Jump to ratings and reviews
Rate this book

පිං ඇති සරසවි වරමක් දෙන්නේ...

Rate this book

244 pages, Paperback

First published January 1, 2010

4 people are currently reading
78 people want to read

About the author

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවේ මහා පුරුෂයාණෝ වූහ. සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි කොට දිශා උද්දේශනය කළ ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, නිර්මාණකරුවකු, සරසවි ඇදුරකු ලෙස නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් නොරහසකි.

1914 ජුනි 3 වැනිදා රත්ගම, දොඩන්දූවේ උපත ලැබූ වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍ර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත, පාලි, සිංහල ගෞරව උපාධිය ලැබුවේ ය. ශා. පීතර විදුහලේ සිංහල ගුරුවරයකු වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ පරිපාලන අංශයේ ද කලක් ක්‍රියා කළ එතුමෝ භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් ව භාරතීය දර්ශනය හා සිතාර් වාදනය හැදෑරූහ.

කලක් ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය. 1944 ලන්ඩන් (බාහිර) ශාස්ත්‍රපති උපාධිය ද (M.A - භාරතීය දර්ශනය) 1949 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද (M.A) භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ලියා ආචාර්ය උපාධියද ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ආචාර්ය ධුරයක් ලැබුවේ ය.

1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය ධුරයක් ලැබූ එතුමෝ රොක් ෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ විවිධ රටවල නාට්‍ය කලාව හැදෑරූහ. ඇමරිකාවේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ද ඔහු ක්‍රියා කළේ ය.

යාපනයේ විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් D.Lit සම්මාන උපාධි ලැබූ සරච්චන්ද්‍රයෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙස පත් වූහ. භාරත දේශයෙන් කුමාරන් ආශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ‘මනමේ’ (1956), සිංහබාහු (1961) යන දෘශ්‍ය කාව්‍ය ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත් හෙළි කර දුන්නේ ය.

මළගිය ඇත්තෝ (1959), මළවුන්ගේ අවුරුදු දා (1965) වැනි කාව්‍යාත්මක

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (22%)
4 stars
17 (62%)
3 stars
3 (11%)
2 stars
1 (3%)
1 star
0 (0%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
December 13, 2020
ඇත්තෙන් ම මේ කෘතිය මිල දී ගෙන මා සතුව වසර දහයකට අධික කාලයක් තිබෙන්නට ඇත. මෙය කියවන්න ට යොමු වුනේ ම අමරකීර්ති ගේ "සිතිවිලි සිතිජය" කෘතියේ සරච්චන්ද්‍රයන් අලලා ලියූ ලිපි දෙකක් කියවීමෙන් උපන් යම් කුහුළක් විමසනු පිණිසය(1). ඉන් ලැබූ රසෝත්තජනය, මුළු කෘතිය කියවීමට හේතු විය.

ආරම්භයේදී ම, මෙම කෘතිය කවරාකාරයේ එකක ද සැල කරනු වස්, හෙතෙම රසල් සාමිගේ චරිතෝපදානයත්, කමලා දාස් ගේ චරිතෝපදානයත් නිදර්ශනයට ගනියි. වෙසෙසින් භාරතීය සංස්කෘතිය හේතු කොට ගෙන, දාස්ගේ කෘතිය මහත් ආන්දෝලනයට පත් වූයේ එහි වූ අතිශය පෞද්ගලික තොරතුරු හේතු කොට ගෙන ය. එලෙස ම, මෙය වික්‍රමසිංහගේ "උපන්දාසිට" හා වෙනස් වන්නේ කෙසේ ද යන්නත් මේ ආශ්‍රයෙන් පහදයි. මේ පිළිබඳව විවිධ පාඨකයනට විවිධ මත තිබිය හැකිය. සිංහල කලාවත්, එහි ඉතිහාසයත් පිළීබඳ විශේෂ උනන්දුවක් ඇති මා මිතුරෙකු පැවසුවේ, තමන් සරච්චන්ද්‍ර ගේ පෞද්ගලික දිවියේ කාරණාකාරණා දැන ගැනීමට වඩා, ඔහු ගේ මත සහ එහි මැ නිරතව තම වෘත්තීය දිවියේ හැසිරීම හේතු කොට ගෙන, යම් අසාධාරණයකට පත් වූ කොට්ඨාශයක් සිටි බැවින්, එම ආන්දෝලානාත්මක අවධිගැන වැඩි අවධානයකට යොමු කිරීම ට තිබුණු බවත්, එය වඩා සාධාරණ බවත් ය. මගේ පෞද්ගලික කියවීම නම්, සරච්චන්ද්‍රයන් කෘතියේ තැනින් තැන, තම ස්ථාවරයන් ට හේතු කිම ද යන්න ගැන ඉඟි දක්වා ඇති බවත්, ඉන් ඔහු ගේ වැටහීම අනුව ඔහු ගත් මතභේදාත්මක තීරණ ගැන පශ්චාතපයට පත් නොවූ වගත් ය. ඔහු ගේ මතයන් අනුව එය අසාධාරණයක් ලෙස ඔහු දුටුවේ ද යන්න ම විවාදාත්මක ය. එතැන් පටන් සරච්චන්ද්‍රයන් ට වැඩිම උවහොත් කල හැක්කේ අසාධාරණයට පත් වූවන් ගැන පෞද්ගලික කණගාටුවක් පළ කරලීමක් පමණි. ඒ අනුව, සරච්චන්ද්‍රයන් තම දිවිය තුල කොපමණ කලා සම්ප්‍රදායන් ඇසුරු කල තිබ්බ ද ඔහු ගේ යම් සීමා හේතුවෙන් සාර්වභෞමිකත්වයේ ද සීමා වූ බවත්, සමහරක් වා වෙනස් වූවේ ඉතා පසු කාලයේ මද වශයෙන් බවත් කිව හැක. මේ එවැන්නක ට නිදසුනකි.

"භාරතීය සංගීතයෙහි සංධ්වන්‍ය භාවිත නොකරන බවින්, රාගය - එනම් ස්වර සමූහය හෝ සන්තතිය - සැරසීමට ශ්‍රැති වැනි අලංකාර අවශ්‍ය වේ. ශුද්ධ ස්වර පමණක් නිපදවීමට කටහඬ සකස් කරගත් ගායකයන්ගේ මුවින් මෙවැනි අලංකාර නොගැයේ. එබැවින් ඔවුන්ගේ ගායනය නීරස වේ." (41 පිටුව )

මේ කෘතිය 1985 පළ වූ හෙයින් ඊට පෙරාසන්න යුගයක ලියැවුන්නකැයි සිතීමේ වරදක් නැති. එනම් ඔහු දිවි පුරා ම ශුද්ධ ස්වර පමණක් නිපදවන ගායකයින්ගේ ගායනා නීරස යන අදහසේ සිටින්නට ඇත. එය ඇත්තෙන්ම පෞද්ගලික ස්ථාවරයකි. එතැන ද ඔහු ගේ සාර්වභෞමිකත්වය තක්සේරුවට හොඳ තැනෙකි. හියුබට් රාජපක්ෂ "දන්නෝ බුදුන්ගේ" ගීතය ගයනුයේ තනිකර ම බටහිර ශෛලියකින් බව ඔහු පෙන්වා දෙයි. සාහිතකාමි මිතුරෙකුට ස්තූතිවන්ත වෙන්න හියුබට් ගැයූ මේ කියනා අනුවාදය ඇසීම ට අවස්ථාවක් මට ලැබිණි. සංගීතයේ තාක්ෂණයන් හෝ ස්වර් පද්ධති ගැන මෙලෝ හසරක් නොදන්නා, එලෙසම බටහිර සංගීත ලෝලියෙකු වශයෙන් හෝ, මට වුව, ඒ අපට පුරුදු නුවාන්සයන්ගෙන් තොර සිංහල ගී ගායනය ට සමීප වීමට නොහැක. සරච්චන්ද්‍රයන්, සූරියසේන දර දඬු අදහස් වලින් පසුව වෙනස් වෙමින්, මුලින් ඔහු ගැයූ බටහිර ආර වෙනස් කරමින් සිංහල ඌරුවකට ( අසාර්ථකව හෝ ) ගැයීමට යත්න දැරූ බවක් පවසයි. අයෙකුට සංගීතය යන විෂය පිළිබඳව, සරච්චන්ද්‍රයන් ද දර දඬු ප්‍රතිපත්තියක් දැරූ බව පැවසිය හැක. එරික් ඉලයප්ආරච්චිගේ මේ පිළිබඳව අපූරු ලිපියක් තම කලාව හා කතිකාව යන කෘතියේ පළ කොට ඇත.

සරච්චන්ද්‍රයන් ට භාරතීය කලා ශිල්පයන් ගැන ඇල්මක් උපදින්නේ ඔහු විශ්ව විද්‍යාලයට ද යාමට පෙර, ඔහු ආශ්‍රය කල හේවාහැට ටෙලිෆෝන් ඔපරේටර්වරයකු නිසාය. ඔහු හරහා එකල මහනුවර කැරොල් කණ්ඩායම් ගැනත්, පසුව රවීන්ද්‍රනාථ තාගෝර් මෙහි පැමිණි කල ඔහු ගෙ මුද්‍රා නාට්‍ය නැරඹීමෙනුත් ඔහු කෙතෙරම් එම කලා සම්ප්‍රදායන්ට ඇදී ගියේද කිවහොත්, යුනිවසිටි කොලීජිය වෙනුවට ශාන්ති නිකේතනයට යාමට ද ඔහු කාලයක් සිතා ඇත.

සරච්චන්ද්‍රයන් පවසන්නේ, තමන් පාසල් ගිය සමයේ සිංහල ගුරුවරයා යනු ශිෂ්‍යයන් විසින් හාස්‍යයට ලක් කල, පුද්ගලයකු බවයි.

"...-විශේෂයෙන් සාන්ත තෝමස් හා ඇලොවිසියස් යන පාසැල් දෙකේ සිංහල පැය ළමයින් විසින් සලකනු ලැබුවේ විනෝද පැයක් ලෙස ය. සිංහල උගන්වනු ගුරුවරයාට නොයෙක් අයුරේ විහිලු තහලු හා කෙණෙහිලි කරමින් ළමයි මහත් ප්‍රීතියක් ලබති...

මේ තත්වය විදුහල්පතිවරු ද නොදන්නාහු නොවෙති. එහෙත් ඔවුන් ද එයින් විනෝද වන්නා සේය." (23 පිටුව)


සරච්චන්ද්‍රයන් විශ්වවිද්‍යාලයේ උගත් කාලය පිළිබඳ විස්තර කියවීම රසවත් ය. රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් නම් වූ ශාස්ත්‍රයන් කෙරෙහි ලැදි, තරමක් වෙනස් දිවිපෙවෙතක් ගත කල හිමි නමක් එකල විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කල බවත්, උන්වහන්සේ ගේ ප්‍රාචීන භාෂා දැනීම මලලසේකරයන් ට වඩා ගැඹුරු බවක් ඔහු ට තැනුනු බවක් පවසයි. ඔහු මේ බව පවසන්නේ මලලසේකරයන් එම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් මල භාෂාවක් අයුරින් සංස්කෘතය හැදෑරීමත්, සිද්ධාර්ථ හිමියන් කල්කත්තා විශ්වවිද්‍යාලයෙන් ජීවමාන භාෂාවක් ලෙස සංස්කෘතය හැදෑරිමත් අතර වෙනස පෙන්වීම සරච්චන්ද්‍රයන්ගේ අරමුණ බව පැහැදිලිය. "කිරා බුදිද බං" කාවය සිද්ධාර්ථ හිමියන්ගේ නිර්මාණයක් බව හේ පවසයි.

විශ්ව විද්‍යාලයේ උගෙනීමෙන් පසුව, පරිපාලන සේවයට එක්වීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව, ඔහු ශාන්ති නිකේතනයට යන්නේ මෙහි ලේක් හවුසියේ ඇතුළු රැකියා කිහිපයක යෙදීමෙන් ද පසුව ය. පෙරදිග සංගීත ආර සහ බටහිර සංගීත ආර අතර වෙනස පිළිබඳ ඔහු ප්‍රථමයෙන් දැන ගත්තේ ශාන්ති නිකේතනයේ දී ය. සුනිල් සාන්තයන් ශාන්ති නිකේතනයේ දී ඔහු ගේ සමකාලීනයෙකි. ඨාකුරයන්ගේ කවි ආශ්‍රයෙන් ඔහු මෙවන් අදහසක් පවසයි.

"රවීන්ද්‍රනාථ ඨාකුරයන්ගේ කාව්‍ය මුල් වංග බසින් ශ්‍රවණය කරන විට, ඉංග්‍රීසි පරිවර්තනයෙ හි දී ඒවා කෙතෙරම් රසහීන වී ඇත්දැයි වැටහේ. ඒවායේ ශබ්ද ධ්වනිය විසින් අර්ථ ධ්වනිය විසින් අර්ථ පෝෂණය වෙමින්, ස්වර රචනාවෙන් ඒ දෙක ම උද්දීපනය වී ඇති සැටි මනෝඥ ය...
ගුරුදේවගේ රචනා ශෛලියේ ආභාසය, වගු බස දත් චන්ද්‍රරත්න මානවසිංහගේ ඇතැම් කාව්‍ය රචනාවල දක්නට ලැබේ." ( 76 පිටුව)



මෙම කොටසේ තැනෙක, වෙසෙසින් බෞද්ධයන් ක්‍රිස්තියානි නම් තිබීමේ සංස්කෘතික නොගැලපීමත්, බෞද්ධයන් ට නම් තැබීමේ උත්සවයක් නොතිබීම නිසා දෝ යැයි ඔහු එකල ප්‍රශ්ණ කරයි. කෙසේ වෙතත් මෙවන් කාරණා වලින් නිදහසට පෙර යුගයේ ජාතික අනන්‍යතාවය සෙවීම යන්න සාධාරණ අවශ්‍යතාවක් බව පෙනී යයි. ( අතුරු කාරණාවක් - අනගාරික ධර්මපාල ද ඉංග්‍රීසි නම් සිංහල නම් වලට මාරු කරලීමේ අවශ්‍යතාව ලිපි ආශ්‍රිතව පෙන්වා දී ඇත. ඔහු ආවේගශීලි ලෙස සමහර දේ කීවද, එම කාර්‍යයන් බොහෝමයක් දේ නිවැරදි බව, මධ්‍යස්ථව තැනෙක සිට බලද්දී ය. 1983 දෙමළ කෝලහාල වලින් පසුව, ජනාධිපති සහ ඇමතිවරුන් තමන් සිංහල ජනතාව පමණක් නියෝජනය කරන අය මෙන් කතා කලේ වසර 40 ට ත් අඩු කලකට පෙර ය. මීට වසර සියයකට පමණ පෙර, සාමාන්‍ය ජනතාව ආමන්ත්‍රණයේ ස්වරය අනුව ඔහු පිළිබඳ කෙරන අවසන් තීරණ කෙතෙක් සාධාරණ ද යන්න ගැන නැවත සිතා බැලිය යුත් බවත්, සරත් අමුණුගමයන් ලියූ Roar of the Lion කෘතිය පරිශීලනය කල යුතු බවත් හැගුණේ මේ ගැන කියවද්දීය. )

අසනීප වූ නිසා වසරකින් අනතුරුව නැවත මෙහි ආ සරච්චන්ද්‍රයන්, ප්‍රායෝගික ජීවිතයේ අසීරුතා තරමක් මුහුණ දුන්නේය. ඔහු වික්‍රමසිංහයන් හා සමීප ඇසුරක් ඇති කරගත්තේ මෙකල් හි දී ය. විරමසිංහයන් ගේ ජීවිත රටාවත්, ඔහු ගේ අතිශය කාර්‍යශීලිත්වයත්, එහෙත් අන් අයට උපකාර කරලීමට සැදී පැහැදී සිටි අයුරුත් පිළිබඳ විස්තර කොට ඇත්තේ වික්‍රමසිංහයන් කෙරෙහි මට ඇති කැමත්ත තවත් වැඩිවන අයුරෙනි. ඔහු මෙකල ලියූ Modern Sinhalese Fiction කෘතිය ගැනත්, ඊට වෙසෙසින් ඩබ්. ඒ. සිල්වා සහ කුමාරතුංග වෙතින් ආ විවේචන පුද්ගලික ගැරහීම් තත්ත්වයේ තිබූ බව ඔහු පවසයි. ඔහු එම කෘතිය ලිවීමට හේතු වූ කාරණා මෙසේ සැකවින් සඳහන් කරයි.

"සමහර (සිංහල) ලේඛකයන් බටහිර කෘති අනුකරණය කළ අතර, සමහරු බටහිර කෘති පරිශීලනය කරමින් ඒවයේ ආභාසය ලැබ ස්වතන්ත්‍ර කෘති නිර්මාණය කළහ. බටහිර කවර ලේඛකයන් සිංහල ලේඛකයන් කෙරෙහි බල පා ඇද්ද යනු සෙවීම ද කුහුල් වඩවන කාර්‍යයක් බව මට පෙනුණි." ( 99 පිටුව)

ඔහු පළමු වරට කපුවා කපෝති නිෂ්පාදය කොට රඟ දක්වන්නේ 1945 දී ය. එම ඩී.ජේ. විජයරත්නත්, ඒ.පී. ගුණරත්නත් දායක වූ අයුරුත්, ලුඩොවික් මහතා සහ එම මැතිණිය ගේ මැදිහත්වීමත් මතු කරයි. යුනිවසිටි කොලීජිය, සම්පූර්ණ විශ්වවිද්‍යායක් බවට පත් කොට, එහි පාළි භාෂා අංශයෙහි වසරක් සේවයෙන් අනතුරුව, ඔහු එංගලන්තයට යන්නේ ඔහු ගේ ආචාර්‍ය උපාධිය උදෙසා ය. ඔහු ට මංජු ශ්‍රී හිමියන් හමුවන්නේ එම ගමනේදීය. මංජූ ශ්‍රී තම ස්වයං තෘතිය වෙනුවෙන් චිත්‍ර කර්මයේ යෙදීම ගැන රසවත් විස්තරයක් ද මෙහි එයි.

එංගලන්තයෙන් මෙහි නැවත ඒමෙන් පසුව ඔහු "රෙඩියෝ ශිල්පියෙකු" වීමට් ආරාධනාවක් ලබන්නේ නවත කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරන ගමන් ය. සාහිතකාමි මිතුරෙකු හා මේ කෘතිය ගැන කතාකරන විටෙක ඔහු කීවේ, තමන් මේ කෘතිය ගැන සතුටු නොවන බවෙකි. ඒ, සරච්චන්ද්‍රයන්ගේ පෞද්ගලික විස්තර මෙහි ඇතුලත් වුවද, වෙසෙසින් ගුවන් විදුලියේ ඔහු ගේ භූමිකාව අන් අය කෙරෙහි කෙසේ බලපෑවේද යන්න ගැන ඔහු කිසිදු ආත්ම ගවේශණයක් කර නැති වීම, කෘතියේ අසම්පූර්ණත්වයට නිදසුනක් කියාය. මේ ගැන තිස්ස අබේසේරයන් "නොදනිම් කාගේ දොසා" නමින් අපූරු ලිපියක් තම " අයාලේ ගිය සිතක සිතුවිලි" පොතට එක්කාසු කොට ඇත. සරච්චන්ද්‍රයන්ගේ මේ පොත ලියවෙන්නේ ඊට අවුරුදු විසි දෙකක ට පෙරය.

ඔහු නැවත නාට්‍ය නිෂ්පාදයට යොමු වන්නේ මෙකලය. එකල තම නිර්මාණ පිළිබඳ වෙසෙසින් රෙජී සිරිවර්ධනයන්ගේ විචාරයන් ගැන උනන්දුවෙන් සිටි බවත්, සිංහල පුවත්පත් කරුවෝ නම් විශ්ව විද්‍යාලයෙන් නිපදවෙන නාට්‍ය පුරුද්දක් ලෙස විවේචනය කල බවත් ඔහු පවසයි.

1952න් පසුව භාෂා ශාස්ත්‍ර පීඨය පේරාදෙණියට ගෙනයාම හේතුවෙන් තමන් ද කොළඹ හැර එහි වාසයට ගිය යයි. ශාස්ත්‍රයන් උදෙසා එම පරිසරයේ යෝග්‍යතාව ගැන ඔහු උදම් අනයි. ඕස්ට්‍රියනු ජාත්ක ජුබාල් මෙහි ගෙන්වා, පේරාදෙණි සිසුන්ට නාට වැඩ මුළුවක් ආරම්භ කෙරුණේ මේ කාලයේය. ජුබාල් හා සමග වෙද සටන නිෂ්පාදනය කොට පෙන්වුවද, දෙපළ අතර මතභේද ඇති වූයේ සිංහල කලා ශිල්ප හා සංස්කෘතිය පිළිබඳ ව අවමානාත්මක ආකල්පයන් නිසා ය.

රොකර්පෙලර් සංචාරක ශිෂ්‍යත්වයක් ලැබ, පළමුව ඉන්දියාවටත්, ජපානයත්, ඇමරිකාවත් ගොස්, එම රට වලට ආවේණික නාට්‍ය ශිල්පය සියැසින් නරඹයි. කබුකි සහ නෝ නාට්‍ය ඔහු ගේ වෙසෙස් අවදානය දිනීමෙන්, ඔහු අමරිකාවේ ගතකරන කාලය අඩු කොට නැවත ජපානයට ගොස් එම නාට්‍යය ගැඹුරින් හදාරයි. පිටු 12 ක් පමණ පුරා දිවෙන මෙම විස්තර බෙහෙවින් රසවත් වන අතර, අමරිකාවේ කලාවේ ධනපති මැදිහත් වීම න දීර්ඝ ලෙස සාකච්ඡා කරයි.

නැවත පේරාදෙනි ආගමයෙන් පසුව මනමේ බිහිවෙද්දී, එම රචනාවට රශෝමාන් ආභාෂයත්, බිසව ගේ සිතුවිලිත්, එය සාම්ප්‍රදායික චුල්ල ධනුද්දර ජාතකයෙන් වෙනස් වන්නේ කෙසේ ද කියාත්, එම ආස්ථානයට පැමිණි විවේචනත්, නාට්‍ය නිෂ්පාදනයට සිරි ගුනසිංහගේ වෙස් නිර්මාණයෙන් හා අංග රචනයෙන් ලැබුණු සුවිශේෂි දායකත්වයත් ඔහු මතු කරයි. එය වේදිකා ගත කිරීමේදි ඇති වූ ගැටළු ද, ඒ ආශ්‍රයෙන් සිංහල නාට්‍යය පිළිබඳ 1956 දී සිංහලයා පිළිබඳ වූ ආකල්පයන් ගැන ද, මුලින් එතරම් ජනප්‍රිය නොවූ මනමේ නාට්‍යට මානවසිංහ වගතුග ට ලියූ විචාරය ඒ ගැන යම් අවදානයක් යොමු වීමට හේතු වූ අයුරු ආදිය රසවත් විස්තරයන් ය.

මේ හා සම කාලයේ සරසවි සිසුන් වූ සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර ගේ සක්‍රීය සාහිත්‍යා දායකත්වයත් ඊට එකල පැවත් පේරාදෙණි පරිසරය හේතු වන බවත් කියන මුත්, පේරාදෙණි ගුරුකුලයක් නම් නොවූ බවත් හෙතෙම පවසයි. එනුමුදු, දැනට ආරංචි විදිහට මේ පිළිබඳව සුවිශේෂි ගවේෂණයක් ඉටු කල සේන තෝරදෙනිය, "පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම" නම් පොත එම මාතෘකාව පිළිබඳ හැදෑරීමකට, මැදිහත් සිතින් කියවීමට උචිත පොතක් බවකි තතු දන්නෝ පවසන්නේ. එම පොත අප තවම පරිශීලනය කොට නැති මුත්, එය පරිශීලනය ට සිතමි.

මනමේ පිළිබඳ විචාරයන් සහ එහි සාහිත්‍යා පාර්ශවය, වෙසෙසින් සිංහල විචාරකයින්ගේ ඇසට හසු නොවූ අයුරු, තත්කාලීන නවකතා පිළීබඳ සරච්චන්ද්‍ර කියවීම, මලගිය ඇත්තෝ - මලවුන්ගේ අවුරුදු දා පසුබිම, සිංහබාහු නාට්‍යය ගැන ඔහුගේ ආස්ථානය ආදිය මේ කෘතිය කියවීමට සිත් වඩවයි. ඊට අමතරව, හෙතෙම අමරදේව ගැන කතා කරනුයේ සංගීතය ඔස්සේ යම් ආවේශයක් තුල ට කා වැදී ඒ තුල වෙසෙමින්, පිටස්තරව අඩසිහියෙන් වෙසෙන්නෙකුගේ ස්වරූපය මතුකරමිනි. ජයලත් මනෝරත්න, බන්දුල ජයවර්ධන ආදි අය ඔහුගේ පසුකාලීන නාට්‍ය නිර්මාණ වලට සහභාගි වූ අයුරු ද ගෙනහෑර දක්වයි.


කෘතියේ අවසන් පිටු විසි ගණන කැප වන්නේ, ප්‍රංශ තානාපති ලෙස ඔහු ගත කල කාලය පිළිබඳ ඔහුගේ අපැහැදීමත්, වෙසෙසින් 1977 න් පසු ව බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජය හමුවේ ඔහු තුල රට කෙරෙහි ම බලාපොරොත්තු නති ස්වරයකින් ඒ ගැන විවේචනයත් ය. නැවත වරක් ඔහු ගේ සාර්වභෞමිකත්වයේ සීමාවන් ගැන ප්‍රශ්ණය මතු වන්නේ වෙසෙසින් මෙම 1980 දශකය පිළිබඳ හෙලන තරමක දැඩි ඍණාත්මක ආකල්පයත් නිසා ය.

"වර්තමාන ආණ්ඩුව විසින් කලාව ද වෙනත් පාරිභෝගික භාණ්ඩ මෙන් වෙළඳ පොළැට දමා වෙළඳ පොළේ න්‍යාය අනුව වැඩෙන්ට හෝ වැනසෙන්ට ඉඩ දී බලා සීටින්නා සේ ය. වෙළඳ පොළේ න්‍යාය අනුව නම් කලාව පිරිහෙන බව ඔවුන් නොදන්නවා විය හැකිය. එසේ නත්නම් ඔවුන්ට එයින් කම් නැතිවා ඇත." ( 223 පිටුව )

සමස්තයක් ලෙස පැවසිය යුත්තේ, මේ කෘතිය මට කියවන්න ට තිබුනේ මීට වසර ගණනාවකට පෙර බවය. ඒ මෙය සම්පූර්ණ චරිතෝපදානයක් නිසා නොවේ.- ඒ ආශ්‍රිතයෙන් තව බොහෝ දෑ කියවීමට මග පාදන හෙයිනි. මා මේ පොත අගයන්නේ අප රටේ 1930 සිට 1980 පමණ දක්වා කාලයේ, කලාවේ දසාව පිළිබඳ යම් අදහසක් එහි ගැබ් ව ඇති නිසා ය. ඒ අර්ථයෙන් මෙය සිංහල කලාව පිළිබඳ උනන්දු අයෙක් අනිවාර්‍යයෙන් කියවිය යුත්තකි.

ශානරය - චරිතෝපදාන
ඇගයුම - *****
තුන්වෙනි මුද්‍රණය - සරසවි (2007)
මුල් මුද්‍රණය - 1985

(1) බලන්න,
(අ) මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….

( https://me-and-err.blogspot.com/2020/... )

(ආ) සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය පිළිබඳ යම් හැදෑරීමකි
(https://me-and-err.blogspot.com/2020/... )
Profile Image for Charvi Janathri.
38 reviews11 followers
April 1, 2021
A close look at the life and works of I believe a great man who had humble thoughts.
He tried to find what he loves to do, was determined to find a unique style of drama that Sri Lankans can be proud of as our own, tried to lift the declining appreciation we have for Sinhalese language(our native language), attempted to recognize our identity and our own ways of drama production through, putting detailed focus into each area of its creation from script writing to careful look at the music, tune composition, costumes, and dance, to unearthing the perfect talented individuals to act in his dramas, which was how Maname came to fruition.

While admitting that I was entirely , entertained by how he had penned down the miraculous way, he put together Maname, I admired how he was not amused by money or fame that his drama productions were going to accumulate. Despite some challenging times of his personal lives, he continued to write , enjoyed putting all his efforts into his work that he cared about and associated literary friends who shared the same passion.

His travels around the world with his Rockefeller scholarship could have inspired him to write his masterpieces such as Maname, Sinhabahu etc, as he has tried to infuse a native style to them, just like how Japanese did with Kabuki or how USA had their own Broadway dramas.

In a world where the ones who were different, who wanted to make a change were ridiculed , the author of this book, එදිරිවීර සරච්චන්ද්‍ර was a a artist who paid no attention to critics , just as he perfectly ended the book, saying, what he tried to produce through his dramas were a value that cannot be measured with money , and their work maybe be of absolute mockery to some, yet the happiness they get out of their creative process is far more valuable for them.

As the author rightfully states, this book is not a success story nor an autobiography , but for me this book served as an inspiration to do what I love, increased my admiration for the creativity, that went into works of arts produced by great characters that were introduced to me in this book, and to appreciate genuinely creative music and literature, in a world that always follows a certain trend ,and easily satisfied by worldly amusement.
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
January 31, 2021
I read "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" in preparation to Sena Thoradeniya's "පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම".

This "essay" describes the life and times of Sarachchandra. He makes it very clear at the very beginning that this is not an autobiography, stating that the Sinhalese culture (or more generally, the Oriental culture) does not provide a suitable setting to publish an honest autobiography, or a "confession" (citing the backlash to Kamala Das' autobiography "My Story" as an example). Reading through, it is clear that the author only mentions events and thoughts related to his work and art, and decides to gloss over his intimate personal life in a terse, factual manner.

In the book we find the humble origins of Sarachchandra's artistic tendencies, his artistic engagements at University College, first marriage, his stay at Shantiniketan, return to Sri Lanka, close interaction with Martin Wickramasinghe, involvement with the so-called "Peradeniya School" of Sinhalese literature, travels as a Rockefeller scholar, production of "Maname" and various other milestones of his life. One wonders at the amount of notable people he had interacted with in a very intimate manner throughout his life as an artist.

Sarachchandra's entire journey seems to be fueled by his desire to re-energize the dying Sinhalese spirit; to bring back the use of the Sinhalese language from its (then) dilapidated state, to create a Sinhalese identity in art, specifically in drama (in a similar note, I recall the feud between Khemadasa and Ranawala on Sri Lankan folk music) and to encourage other artists to follow suit for which he helped by producing examples of what he considered as good aesthetics (through his own works and by endorsing others). His expectation was that the aesthetic revival would generate a sense of national pride in Sri Lankans, who by then had begun to worship all things occidental, and that local artists would be at the forefront of this revival.

Sarachchandra does not claim that the so-called "Peradeniya School" of Sinhala literature did not exist; rather, he says that his intention as an artist was to produce a work of art, and that he was not in a position to prevent others from attempting to imitate (or in today's parlance, create a "trend") the sentiments found in his work. I need to revisit this point more deeply after reading Thoradeniya's work stated above and few other key works by Gunadasa Amarasekara and Siri Gunasinghe. I have heard few people say that after the publication of "මළගිය ඇත්තෝ", there were many female "නොරිකෝ සං" adoptees in universities (disclaimer - I absolutely love both "මළගිය ඇත්තෝ " and its sequel). I believe there are many other horror stories related to the "Peradeniya School".

Towards the end of the book Sarachchandra states his disappointment (frustration?) that the revival for which he sowed the seeds did not yield the intended harvest; the television has robbed time from society (then), the aesthetics of the works produced had fallen into new lows and artists that he considered to be pivotal in the revival in late 50's had fled Sri Lanka for greener pastures. This was preceded by his own failure at both party politics and as an ambassador. One wonders what Sarachchandra would state seeing the mobile phone/content addiction that is now plaguing the young and budding populace of this country.

These are some of the things that come to my thoughts from the book; it is valuable considering the density and the context of the information contained. Furthermore, the book is written in a manner that makes it an enjoyable read, but requires few (re)readings to get a good picture.

However, I do not agree with Sarachchandra on his view of finding a Sinhalese heritage in everything, adopting a certain "going back to the roots" procedure. As an internationalist myself, being Sinhalese is defined, at least for me, the current (emphasis!) state and systems of values held by the Sinhalese people. All things, including cultural values, are subject to change based on multifarious factors. Preventing change, embracing entirely new things or claiming that an earlier form is superior are all equally fallacious in my opinion. What is present now is what it is, despite how different thing were before.

In contrast, my opinion on what is important is that we should have a pride in our national identity as an expression of civic nationalism (in contrast to the popular ethnonationalism). It is necessary to explore, research and rediscover what has been lost, but the adoption of these should be done in an organic manner (the best example is Japan, where the old and the new live at perfect harmony). Despite all said, Sarachchandra, in this matter made noteworthy and significant contributions to the national identity of Sri Lanka, and was committed through and through towards rediscovering and providing fresh interpretations of the aesthetics found throughout Sri Lanka and in the Sri Lankan heritage.
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
March 27, 2021
පිං ඇති සරසවි වරමක් දෙන්නේ සාම්ප්‍රදායික චරිතාපදානයක් නොවේ. මම එසේ කියන්නේ මෙහි වෙනත් චරිතාපදාන වල මෙන් පිලිවෙලටම කතුවරයා ගේ ජීවිතය ගැන ලියවී නොමැති නිසාය. නමුත් කතුවරයා ඔහු විසින් වැදගත් යැයි සැලකූ අවධි කිහිපයක් පිලිබඳ අව්‍යාජයෙන් විස්තර කර ඇති බව පෙනේ.

මෙම පොතෙහි සඳහන් කාල පරිච්ඡේදය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් අවධි තුනක් පසුකල කාලයකි. එනම් නිදහස ලැබීමට පෙර කාලය, නිදහස ලැබීමෙන් පසු කාලය සහ විවෘත ආර්ථිකය හඳුන්වා දෙන ලද කාලයයි. ඔබට මෙම පොත කියවන විට නිරයාසයෙන්ම මෙම කාලවල සිදුවූ සමාජ, ආර්ථික පෙරලි හඳුනාගැනීමට හැකි වනු ඇති. නමුත් මෙය අද සමාජයේම පැතිකඩක් බව මට වැටහුණි. මෙම පොතෙහි ඇති කොටස් අතර, සරච්චන්ද්‍රයන්ගේ ළමා අවධිය පිලිබඳ කෙටි විස්තරයක්, ඔහු කලාව හැදෑරීමට ඉන්දියාවේ ගත කල කාලය, ගුරුවරයෙකු ලෙස ඔහුගේ ජීවිතය, උසස් අධ්‍යාපනය සඳහා බටහිර ගත කරන ජීවිතය සහ සිංහල නාට්‍ය කලාවක් ගොඩනැගීමට ඔහු කල උත්සහයන් ඇත.

සරච්චන්ද්‍ර හෙවත් ඩොක්ට සමාජ රැලි පසෙකලා ඔහු විශ්වාස කල කලාව වෙනුවෙන් ඔහුගේ කාලය හා ශ්‍රමය වැය කලේය. ශ්‍රී ලාංකේය කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණ ලෙස සැලකෙන මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිශ්පාදනය කිරීමට ඔහු කරන ලද පර්යේෂණ සහ කැපවීම සැබවින්ම පැසසිය යුතුය. ඇතැම් විට ඔහු දේ කැපවීම නොකලා නම් අපිට ශ්‍රී ලාංකික නාට්‍ය කලාවක් නොතිබෙණු ඇති.

සරච්චන්ද්‍ර චරිතයෙන් අපේ ජීවිත වලට ගත හැකි ආදර්ශ බොහෝ ය. ඔහුගේ නිශ්පාදන විශිෂ්ඨ ලෙස නිම කිරීමට ඔහු වෙහෙස වුණි. අද අපි දකින කලාව බොහෝ විට ලාභය උදෙසා එහි විශිෂ්ඨත්වය කැප කරන ලද කලාවකි. ඔහු ඇසුරු කලෙත් මාටින් වික්‍රමසිංහ,අ සුනිල් ශාන්ත, අමරදේව වැනි ඔහුගේ කලාවට, ජීවිතයට ධෛර්‍ය දිය හැකි පුද්ගලයන් ය. අද කාලයේ බොහෝ දෙනෙකු ප්‍රශ්න ඇති කරගන්නේ නුසුදුසු පුද්ගලයන්ගේ ඇසුර නිසාය. මෙයද හොඳ ආදර්ශයකි. ඔහු මිල මුදල් පසු පස හඹා යෑම පසෙක ලා, ඔහු තෘප්තියට පත්වුණ කලාව ඔහුගේ ජීවිතය කරගත්තේය. අද සමාජයේ අප බොහෝ දෙන්නා කරන්නේ අපේ සතුට ලෞකික සැප සම්පත් වෙනුවෙන් කැප කිරීම නොවේද?
Profile Image for Supun Sudaraka.
5 reviews
December 20, 2020
සිංහල සාහිත්‍ය සඳහා සරච්චන්ද්‍ර මහතාගේ භූමිකාව අධ්‍යයන​ය සඳහා කියවිය යුතු පොතකි. ඒ හැරෙන්නට ලියා ඇති සුමට බස් වහර නිසා වෙනත් කියවන්නෙකුට වුවද රස විඳිය හැකි පොතකි. තමාට තමා පිළිබඳවම දැනුනු දෑ නොසඟවා කතා කිරීමද අගය ක​ළ යුතු කරුණකි.
78 reviews
January 4, 2023
I can’t say I enjoyed the book.
But it is quite illuminating. He without arrogance, exposes the vastness of his in-depth knowledge on drama, literature, music, religion, philosophy and, well humans.
Yet I feel sad for him.
Also, what he saw in late seventies and feared for about the country, has now become a reality, hundred times worse.
Profile Image for CD Athuraliya.
24 reviews9 followers
June 25, 2018
Gives a good understanding about the genuine efforts by previous generations to find our own identity in music, drama and theatre.
Profile Image for Rashmi Tharuka.
12 reviews
December 22, 2023
Best thing about this book is realizing the way it got its name
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.