Jump to ratings and reviews
Rate this book

දිගු තත්පර

Rate this book
කෙටි කතා සංග්‍රහය

136 pages, Paperback

Published January 1, 2020

1 person want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (50%)
3 stars
1 (50%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
May 9, 2023
කතුවරයගේ දසවෙනි කෙටිකතා සංග්‍රහය කියවූයේ, 2020 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීමේ ව්‍යායාමයේ සවැනි අදියර ලෙස්නි. ඉතින් එම කෙටිකතා ගැන අප අදහස් සැකෙවින් මෙසේය.


වර්තමානයේ, සැලකිය යුතු වෘත්තිකයන් කොටසකට තමන් කෙරෙන රැකියාවේ සැබෑ අරමුණ නොපෙනෙයි; නැතිනම් නොවැටහෙයි. මෙසේ "නොපෙනීම/නොවැටහීම" යම් ස්ථර වල ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලිය - කිමද සේවකයෙකුට සියළු සේව්‍ය ආභිලාෂ ප්‍රකාශ කිරීමේ උවමනාවක් නැති හෙයිනි. මෙහි එන පළමු කෙටිකතාවෙන් මුදලකට බැඳීම හේතුවෙන්, පෞද්ගලික ජීවිතය අහිමි වීම පමණක් නොව, වර්තමානයේ ලෝක දේශපාලන පොරපිටියේ බලපෑම් ("කහ එළිය") ගැන ද විග්‍රහයක් කෙරෙයි. අධික වැඩ හේතුවෙන් සහ එය ගෙනෙන පීඩනයන් හේතුවෙන්, පෞද්ගලික සබඳතාවන්ගේ සෝදාපාළුව, ලිංගික ජීවිතයේ කඩා වැටීම දක්වා මෙම "රැකියාවේ" බලපෑම විහිදෙන ආකාරය සාර්ථක ලෙස කතුවරයා පෙන්වනුයේ, අයෙකුට කෆ්කා ගේ නිර්මාණ මතක් කෙරෙනු ඇත.

මෙම කෙටි කතා සංග්‍රහයේ එන එක් ප්‍රධාන ලක්ෂණයක් නම් විවෘත ලෙස බොහෝ නිර්මාණ අවසන් වීමය. මෙහි එන "වීදුරු බිඳුණු ඇස්" හි එන තරුණිය හා තරුණයා අතර බැඳීමක් ඇතිවන්නේ, තරුණිය ගේ පැත්තෙන් යම් ඉතිහාසයක් සැඟව පවතිද්දී බව පැහැදිලිය. එහෙත් තරුණ වියේ ඇති වන ආකර්ෂණයේ හැටියට, එම රහස් ගැන වදවීමට මෙහි එන තරුණයාට ඇවැසි නැත.

තරමක වෙනස් කාමාසාවක් ඉඟි කරනා "ක්‍රිස්ටෝපර් හා විනෝගේ කතාව" මෙහි එන රසවත් කෙටිකතාවකි. පිඹුරෙකු මගින් යම් සන්තෘප්තියකට එන කත, පුරුෂයාට ලබා දෙන්නේ දෙවෙනි තැනය. වර්තමානයේ දික්කසාදය සුලභ වීම පමණක් නොව, එය සාමාන්‍ය ජීවිතයේ කොටසක් වන අයුරෙන් කතුවරයා තම නිර්මාණයට එම විස්තර එකතු කොට ඇත. මෙහි එන නීතිය හා බැඳි කොටස ද වැදගත් ය. පිඹුරෙකු ඇති කිරීමේ නෛතික තත්ත්වය අපැහැදිලිමුත්, ලංකාවේ සත්ව විද්‍යාව හා බැඳි ආයතන එසේ ඇති කරන අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට පවා සූදානම් අතර, යම් දිනෙක ගැටළුකාරී තත්වයක් පැමිණි කල, එම ආයතන "අත සෝදා ගැනීමේ" පිළිවෙතකට නැඹුරු වුවහොත් අප පුදුම විය යුතු නැත - කිමද එවිට පෙර නොසලකා හැරි නීතිය ම පෙරට අනු ඇති. බොහෝ දියුණු රටවල, පැහැදිලි නීති ප්‍රකාරව මෙලෙස ඇති කිරීම් හෝ ඊට අනුබල නොදීම්, හෝ ඇවැසි නම් සුදුසුකම් පෙන්වා ඊට අවසර ලබාගනු ඇත.

ගුප්ත බව මෙම කෙටිකතා සංග්‍රහයේ බොහෝ නිර්මාණ වල ලක්ෂණයකි. ඉනුත් මෙහි එන "හෝටන්" නම් කෙටිකතාවේ ඒ ලක්ෂණයෙන් ඉදිරියෙන්ම ය. අවතාරයක් අප ප්‍රධාන කථකයා ඉදිරියේ පෙනී සිටීම, ඔහු කිසිවිටෙකත් තමනට ලැබුණු පසුම්බියේ රහස සෙවීමට උත්සක නොවීම - ඉන් ඔහු ගේ චරිතය ගැන ද, එහි ඇති වගකීම් විරහිත ගතිය ගැන ද බොහෝ දේ කියයි - තුලින් කෙටිකතාවේ කුහුල මතින් පාඨකයා ඉදිරියට ගෙන ගියද, අපට අවසානයන් කිහිපයක් ගැන සිතා ගත හැක. සචිනි ට ලැබුනේ තම පසුම්බිය පමණක් ද ?

තනි වූ වයෝවෘද්ධයකුගේ සිතුවිලි අතර අතරමං වෙන "දිගු තත්පර", කාලය ගලා යෑමේ මන්දගාමී බවත්, විදෙස් රටක වෙසෙන තම පුතුගේ පවුල ගැන සිතීමත් අතර දෝලනය වීමකි. කෙටිකතාවේ සිද්ධිමාලාව හි නැවුම්බවක් නොතිබීමට පුලුවන - එහෙත් කතුවරයා මෙම නිර්මාණය පාඨක සිත ද සංවේදී කිරීමට සමත් ආරකින් එය ලියා ඇත.

කෙටිකතා සංග්‍රහයේ දෙවෙනි අර්ධය පළමු කොටස තරම්ම සාර්ථක නැත. "අවුලක් නෑ" නම් වූ කෙටිකතාවෙන් ඇඟවෙන්නේ සිරිපති මුදලාලි තම වියදම් අවම කර ගැනීම උදෙසා යම් යම් දේ කිරීමට නොපැකිලෙන බවකි. ඉන් අන් අයට ඇතිවෙන ගැහැට ගැන වගක් ඔහුට නැත. මෙය ලංකාවේ සුලභ ලක්ෂනයක් මුත්, එය කෙටිකතාව විශේෂත්වයකට පත් කරන්නේ ද යන සැක සහිතය.

"මම ගෙදර ගිහිල්ලම" කෙටිකතාව පොලිස් ප්‍රශ්ණ කිරීමකට පිලිතුරු බව පැහැදිලිය. ඒ අනුව ඒ ආකෘති භාවිතාවේ නැවුම් බවක් ඇත. පිලිතුරු සපයන තරුණයා ගේ කම්පණය ද කෙටිකතාව තුලින් අපූරුවට ග්‍රහණය කොට ගෙන ඇත. එම පොලිස් ප්‍රශ්ණ කිරීම ට පමණක් සීමා වීම මගින් සහ හිඩැස් පාඨකයා හිසෙහි පිරවීම තුලින් යම් අපූරු නිර්මාණකරනයක් ඇති වේ.

හෙමිංවේ ගේ vignette ආරේ කෙටිකතා කිහිපයක් ම මෙහි ඇත. පෙර කී "මම ගෙදර ගිහිල්ලම", "යෑමට පෙර", "මතක" මෙආකාර නිර්මාණයෝය. මින් "යෑමට පෙර" නිර්මාණයේ රසය ඇත්තේ අතීතය ආවර්ජනයේය. අලුත් තුවායේ සිද්ධිය අපූරු අතුරු කතවකි.

පාසැල කාලයේ මතක ආවර්ජනයක් වූ "මතක" ද හෙමිංවේ ගේ ලුහුඬු කතා ශෛලියක් මතකයට නංවන ආරේ අපූරු කතා පොඩ්ඩකි. එහි පොඩි උන් තමන්ගේ තර්ක අනුව කතා තනා ගැනීමේ ශෛලිය සිත්ගන්නා සුළුය.

තවත් රියලිටි ස්ටාර් කතාවකි "ග්‍රෑන්ඩ් ෆිනාලේ" සුරත් ගේ සී+ ආරේ එම මාතෘකාව ගැන පොත් කෙරෙහි එතරම් පැහැදීමක් නැත - කෙසේ වෙතත් සූසැන් බොයිල' ආකාර සුවිශේෂ අවස්ථාවක් නැතිනම් Talent Shows ගැන මා සතුව එතරම් කැමැත්තක් ද නැත. මෙහි එන කෙටිකතාව ද, ළමුන් මුදල් හම්බකිරීම යන කාරණාවට භාවිත වන ආකාරය ගැන විස්තර වන කෙටිකතාවකි. එහි එතරම් අපූරත්වයක් මා දුටුවේ නැත.

මීට මාස කිහිපයකට පෙර, ලේඛකයාගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ "ගස් කට්ටිය" ඉතා උනන්දුවෙන් කියවුවෙමි. එය රස ගුලාවක් විය. ඉන් අනතුරුව ප්‍රකාශ වූ කෙටි කතා නමයෙන් හතක් අමාරුවෙන් සොයා ගත්තද අදටත් කළු කහවණු සහ දඬු ලේනා වෙළඳපොලේ නැත. 2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවා අවසන් කරලීමේ උවමනාවෙන් ගස් කට්ටියෙන්, දිගු තත්පර වලට පැන්න ද ඒ අතර මග පොත් කියවීමට බලාපොරොත්තු වෙමි. ඉතා සාර්ථක නවකතාකරුවෙකු වන ලේඛකයාගේ, අපුරු කෙටිකතා ද අර පොත් අට තුල ඇතැයි මට විශ්වාසය. එම සංග්‍රහයන් අතර දිගු තත්පර වලට වඩා සාර්ථක සංග්‍රහයන් ද ඇති බව විශ්වාස කරමි.

ශ්‍රේණිය: ***
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6

Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
October 20, 2021
කාලීන මාතෘකාවන් ගැන ලියැවුණු කෙටි කතා සංග්‍රහයක්.
මෙහි එන කෙටි කතා දශකය එකිනෙකට වෙනස් එකිනෙකට ආවේණික වූ මාතෘකාව න් ඔස්සේ ගලා යන අතර රචකයාට සෑම විටම සිතන්නට යමක් ඉතිරි කරයි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.