Haresh Eranga67 reviews2 followersFollowFollowMay 30, 2022සන්නා ලියූ මා මෙතෙක් කියවූ පොත් සියල්ල එක දිගට කියවාගෙන යා හැකි ඒවායි. බංචිමාරිත් එවැනිය. සන්නාගේ කොළඹ කතාවලියේ හැඩයට අදාල අතීත මතක සියල්ලම පාහේ ඔහුගේ යූටියුබ සබ්ස්ක්‍රයිබයෙක් වන මා එමගින් මෙයට පෙර අසා ඇත. එම සිදුවීම් යා කරන පිටස්තරයින්ගේ කතාව මාගේ සිතුවිලි මෙහෙයවන්නේ වෙනත් අතකටය. ඒ දිසාව සමහර විට වේදනාකාරී ය. ඒත් වේදනාව දරාගතහොත් ඉතිරිවන අවබෝධය ඉතිරි කාලය සඳහාම වන ආයෝජනයකි.
Lanil Marasinghe28 reviews17 followersFollowFollowMarch 29, 2022මෙම පොත හොඳ පොතක් හෝ කියවිය යුතුම පොතක් කියා මම කියන්නේ නැහැ. මම සන්නස්ගල ගේ කොළඹ කතාව අනික් පොත් ආසාවෙන් කියවූ බැවින් මෙයත් කියවන්නට පටන්ගත්තෙමි. මෙම පොත එතරම් රසවත් වුණේ නෑ. අමුතු perspective එකකින් ලියා ඇති මේ පොත කතුවරයාගේ ම ජීවිතයේ විවිධ සිදුවීම් නිරූපණය කරනවා. ඔබ සන්නස්ගල ගේ වෙනත් පොත් කියවා ඔහුගේ ලියමන් ගැන අවබෝධයකින් සිටිනවානම් පමණක් මෙය කියවන්න. නැතහොත් ඔහුගේ අම්මා සහ භික්ශු පරිච්ඡේදය පොත් කියවා මෙය කියවන්න. ඇත්තෙන්ම මාත් කොළඹ කතාව වෙනත් පොත් බලාපොරොත්තු වූයේ නැත.