Jump to ratings and reviews
Rate this book

එකමත් එක පිටරටක

Rate this book

108 pages

First published January 1, 2009

9 people want to read

About the author

Liyanage Amarakeerthi (W. A. Liyanage) received his primary and secondary education at rural schools in Kurunegala district entering the university of Colombo in 1990 where he received a BA. In 1998, Amarakeerthi went to the university of Wisconsin on a Fulbright Scholarship for his postgraduate studies. On completing an MA in Literature in 2000, he was funded by the university of Wisconsin for his doctoral work under Prof .Charles Hallisey. After obtaining his PhD in 2004 he moved to Cornell University on a teaching appointment where he also attended the School of Criticism and Theory at Cornell University.
He joined university of Peradeniya in 2008. During his postgraduate studies he was able to take a host courses in literature, literary theory, theories of drama, translation theory, theories of aesthetics, film Studies and so on. He has published more than 15 books of fiction, poetry and literary theory. He won national literary award for the ‘best' collection of short stories in 2000 and for the ‘best' novel in 2008. At Peradeniya he teaches courses in literary theory, translation Studies, postcolonial theory, theories of drama, and Aesthetics.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (42%)
4 stars
2 (28%)
3 stars
1 (14%)
2 stars
0 (0%)
1 star
1 (14%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
May 15, 2021
වසර 2009 හෝ 2010 විය යුතුය. පරාක්‍රම කොඩිතුවක්කු කවියා, මතක පමණින් ම කවියෙන් ම අමරකීර්තිගේ ගේ "එකමත් එක පිටරටක" කාව්‍ය සංග්‍රහය ගැන විචාරන්න ට විය. ඊට ප්‍රතිචාරයක් අමරකීර්ති දක්වා තිබුනේ, කොඩිතුවක්කු ගේ යම් දේශපාලන ස්ථාවරයක් ( ජාතිකවාදී ?), විවේචනයට ද මතු කරලමිනි. මට මතක තරමින් කියවන්න ට ලැබුනේ අමරකීර්තිගේ පිලිතුර පමණකි; මතක විදිහට ඒ දිවයින පත්තරයෙනි. එකල වන විට අමරකීර්තිගේ පොතක් ලෙස කියවා තිබුනේ අටවක පුත්තු පමණකි ( අදටත් එය ඔහුගේ විශිෂ්ඨතම නවකතාව යැයි සිතමි ) - එයද මහජන පුස්තකාලයෙන් ලබාගත් පිටපතකිනි. පෙර කී කොඩිතුවක්කු-අමරකීර්ති සංවාදය සම්පූර්ණයෙන් කියවීමට මට අවස්ථාවක් නොලැබිණි. එහෙත් "එකමත් එක පිටරටක" කාව්‍ය සංග්‍රහය කියවීමේ දොළක් මට එදා උපන. එහි පිටපතක් මට ඒ ආසන්න කාලයේ නොලැබිණි. ලේඛකයාගෙන් ම මැසෙන්ජරය හරහා එහි පිටපතක් සොයා ගත හැකිදෝයි විමසුවේ මීට වසර 3-4 ට පමණ පෙර විය යුතුය. එහි පිටපතක් නැති බවකි ඔහු කීවේ. නොසිතූ ලෙස, මෑත දිනක එහි පිටපත් දෙකක් ලැබුනේ, එතෙර සිට පැමිණි පොත ට දැඩි සේ ලොල් මිතුරෙකු සමඟ එක් දිනක් ම මරදානේ පොත් කඩ වල රෝන්දෙ ගහපු දිනක, විජේසූරිය එකේ "ඩිස්කවුන්ට්" කොටසෙන් ය. ඉතින් දැන් ඒ කවි පොත එක් වරක් මුල සිට අගට කියවා හමාරය ( කවි පොතක් කියවා හමාරයි කීම, සුදුසු කීමක් යැයි නොසිතේ - කෙසේ හෝ ). මේ ඒ ගැන මට අවංකව සිතුනු දෑ ය.


මේ සංග්‍රහට අමතරව අමරකීර්ති ලියා ඇත්තේ, "හමු වේද අපේ වෙණ තත" යන සංග්‍රහයයි ( එය මීට කලකට පෙර "කියෙව්වෙමි " - නැවතත් අර නුසුදුසු වචනය! ). මට හැඟෙන්නේ, කෙටි කතාවට, නවකතාවට සහ ශාස්ත්‍රීය කෘතීන්ට කතුවරයා දෙන කාලය, කවිය ට නොදෙන බවකි. මා වැරදි වීමට පුළුවන. එහෙත් මට සිතෙන්නේ, ඔහු ගේ අවංක කාව්‍ය අදහස්, මගින් බිහිවෙන කවි පද, කාලයාගේ ඇවෑමෙන් නැවත ඔප මට්ටම් වී, අත්‍යවශ්‍ය ම - එනම් අඩුත් නැති, වැඩිත් නැති - පැදි පෙළක් ලෙස මුහුකුරා නොවැඩෙන බවකි. කවිය ගැන මෙලෝ හසරක් නොදන්නා මාගෙ මේ කීම, විවේචනයට සුදුස්සෝ එසේ කරත්වා ! එහි දොස් පෙන්වා දෙත්වා ! ඊට කම් නැත - මට එම කවි කියවද්දී දැනෙන දේය මා පැවසූවෙ.

එනුමුදු ඔහුගේ කවි වලට පාදක වූ අදහස් වල මා රස විඳි තැන් බොහෝ ඇත. මේ ඒ ගැන සටහන් කිහිපයක් වෙත යොමු වෙන අවස්ථාවයි.

ලංකාවට ඔබින කවි පංතියක් ලෙස මා "මේ නියං කාලෙ" දකිමි. කවි පංතිය පළ වී වසර 12ටත් පසු ව ත් එය තනිකරම පාහේ අදට ත් අදාළ වීම දුකට කාරණයකි.

"අපි කාගෙවත් හොඳ කියන්නේ නෑ
හොඳ ගැන බන කියනවා විතරයි
'එහෙම කොහොමද?'
ඒ හොඳ අපිට නැති බව පේනවනෙ!'

.....

අපි කාවත් පිලිගන්නෙ නෑ
දැක්ක බව නොපිලිගන්නවා විතරයි.
'අපි මොකටද සෙකන්ඩ් වෙන්නෙ'
වැස්සත් නැතුව යන්නෙ ඒකයි"

මේ කවිය ගැන ඇති දුක්මුසුම කාරණාව හරි හැටි පද පේළි සකස් වී නොතීබිමයි. කර්තෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශ වී ඇති මේ සංග්‍රහයේ මෙවන් දොස් රසාස්වාදයට ඉන් යම් බලපෑමක් සිදු විය. එහෙත් මා වඩාත් කම්පනයට ලක් කල කවි පංතිය නම් මෙයයි -එය අර්ථ රසය හේතුවෙනි. ඒ ශිෂ්ඨ සම්පන්න සමාජයක් පතන අපි සැම තවම කොපමණ එයින් ඈත ද යන්න ගැන මෙ කවි පංතියෙන් ඇඟවෙන නිසා ය.

සංග්‍රහයට නම දෙන "එකමත් එක පිටරටක" කවි පංතියත් මා තුල යම් තිගැස්මක ඇති කලේය. ජාතින්ගේ වෙනස නොතේරෙන තම කුඩා පුතු, පියා ගේ මුහුණේ ලක්ෂණ කියවීම මගින්, එම "කෘතීම" වෙනස්කම් ගැන කවියාගෙන් ප්‍රශ්ණ කරයි. එය නම් අපූරු ම ආස්ථානයකි -

"කම්පියුටර් තිරය මත
මතුවෙන කරුනා රුව
'තාත්තා' යැයි කීය
මපුතු මගෙ හිසට ඉහලින්.

ඇත්තටම කරුනා මං වගෙමය
මගේ බිරිඳත් කීයෙන්
කුමටද තවත් සහතික"



"මා හද කෆීරය" මට ප්‍රශ්ණයක් ඇති කල කවි පංතියකි. දරුවාගේ විපත ගෙනෙන කම්පනය ගැන විවාදයක් නැත. එහෙත් එහි කියවෙන ගාන්ධි රූපය, කවුරුන් විසින් හෝ මගින් තබන ලද්දක් යැයි ප්‍රශ්ණ කරලීමට කවියා උත්සක වෙයි. එසේ කලේ ඔහු එවන විට යම් දේශපාලන මතවාදීව සංක්‍රාන්ති සමයක වූ නිසා ද ? අද වන් දිනෙක එවන් කවියක්, අතීත වෙබ් පිටුවක් දෙස බලා ලීවේ නම්, එම කුකුස ඇති වේවි දෝ යැයි මට සිතිණි? ඒ අප සැම තම අදහස් මගින් වඩා ඉහළ ට යද්දී, සමහර ප්‍රශ්ණ කරලීම්, "නොතරම්" යැයි ස්ටිහිය හැකි බැවිනි. මා එම කවි පංතියට කැමතිය- ඒ, එහි එන අවංක සැකය හේතුවෙනි.

"ටැමිල් නෙට් වෙබ් අඩවියේ අය
එතන තබුවෙද ගාන්ධිගෙ පොත
ලෝකයාගේ හිත රිදෙන ලෙස
ඔබෙ ෆොටෝ එක අරගන්න පෙර.
ඔබෙ ගෙල වෙස කරල පලඳන
අත් ම කෙලෙසක ගති ද ඒ පොත"

පොතේ ඇත්තේ "අත් ම" ලෙස නොව, "අත්ම" ලෙස ය - එය කවි රසයට බාධවකි. මෙහි එන "ගති" නම් වදන ද, මට අරුචිය. පැදි මේරිමට, නැවත සකස් කොට, එය ලියැවිය යුතු සුදුසුම අයුරෙන් ලියවුනේ දැයි මට සිතෙන්නේ මෙවන් අවස්ථා වලය.

"අපි සහ අපි", "කන්නාඩිය සහ කන්නාඩි දෙක", "වදකාර මිත්‍රයා", "ආදරෙ, ශෝක වංගුව", "සරාගෙ දෙවෙනි ලියුම", "කොල්ලා", "'වස්තුව' මම", "අපරාධය සහ දඬුවම" සහ "අරුන්දතී" ආදි කවි පංති, ඊට විෂය වූ සාහිත්‍ය, සමාජ දේශපාලන ගැටුම්, ප්‍රේමය කෙරෙහි වූ ලොල්කම, වරදකාරි හැඟීම ආදි විවිධ විෂයන් ඔස්සේ මට විඳීම් පරාසයක් ගෙනාවේය. සමහර කවි අදහස් එතරම් සාර්ථක නොවෙන අවස්තා නැත්තේ නොවේ ( "බෝ සහ කරපිංච", "පිලිතුරු ලියුම",); සමහර පබැඳුම් රසවත් අවස්තා ද නොතිබ්බා නොවේ ( "දුක්බිය", "අනගි මැනික"). එහෙත් මෙය, එක් අතකින් කවියාගේ යම් වෙසෙස් කාලයක අදහස් ගෙනහැර දැක්වෙන හෘද සාක්ෂියේ කැඩපතක් වැනිය ( එක්සත් ජනපදයේ යම් ස්ථාන වල විස්තර; ඔහු ට එතැන සිට ලංකාව පෙනුනු අයුරු ආදිය) -ඒ අතින් මෙය තරමක ඓතිහාසික කාව්‍ය සංග්‍රහයක් යැයි කිව හැක. සමස්ත වශයෙන්, මෙය කියවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන අතර, රස විඳි කවි පංති ගණන, එසේ නො
විඳි ගණනට වඩා වැඩි බව ද හැඟේ. සමස්ත ලෙස මෙම පැදි වල යම් රළු ගතියක් නැත්තෙ නොවේ; එහෙත් එය යම් තරමකින් "හමුවේද අපේ වෙණ තත" වල ද තිබූ බවකි මගේ මතකය.

ශ්‍රේණිගත කිරීම: ***1/2
ප්‍රකාශ වූ වසර: 2009
කර්තෘ ප්‍රකාශනයකි
Profile Image for Supun Sudaraka.
1 review
January 17, 2014
ලියනගේ අමරකීර්තිගේ සුවි‍ශේෂී කාව්‍ය සංග්‍රහයක්. අනිවාර්යෙන්ම කියැවිය යුතුයි!
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.