Jump to ratings and reviews
Rate this book

නාඳුනන සුබපැතුම

Rate this book

Unknown Binding

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
2 (100%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Dilly.
248 reviews16 followers
August 3, 2021
තුන්වෙනියා සහ රාජාලියා රහස් පරීක්ෂක කෙටිකතා සංග්‍රහයන් රචනා කළ ගිම්හාන් සූරියබණ්ඩාර ගේ නවතම රහස් පරීක්ෂක කෙටිකතා සංග්‍රහය නාඳුනන සුබපැතුමයි.

ලංකාව පසුබිම් කරගත් රහස් පරීක්ෂක කතා ලියවීම ඉතා දුර්ලභ වකවානුවක ලියවූණු තුන්වෙනියා කෙටිකතා සංග්‍රහය එකල නැවුම් අත්දැකීමක් වුණා. ඒ අනුව යමින් ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය නිකුත් වී කෙටි කාලයක් තුළම කියවන්නට පෙළඹුණේ.

මෙහි රහස් පරීක්ෂක කෙටිකතා 4කි. ඒවා විසඳන්නේ රහස් පරීක්ෂක මාෂල් ජයවීර යි. ඔහුට සහය වන්නේ මනුජ හා බිනරි යන දෙදෙනායි.

මෙහි එන කෙටිකතා වල විසඳුම් සාමාන්‍යයෙන් අනුමාන කරන්න නොහැකි වන විදියට තමයි ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය ලියවිලා තියෙන්නෙ. මේ කෙටිකතා සංග්‍රහයෙ එන කතා 2ක්ම ඒ වගේ කතා විදියට යි මට දැනුනෙ. ඒත් නාඳුනන සුබපැතුම කතාවෙ දෙවනි කොටසත්, ගිනි පුපුරු කතාවත් මං කාලෙකට කලින් බලපු රූපවාහිනී කතා මාලාවක කතාංග (episodes) 2ක් ආශ්‍රයෙන් ලියවිලා තිබුණෙ. ඒ Forensic Files කතා මාලාව. කතුවරයා ඒ කතා මාලාවෙන් ආභාෂයක් ලබාගත්තා දැයි කියන්න මා දන්නේ නෑ. ඒත් ඉහත මං දක්වපු කතා 2ම Forensic Files කතා මාලාවේ එන කතාංග දෙකකට බෙහෙවින්ම සමානයි.

ගිම්හාන් සූරියබණ්ඩාර ගෙ මුල්ම රහස් පරීක්ෂක කෙටිකතා සංග්‍රහයෙ ඉඳන්ම කියවපු කෙනෙක් විදියට ඔහුගේ කතා වලට මං ගොඩක්ම කැමතියි. විදේශ කතා මාලාවල ආභාෂය ගැනීමත් නරක දෙයක් නොවෙයි. ඒත් ඔහුගේ මුල්ම කෙටිකතා ඔහුගේ පරිකල්පනය භාවිත කරලාම ලියපු ඒවා නම් විදේශීය කතා ඒ අයුරෙන්ම ලිවීමෙන් මුල සිටම ඔහු එක්ක ඉන්න ඔහුගේ පාඨකයන්ට කරන අසාධාරණයක් විදියටයි මම දකින්නෙ.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.