Jump to ratings and reviews
Rate this book

කොලරා කාලේ ආලේ

Rate this book
ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගත වලට ගොදුරු විය හැක. යුද්ධ වලට බිලිවිය හැක. එසේ නැත්නම් ආලය තුලම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක.

එහෙත් කවදා ආලය කලත් කොතැනක ආලය කලත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් හා දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.

යොවුන් වියේ ආලය ගැන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසු පස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද?

ඒ ඔහුය.

මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි

(උපුටන - කොලරා කාලේ ආලේ)

524 pages, Unknown Binding

First published June 1, 1997

5 people are currently reading
137 people want to read

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
13 (39%)
4 stars
6 (18%)
3 stars
5 (15%)
2 stars
3 (9%)
1 star
6 (18%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 9, 2022
Love in the time of Cholera - Gabriel Garcia Marquez 1985
පරිවර්තනය - කොලරා කාලයේ ආලේ- ගාමිණි වියන්ගොඩ - 2019

ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්තිනෝ අරිසා අතර තරුණ වියේදී ඇතිවූ ප්‍රේමය සමාජ විෂමතා මත කඩාවැටීමෙන් පසුව සිය පියාගේ බලපෑම් මත ෆර්මිනා දාසා රදල සමාජයට අයත් දොස්තර හුවානෙල් උර්බිතෝ සමඟ වසර 50 විවාහ ජිවිතයක් ගතකර ඔහුගේ අභාවයෙන් පසුව මහලු වයසේදී සමාජ සම්මතයන්ට එරෙහිවී ෆ්ලොරෙන්තිනෝ අරීසා සමඟ ඇරඹු ප්‍රථම ප්‍රේමය යාවත්කාලින කරගැනීම විස්තරකෙරෙන නවකතාවකි.

තම ප්‍රථම ප්‍රේමය බිඳ වැටීමෙන් පසු ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්තිනෝ අරිසා නැවත එකතුවන්නේ වයස 70 පසුකල මරණය මිස වෙන සැපයක් නොපතන ගැහැනියක සහ පිට වනවූ කොරගසන මහල්ලකු ලෙසටය.

ෆ්ලොරෙන්තිනෝ අරීසා සතු නැව් සමාගමට අයත් සුඛෝපභෝගී යාත්‍රාවක මැග්දලේනා නදිය දිගේ ෆර්මිනා දාසා සමඟ කල සංචාරය ඔවුනට කවදා කලත්, කොතැන කලත්, ආලය කවදත් ආලයම බව තේරුම් ගැනීමට තරම් වූ සංචාරයක් විය.

මෙම නවකතාවේ විස්තර වකවානුව 19 වන ශතවර්ෂයේ මුල්භාගයයි. එය දකුණු ඇමරිකා රටවලට යටත් විජිත සමයකි. එම රටවල දේශපාලනික සහ ආර්ථික ප්‍රශ්න ලංකාවට සමානය.

එය විස්තර කෙරෙන සංවාදයක් මෙසේ විය "මේ රටේ පසුගිය අවුරුදු 100 කට කිසිදෙයක් වෙනස්වෙනවා මං දැකලා නෑ, අලුත් ආණ්ඩුක්‍රම විව්‍යස්තා, වෙනත් නීතිරීති වගේ දේවල් වෙනස්කරන්න අපි හරි දස්සයි, ඒ වගේම වසර තුනකට සැරයක් වගේ සිවිල් යුද්දයක් අඩුවක් නැතිව තියනවා, අප තවම ඉන්නේ කොහෙද? පරණ යටත් විජිත කාලයේමයි".

මෙම නවකතාව අප හට කලාතුරකින් කියවීමට ලැබෙන දකුණු ඇමරිකානු පරිසරය වන කැරබියන් කලාපය, අන්දිස් කඳුකරය, මගදලේනා නදියේ චාරිකාවන්, ඇමසෝනා වනාන්තරය, සහ එහි පවතින ධාරානිපාත වර්ෂාවන් විස්තර කෙරෙන්නකි.

දියුණුවේ මුවාවෙන් සිදුවන ප්‍රාථමික වනාන්තර විනාශයන්, වන සතුන් වඳ වීම කතුවරයා සංවාද ඇසුරෙන් විස්තර කරනුලබයි. 19 වන සියවස ආරම්භයේ මගදලෙන නදියේ ගමනේ කොටසක් හබල් ඔරුවෙන්ද, කොටසක් කොටලු පිටේද යාමට සුදුවන දින 50 පමණ ගතවන දීර්ඝ ගමනකි. වාෂ්ප එන්ජින් සහිත යාත්‍රා යොදා ගැනීමෙන් පසු දර සපයාගැනීමට වනාන්තර විනාශය සිදුවිය, ගඟ දෙපස විසු සතුන් දඩයම් කිරීම නිසා ඉතිරිවූයේ වැනසිගිය දේශයක නිශ්ශබ්දතාවය පමණි. තවද ගඟ ක්‍රමයෙන් වියලීම නිසා අනාගතයේදී එම ප්‍රවාහනය සුඛෝපභෝගී කාර් වලින් විය හැකි බවටද අනාවැකි ඵලවිය.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.