෙන්නටත් හිතෙයි. ඒ මොන චරිතයත් බිහි කල කතුවරයා අමතකව යන තරමට පොත එක දිගට කියවීමි. චරිත අතර සම්බන්ධය තේරුම් ගැනීමට හා ලිහා ගැනීමට අන්තිම මොහොත වෙන තෙක්ම උත්සාහ කළත් ලොකුවට සාර්ථක නොවූයේ මගේ පරිකල්පන හැකියාවේ මද කම නිසා බව සිතමි. අවසානය හිතූ තරම් climax එකක් නොවන්නේ ඇත්ත ජීවිතයේ මේ කතාව නිමා නොවී තාමත් ගලා යන නිසා දැයි විටෙක හිතෙයි.
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.