Dawson9 reviews11 followersFollowFollowJuly 4, 2009මෙම කෙටි කතාවට-චූල ගායිකාවට - අදාල පසුබිම් විස්තර සැකෙවින් සමාලෝචනය කළහොත්, සමරෙ විසින් 2002 වසරෙ රචිත, වඩාත් නිවැරදිව නම් 2002 වසරෙ නොවැම්බර් මස තිස්වන ශනිදා ලියැවුනු මෙ කෙටි කතාව, ප‍්‍රසිද්ධ ඉරිදා පුවත් පතකින් එළි දැක්වූවකි. සමරගේ කෙටි කතාවල වෙනත් අනෙක් කෙටි කතාකරැවකු එතරම් උනන්දු නොවන නිර්මාණෝත්පත්ති කාලවකවානු දැක්වීමක් ද සටහන් වන බැවින් තවත් අමුතු විචාර ධර්මයකට මග පෑදීමට ඉඩකඩක් ඇත්තේය. යමක උප්පත්ති වෙලාවට අනුව තත්කාල කේන්දරයක් සාදා එහි ගතිගුණ සොබා විචාරන්නට සමත් කිසියම් හෝරා සතරක් ඇත්තේය-නිමිති ශාස්ත‍්‍රය. එහි කෘතහස්ත යම් කෙනෙකුට සමරෙගෙ කෙටිකතා සෑම එකකම එය නිර්මිත දිනය සදහන් බැවින් එවැනි ජ්‍යොතිෂ විද්‍යාත්මක පර්යේෂණයකට ද හසුකර ගැන්මට ඇතිපදම් තොරතුරැ වියමන තුල අන්තර්ගත වෙයි. කෙසේ වුවද කෙටි කතාව නිර්මාණය වූ කාලය නිවැරදිව සදහන් වීම එබදු නොමග යාමකට ද අපට අවස්ථාව විවර කර දීම මෙන්ම නිර්මාණයක පසුබිම පසුකාලීනව සංයුක්ත ලෙස හදාරන්නට ද මහෝපකාරී වීම අතිශය වැදගත්ය. චූල ගායිකාව ලියැවුන වකවානුව නිවැරදිව සටහන් වීමෙන් පෙනීයන්නේ සමරෙ එදා දවසේ පායන තරැ ගැන දක්වා ඇති දුරදක්නා නිර්මාණශීලිභාවය එම සමාජ පසුතලය පිළිබද නිර්මාණකරැවකු සතු සමාජ විඥ්ඥාණය පිළිබද කරනු ලබන පුරෝගාමී සටහනක් විය හැකිය.http://poerty-dawson.blogspot.com/200...fiction srilankan-writers