Jump to ratings and reviews
Rate this book

ප්‍රබුද්ධ

Rate this book
ප්‍රබුද්ධ (pronounced 'Prabuddha') is a collection of Sinhala poetry written by Mahagama Sekara, who was an iconic figure and a great poet of the 20th century Sri Lanka. It is considered to be his last book, first published in 1977 after his death.

115 pages

First published January 1, 1977

122 people are currently reading
1761 people want to read

About the author

මහගම සේකර

12 books187 followers
Mahagama Sekera was one of the most versatile of artists this country has produced and one of the leading catalysts in the Sri Lankan artistic renaissance which started in the late 1950s. Often regarded as the nation’s finest poet of the 20th century, Sekera inspired several generations of writers even after his time.

Sekara was often being imitated but never duplicated. As a poet and a lyricist he developed the prevailing tradition and drew upon the language of the folk to up shape a modern lyrical and poetic diction. He was a poet, lyricist, painter, broadcaster, playwright, novelist, short story writer and also became a reputed moviemaker after directing his semi-autobiographical novel Thun Man Handiya as a motion picture.

Mahagama Sekera embraced a vast territory of concerns in his creative process with a sensitivity that recognized humanity and life. Having rendered a great service to the nation through his multifaceted contributions which reflect an ever-continuing significance, he still holds and is very much a part of the contemporary consciousness.

source
http://www.mahagamasekera.org/

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
181 (63%)
4 stars
41 (14%)
3 stars
27 (9%)
2 stars
22 (7%)
1 star
14 (4%)
Displaying 1 - 24 of 24 reviews
Profile Image for Nanda Wanninayaka.
91 reviews25 followers
September 1, 2014
බොහෝ කලකට පෙර මහගම සේකරගේ “නොමියෙමි” කියවා තිබුණත්, ඔහුගේ “ප්‍රබුද්ධ” කියවූයේ අදය. මෙය මෙතරම් දිගුකලක් මගේ ඇස නොගැටුණේ මන්ද යන්න විමතියකි. පිටු 100ක කුඩා කවි පොතකින් සේකරයන් මේ තරම් පුළුල් ලෙස ආදරය, විරහව, ජීවිතය විග්‍රහ කළේ කෙසේදැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආදරය කිරීම, ආදරය අහිමිවීම, අයාලේ යාම බොහෝ ආදරවන්තයන්ට හා අදරවන්තියන්ට පොදු දෙයකි. කෙසේ හෝ අතින් අත ගොස් තමන් සිහිනෙකුදු නොපැතූ කෙනෙක් සමග විවාහ වී ජීවිතය ගොඩ නගා ගැනීමට දරන මෙහෙය ප්‍රබුද්ධ තුළින් චිත්‍රණය වේ.

කලාකරුවාට හැමදාමත් උරුම වෙළඳපොළ සමග තමාගේ හැකියාව ගලපා ගැනීමේ නොහැකියාව ප්‍රබුද්ධ තුළින් ගැඹුරින් විග්‍රහ කෙරේ. එමෙන්ම කලාකරුවකු වාණිජ සමාජය තුළින් මෙහෙයවෙන ආකාරය, එයින් කලාකරුවා හෙම්බත් වෙන ආකාරය සහ අන්තිමේදී තමනට පුරුදු සමාජය වෙත පුණරාගමනය කිරීමද මෙහිදී දක්නට ලැබේ.

තමා ගරු කළ පුරුෂාර්ථ වෙනුවෙන් අපහසුවෙන් හෝ පෙනී සිටීම, එනිසාම පවුල් ජීවිතයේ ඇතිවන හැල හැප්පිලි කලාකරුවනට පමණක් නොව හෘද සාක්ෂියට ගරු කරමින් ජීවත්වන බොහෝ දෙනාට පොදු ධර්මතාවයකි. එවන් දුෂ්කර අවස්ථාවල පවා සමාජය දෙසත් තම පවුල දෙසත් මානුෂිකව බැලීම සේකර ප්‍රබුද්ධ ලවා කරවයි.

අත්තෙන් අත්තට පනින කිරිල්ලියකගේ තත්වයට පත්වන යසොදා අන්තිමට නන්නත්තාරවී පියකු නැති, තමන් සමාජ රෝගවලින් පෙලීම නිසා අන්ධ දරුවකු බිහිකරන තරමට සමාජයේ අතරමං වේ. අවාසනාවකට මෙන් ජීවිතය ඒ තරමටම කටුකය.

ජයලත් මනෝරත්න ප්‍රබුද්ධ ආශ්‍රයෙන් නිර්මාණය කළ “ලෝකය තනි යායක්” වේදිකා නාට්‍ය නැරඹුවද ඒ ගැන කිසිවක් පැවසිය නොහැක්කේ එය නැරඹූ බදුලු රඟහල ඉදිරිපිට ක්‍රීඩාංගණයේ ඒ වෙලාවටම පැවැත්වූ සංගීත සංදර්ශනයක් නිසා නාට්‍යයේ දෙබස් කිසිසේත්ම නෑසුණු බැවිනි.
Profile Image for Sandy.
565 reviews23 followers
November 13, 2019
ඉපදීමත් මරණයත් මැද
ජීවිතය ගෙවී යයි
අනන්ත දුක් ගොන්නක් මැද
අභිනිෂ්ක‍්‍රමණය බැරි නිසා
සියලු දුක් දරාගෙන
පිහිනයි උඩුගං බලා
පුරවනු පිනිස
ඒ හිස් ජීවිතය

One of the best poems I've read. There's no doubt.
Profile Image for Chalitha Perera.
17 reviews
March 28, 2021
ප්‍රබුද්ධ, මා මෙතෙක් කියවූ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයි. බුද්ධ දර්ශනය, "ප්‍රබුද්ධ" නම් පුද්ගලයාගේ ජීවිත කතාව තුලින් අපූරුවට කවියට නංවා තිබේ. ඇතැම් කවි ඉතා හාස්‍ය ජනකය, උපහාසාත්මකය. ඇතැම් කවි නෙතට කඳුලක් නංවන තරම් සංවේදීය.
මෙය කියවීමෙන් පසු මට හැඟුණු ප්‍රධාන කරුණක් නං, මහගම සේකරයන් දශක පහකට පෙර එදා දුටු සමාජය අද වන විටද බිඳකුදු වෙනස් වී නොමැති බවයි.

ඔහු මෙම පද්‍ය සංග්‍රහය ආරම්භ කරන්නේ මෙසේය,

එසේ වුව සොහොයුරනි !
ඔබ ගැනම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනකුට
අද දින නොවැටහෙන බව දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි

මහගම සේකරයන් අපේක්ෂා කල ඒ අනාගතයේ දවස කවදා උදා වේද යන්න ප්‍රශ්නාර්ථයකි. එනමුදු මෙම පද්‍ය සංග්‍රය කියවා, එයින් අපගේ ජීවිත යහපත් කරගැනීමට ගත හැකි ආදර්ශ බොහොමයක් ඇති බැවින් සැමදෙනාම අනිවාර්යයෙන්ම වරක් හෝ කියවිය යුතු පොතක් බව මාගේ හැගීමය.
July 26, 2021
ප්‍රබුද්ධ - මහගමසේකර : ඔප දමන ලද කවි සිතුවිලි

මෙම කාව්‍යය ග්‍රන්ථය 1977 දි පලවූ මහගමසේකරගේ අවසාන කාව්‍යය කෘතියයි.

ධනවාදය සහ සමාජවාදය ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකා සමාජය තුළද දැඩිව ප්‍රකටව පැවති සමයක රචිත මෙම කෘතිය හරහා තරමක් විප්ලවකාරී ස්වභාවයක් නිරුපණය වන බව පැවසිය හැක.

තවද ආගමික ග්‍රන්ථවල භාවිතය හරහා මෙම කාව්‍යය පොතට දාර්ශනික අස්ථානයක් ලඟා කිරීමට උත්සහ දැරූ බව පෙනේ.

1977 සමය තුළ පැවති නිර්මාණාත්මක කාව්‍යකරණයේ මං සලකුණක් ලෙස මෙම කාව්‍යය ග්‍රන්ථය හැඳින්විය හැක.

මිනිසාගේ සිතට නැගෙන එදිනෙදා ගැටළු හා අර්බුධ ඔප දමන ලද කවි සිතුවිලි හරහා පාඨක මනස පුබුදුවාලන කෘතියක් බවට පත්කිරීම හරහා සිංහල සාහිත්‍යය ලෝකයට නව මානයක් විවරණය කිරීම අගය කළ යුතුයි.

එලෙස ඔප දමන ලද කාව්‍යය පාඨ කිහිපයක් පහත අයුරින් උපුටා දැක්විය හැක.



සිද්ධාර්ථ !

ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද

රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්

යා නොහැක පහසුවෙන්......

-පිටු 40-



මේ ලියන මේසය ළඟ

මේ පුටුව මත හිඳ

මේ ලිපි ගොනු අතර මැද -

හාන පෝරු ගැන වී වපුරන වෙල් යායක-

සටන් පාඨ

වැඩ වර්ජන

කම්හල් දැති රෝද අතර -

ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන

උදේ හවස වැඩට යනෙන කෝච්චියක

දෙනෝ දාහක් සෙනග එක්ක

අපි ඔක්කොම එකට බුදු වීමට.

-පිටු 42-



ප්‍රබුද්ධ කාව්‍යයේ මා දකින එකම දුර්වලතාවය වන්නේ එහි කවි බස තුළ තාලයක් හෝ රිද්මයක් නොමැති වීමයි. නමුත් කාව්‍යය තුළ ඇතුළත් විශාල කරුණු ප්‍රමාණය සහ හරයාත්මක පණිවිඩය පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

ටෙනිසන් පෙරේරාගේ 1967 දි බිහිවූ "දැති රෝදෙන් උපන් බුදුන්" කෘතියේ එන තේමාවන්ගේ දිගුවක් ලෙස මෙම කෘතිය හඳුනාගැනීමට එහි අන්තර්ගතය මාව පොළඹවයි. නමුත් උක්ත කෙටි කතා පොතේ තිබුණු බුද්ධ ධර්මය සහ සිංහල සංස්කෘතික විරෝධය මෙම කෘතිය තුළ දක්නට නොමැත.

Prabuddha - Mahagamasekara : Beautifully crafted poetic thoughts

This book is the last collection of poetry by Mahagamasekara published in 1977.

In a period where capitalism and socialism were at their peak in the world and Sri Lanka itself, the contents of the book reflect a more revolutionary theme to the readers.

And also by quoting many religious texts throughout the book, the writer has attempted to give a philosophical setting to the readers.

This book can be considered as a milestone in creative poetry created in the year 1977.

Day-to-day struggles of the ordinary people are polished and crafted into magnificent poetic thoughts and through this, it awakens the Sinhalese poetry readers mind to achieve an unexpected beauty.

One of the key weaknesses of this poetry book is that it's not structured with the rhythm of language or rhyming words. But the large collection of information and its collective message gives a new perspective to the readers.

As a reader of "Deti Roden upan budun" / "දැති රෝදෙන් උපන් බුදුන්" / "Cogwheel Buddha" by Tennyson Perera published in 1967 this collection of poetry can be considered as an extension of the same themes but this book has deviated from the harsh perspectives, Tennyson Perera had on Sinhala culture and Buddhism.
Profile Image for Ramindu Thivanka.
247 reviews5 followers
December 26, 2017
සිද්ධාර්ථ!
ඔබ මෙන් නූපන්නෙමි රජ පවුලක.
ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්රාසාද, රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහිගෙයින් යා නොහැක පහසුවෙන්.

මෙතෙක් කියවූ පොත් වලින් විශිෂ්ට ම පොතකි
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
July 16, 2023
ප්‍රබුද්ධ - මහගම සේකර (1997)

ප්‍රබුද්ධ සේකරගේ අවසාන කෘතියයි.

මහගම ගේ අවසාන දිනය වූ ඒ බදාදා දවස දහවල් තනිවම මා හමුවීමට ආ නමුත් ඔහු පැමිණියේ අපගේ ආරාධනය නොමැතිව ඔහුගේ අතේ එල්ලී එන අමුත්තකු සමඟ බව අප දැනසිටියේ නැත. සේකරගේ බසින් කියතොන් ඔහු පැමිණියේ මරණි සමඟය (ජෝතිය ධීරසේකර).

සංක්‍රාන්ති කලියුගයේ
හෙල්ලුම්කන සමාජයේ
පාලම උඩ
මේ මගේ නෑයාය - මිතුරාය - සැමියාය - බිරිඳය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා

වික්ටර්
බතක් - වතක් - ගෙයක් දොරක් ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සංසාරේ නිරන්තරව පැවරී ඇති දුක
එතනින් නිමාවේද ?

ලැබුවද කොතෙක් දන
නැගුනද ඉහල තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහලට

රත් දෙතොල් අතරෙහි
පිරි තිබුනේ අමන රාගය
අඳුන් ගතු නෙත් කොන්වල රැඳී තිබුනේ ඊර්ෂ්‍යාව ය
සතුටු සාමිචි පිළිසඳර තුල
කැපී පෙනුනේ වයිරයක් මය
ප්‍රබුද්ධ
හිස්ය මේ ජීවිතය
බොල්ය මේ ජීවිතය

වෙසක් පහන් වලින් ගලන
සවනක් ඝන රැසින් වැසි
පොලව බෙදු තාප්ප හා කටුකම්බි ද
මොහොතකින් අතුරුදහන් වී ගොසින්ය
ලෝකය තනි යායකි

වන්දනා ගමනක්ය ජීවිතය
නොයෙක් මං වලින් යෙති වන්දනාකරුවෝ
එහෙත් යනුයේ එකම තැනකටය

බලකාමය වයිරය තිබෙන තුරා
තරඟය තිබෙන තුරා
දුකින් මිදිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සටන යනු බලකාමයයි
සටන යනු වයිරයයි - තරඟයයි

සාගතයෙන් පෙලෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙලෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය - නිවන - සත්‍යය
November 30, 2021
මහගම සේකරයන් තම අවසන් කෘතිය තුළින් තම සාහිත්‍යකරණයේ උච්චතම අවස්ථාවට පැමිණෙයි. බුදු දහම තවත් ධර්මයන් හා ඈඳා වත්මන් සමාජය තුළින් එම දහම් සාරය වෙනස් ම කෝණයක සිට දකිමින් මහගම සේකරයන් තම සියුම් ඥානය ⁣හරහා දකින මහත් වූ ලෝකාවබෝධය පාඨකයා හට ඉදිරිපත් කරයි. කෘතිය පුරා ඔහු සතුවන එම ලෝකාවබෝධය වරින් වර ඔබව මවිතයට පත්කරනු ඇත. සාහිත්‍යයට ලැදි සෑම අයෙකු ම කිවිය යුතු කෘතියක් බවට හඳුන්වමි.
Profile Image for Gihan Heath.
6 reviews1 follower
October 24, 2018
ප්‍රබුද්ධ හිස්‍ය මේ ජීවිතය
1 review
Want to read
October 6, 2017
i wont to read novels of sekara
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 24 of 24 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.