Jump to ratings and reviews
Rate this book

දිවි බිලිගත් මා දියණිය

Rate this book

Unknown Binding

1 person want to read

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (100%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Nilakshi Bandara.
146 reviews16 followers
May 14, 2020
දිවි බිලිගත් මා දියණිය -කවිමල් සූරිය ආරච්චි

මත් රකුසා විසින් මානසික ව්‍යාධීන් ඇති කිරීමත්, හිත් පිත් නැති ලෙස ජිවිත බිලී ගැනීමත් ලොව අස්සක් මුල්ලක් නෑර පැතිර යන යුගයක නිකියා රොබරිට්සන් විසින් තව ජිවිත වෘත්තාන්තය ඇසුරින් " My Mummy is a Killer "නමින් රචනා කරන්නේ අනුවේදනීය අයුරිනි.

මව විසින් තම සොයුරා හා සොයුරිය වූ මිලී සහ මොමෝ සොයුරිය ඝාතනය කරද්දී අසීරුවෙන් ජිවිතය බේරා ගන්නා නිකි මත්ද්‍රව්‍ය සාගරයෙහි ගිලි යන මාපිය සෙනෙහස මැද ඉතිරිවන අතර ඇයගේ සහ කුඩා සොයුරාගේ අනාගතය කුමක් වේද?ආච්චි අම්මගේ නිවාස ඇයට සැනසිලිදායක වන අතර ඇයව කැටුව යෑමට පැමිණෙන අම්මාගේ කාරයේ හඬ ඇයව බියට පත් කරයි. ළමුන් අපචාරයට ගොදුරු වීම , අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් , දරුවන් අතිනතට යාම් නිසා ඔවුන් විඳින වද වේදනා ලොවට හෙළි කරන්නේ වත්මන් සමාජය විසින් අවබෝධ කර ගත යුතු පණිවිඩයක් ලෙසිනි.

අගනා යහපත් පවුල් පරිසරයක උපත ලබන නිකිගේ මව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී මත් ලෝලී මිතුරන් සමග ඇසුරට පත්වී විනෝදයට යොමුවේ. ඒ අතරම මත්ද්‍රව්‍ය ගණුදෙනු කාරියක් බවටද ඇය පත්වීම මෙහි ඇති භයානකත්වයයි .මේ නිසා හයක් හසරක් නොදන්නා වයස අවුරුදු පහේදී හයේදී දරුවන් රැක බලා ගැනීම සහ ගෘහස්ත කටයුතු වල යෙදීම වැනි වගකීම් දැරීමට සිදුවන කුඩා දරුවන් පිලිබඳ සැඟවුණු හෙළිදරව්වක් නිකි විසින් ලොවට හෙළි කරයි.

"මම එදින රාත්‍රියේ නින්දට යන විට පසුදා මගේ සැබෑ අම්මා ආපසු එන ලෙස ප්‍රර්ථනා කලෙමි."
නිකිගේ රූමත් මව මත්ද්‍රව්‍ය ගත් පසු ඇඟේ සිරුර පුරා ටැටූ ඇඳ ගන්නා අතර දහවල පියවි සිහියෙන් සිටින විට ඒවා වසාගෙන සිටි.ඉණේ ඇති බෙල්ට් එකෙන් කුඩා දරුවන්ට පහර දෙන අතර තනිවම තමන් සමගින් කතා කරයි. දේව ගීතිකා ගායනා කරයි.

සැබවින්ම මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වන ඇය ඒ තුලින් දෙවියන් දකීද ?මෙය වත්මන් සමාජයට ගැලපෙන කතාවක් වන අතර එය වත්මන් තරුණ ප්‍රජාව අවබෝධ කර ගත යුතු මුලික ගැටලුවකි. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම රාජ්‍ය මට්ටමින් මෙන්ම ස්වෙච්ජාවෙන් සංවිධාන සමගින්ද එකතුවී විසිඳිය යුතු ප්‍රශ්නයක් වන අතර මේ වන විට අපේ රටේ උද්ගතවී ඇති වැළකිය යුතු ප්‍රශ්න අතර මුලිකවම දකින්නට ලැබෙන්නකි.මෙම කාන්තාවගේ මත්ලෝලී බව දන්නා මිත්තණිය සහ වැඩිහිටියන් දරුවන් බේරා ගැනීමට කටයුතු නොකිරීම නිසා ඔවුන් මිය ගිය බව නිකි පවසන්නිය.ලොව වටා පැතිර යන මත්ද්‍රව්‍ය මිනිස් ආත්මයන් විකෘති කිරීම නිසා බොහෝ පවුල් විනාශ වෙන බවට මෙම වෘතාන්ත්තය නිදසුනකි.

ආච්චි අම්මගේ ආදරය සොයා යන මෙම දරුවන් මව විදේශ රැකියා සොයා යාම ,පියාත් මත්ද්‍රව්‍ය වලට යොමු වීම නිසා දුක් විඳින ශ්‍රී ලංකික සමාජය පිලිබඳ කැඩපතකි.

"මුළුතැන් ගෙයින් ගලා ආ ආච්චි අම්මාගේ සුපුරුදු හඬ හා පොරෝනාව යට සහෝදරයාගේ සහ සහෝදරියගේ උණුසුම විඳිමින් , මම සාමකාමී උදැසනක මිහිර වින්දෙමි. ""

ළමුන් බලාපොරොත්තු වන සෙනෙහස සහ සැනසුම පිලිබඳ ලේඛිකාව විසින් පාඨක මනසට ලං කරන්නේ සංවේදීව අවධානය යොමු කරවමිනි. මෙය නිකිගේ සැබෑ කතාව යයි විශ්වාස කිරීමට නොහැකි තරම් භයානක වූ සත්‍ය කතාවකි.මෙම කතාව දුෂ්කර කාලයක් ගත කොට ජිවිතයේ වැටුණු පුද්ගලයෙකුව අභිප්‍රේරණය කල හැකි කතාවක් වන අතර මෙය රස විඳින පාඨකයන්ව ජිවත් කිරීමට පොළඹවයි. මෙම කතාව ගලාගෙන යද්දී නිකිගේ මව මානසික රෝහලේ සිටියදී නිකී ජීවිතය ජයගෙන දිරිය කාන්තාවක් සේ අනාගතය ගොඩ නගා ගනිමින් පිය මනින ආකාරය පුදුම සහගතය.ඇයගේ ජීවිතය මිහිපිට අපායක් කළ මවට සමව දී ආදරය කිරීමට තරම් ඇය ශක්තිමත් කාන්තාවක් විය.

චිත්තවේගිය , හදවත් බිඳ දමන කතාවක් වන දිවි බිලිගත් මා දියණිය කතාව මා බෙහෙවින්ම සංවේදීත්වයට පත් කල කෘතීන් අතර මුල් තැන ගනී.ගැටළු සහිත පසුබිමක සුන්දර හදවත් සොයා ගත හැකි බවට මෙය නිදසුනකි.මත්ද්‍රව්‍ය පිටුපස ඇති අඳුරු ලෝකය ලොවට හෙළිකරන තරුණ වැඩිහිටි සෑම කෙනෙක්ම කියවිය යුතු අගනා පණිවිඩයක් ලබා දෙන නව කතාවක් ලෙස දිවි බිලිගත් මා දියණිය හඳුන්වා දිය හැක.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.