Ramindu Thivanka251 reviews6 followersFollowFollowJune 15, 2025රටක සිටින්නේ පක්ෂ දෙකකි, එකක් පාලකයින්, ඔවුන්ගේ හෙච්චයින් සහ අනෙක සාමාන්‍ය ජනතාව යි. ඔවුන් දිගින් දිගටම සාමාන්‍ය ජනතාව රවටා, ඔවුනගේ ගැටලු, ප්‍රශ්න විකුණා ඡන්ද ලබා ගෙන සිතා ගත නොහැකි සුඛවිහරණය ක් ලබා ගෙන නින්දෙන් අවදි වූවා සේ නැවතත් ඡන්දය ට ජනතාව මතක් වෙන අමුතුම කොට්ඨාසයකි. කොතෙක් ධනය උපයා ගත්තද, කොතෙක් සොරකම් කරද ඇති නොවන ඔවුන් සැමවිටම දුප්පතාව විකුණා, තලා පෙලන අතර ඔවුන් දිගින් දිගටම කබලෙන් ලිපට වැටී, අවශේෂ බවට පත්වී යයි.ජනතාව ට කොතෙක් අවබෝධ වුවද මෙය, අවසන ඔවුන් ව කෙසේ හෝ රවටාගෙන බලය ලබා ගැනීමට උන් අති දක්ෂ ය. නැවතත් එකම චක්‍රය.