Jump to ratings and reviews
Rate this book

මළගිය ඇත්තෝ #2

මලවුන්ගේ අවුරුදු දා

Rate this book
SKU LS612117AU Category Fictions and Novels Language Sinhala ISBN Number 955-20-2159-6 Publisher Godage Publishers Author Name Ediriweera Sarachchandra Published Year 2016 Book Weight 240g Pages 136 Pages Description Malawunge Awurudu Daa by Ediriweera Sarachchandra

First published January 1, 1965

18 people are currently reading
305 people want to read

About the author

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවේ මහා පුරුෂයාණෝ වූහ. සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි කොට දිශා උද්දේශනය කළ ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, නිර්මාණකරුවකු, සරසවි ඇදුරකු ලෙස නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් නොරහසකි.

1914 ජුනි 3 වැනිදා රත්ගම, දොඩන්දූවේ උපත ලැබූ වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍ර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත, පාලි, සිංහල ගෞරව උපාධිය ලැබුවේ ය. ශා. පීතර විදුහලේ සිංහල ගුරුවරයකු වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ පරිපාලන අංශයේ ද කලක් ක්‍රියා කළ එතුමෝ භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් ව භාරතීය දර්ශනය හා සිතාර් වාදනය හැදෑරූහ.

කලක් ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය. 1944 ලන්ඩන් (බාහිර) ශාස්ත්‍රපති උපාධිය ද (M.A - භාරතීය දර්ශනය) 1949 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද (M.A) භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ලියා ආචාර්ය උපාධියද ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ආචාර්ය ධුරයක් ලැබුවේ ය.

1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය ධුරයක් ලැබූ එතුමෝ රොක් ෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ විවිධ රටවල නාට්‍ය කලාව හැදෑරූහ. ඇමරිකාවේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ද ඔහු ක්‍රියා කළේ ය.

යාපනයේ විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් D.Lit සම්මාන උපාධි ලැබූ සරච්චන්ද්‍රයෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙස පත් වූහ. භාරත දේශයෙන් කුමාරන් ආශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ‘මනමේ’ (1956), සිංහබාහු (1961) යන දෘශ්‍ය කාව්‍ය ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත් හෙළි කර දුන්නේ ය.

මළගිය ඇත්තෝ (1959), මළවුන්ගේ අවුරුදු දා (1965) වැනි කාව්‍යාත්මක

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
108 (51%)
4 stars
62 (29%)
3 stars
24 (11%)
2 stars
5 (2%)
1 star
12 (5%)
Displaying 1 - 15 of 15 reviews
Profile Image for Charvi Janathri.
38 reviews10 followers
February 26, 2021
Continuing from the part where author abruptly stops in its pervious book මළගිය ඇත්තෝ, as its sequel , මලවුන්ගේ අවුරුදු දා is a continuation written with Noriko's voice. In its first few pages, author explains in Noriko's point of view some of her behavior that made Devondara puzzled, in its first book.

I sincerely believe the author did not do justice to Noriko's character. What happens in the end, left me devastated , as I did not believe Noriko deserved such an ending after everything she's been through. As I put down this book, after reading the last line, in my head I went through the regret, the sadness, confusion Noriko must feel for what happened, and I am pretty sure she feels it's all her fault too. She must feel, if she did not act with such anger , the way she did , or if she did things differently, this wouldn't have happened. The author tries to pass the blame to Noriko.

Devondara did love her , without a doubt , but he was full of uncertainty and looked at life in the mentality of a ascetic. He showed her that he cares, but instantly draws away from her, and this left Noriko confused and sad many times. There were countless times she wanted to say goodbye to him and escape but she was not strong enough I believe.

As readers, we also see , how women longs to be someone's wife and look after and care for him, from the moment an agreement of marriage is decided, and how some men like Devondara, tries to look gravely at life , and fears the commitment, leaving the hopeful , miserable.

I enjoyed the book, although I personally did not like the end , that Noriko had to accept, or what it made her feel. Maybe it was the price she had to pay for love....
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
February 27, 2021
This book is written from the perspective of Noriko San. I was lazier to read than the first book. As in the first book, little is said here about Japan. Many pages are devoted to describing Noriko's uncertain thoughts. But Devendro's behaviour is questionable. I don't think he really expected love from Noriko. There are many cultural barriers to the lives of these two here. Devendro was once a priest. I think it made his life problematic. Noriko is a traditional, inexperienced Japanese woman. On the other hand, Devendro is an experienced artist who has travelled from country to country. Did Devendra really cheat on Noriko like other foreigners? His last visit to Japan was not planned. He also has a lazy feeling about marriage. Is he committing suicide because he could not bear the injustice done to Noriko?
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 21, 2022
මළගිය ඇත්තෝ - එදිරිවීර සරච්චන්ද්‍ර (1959)
මළවුන්ගේ අවුරුදුදා - එදිරිවීර සරච්චන්ද්‍ර (1965)

ජපන් සමාජයේ අභ්‍යන්තරය ගවේෂනාතමකව ඉදිරිපත්කර ඇත. ජපනුන් බහුතරයක් ආචාරශීලි, සංවර, අනුන් වෙනුවෙන් කැපවෙන පිරිසක් ලෙස පෙනුනත් අභ්‍යන්තරයෙන් සමහර ජපනුන් තම පවුලේ සාමාජිකයන් හට වත් හිතවත් නැති ආත්මාර්ථකාමී පිරිසකි.

ආලය යි කියන්නේ කායික වුවමනාවක් පිරිමසා ගන්නා තුරු සිතෙහි හට ගන්නා ආසාව නොවේ ද? එසේනම් විශේෂ ස්ත්‍රියක් පැතීමෙන් වැඩක් නැත. මා නොරිකෝ පමණක් පැතුවේ, ඇය තරම් හොඳින් වෙන කිසි ම ස්ත්‍රියක් අසුරුකිරීමට මට ඉඩක් නොලැබුන නිසා වන්නට ඇත.

මම රාගයේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට මාන බැලීමි. රාගයෙන් මිදීමට එක් මගක් නම්, ඊට බුරුලක් නොපෙන්වා, ඉඳුරන් දමනය කිරීමය. අනික් මඟ නම්, රාගයට ඉඩදී ඉඳුරන් පිනවීමය. අධික රාගයෙහි ගැලීමෙන් තෘෂ්ණාවේ වේගය සංසිඳෙයි.

මෙවර ඔහු පෙරලා එන බව මම සැක නැතිව දනිමි. මා ඔහු ඇරලුයේ නකජිම සොහොනටය. මෙහි ම පියාණන්, ඤතීහු වෙසෙති. කවදා නමුත් ඔවුන් හා කැටුව යලි ඔහු මෙලොවට එන්නේය.

දවස හමාර වුනා ම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි. මොකක් ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා. මාත් ඔක්කොම කරනවා. එත් මම විතරයි. ඔබ නෑ .
යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොව ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.

දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නො පමාව පැමිණේවා කියා ය. මේ වර ඔහු රඳවා ගත නො හැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙන්නෙමි.
Profile Image for Malsha.
89 reviews25 followers
March 1, 2013
This book is hauntingly mesmerizing. I was a willing victim of this book's enchantment and I have no regrets. The writing style, the choice of words, and the whole story! Absolutely beautiful!
Profile Image for Shamila.
96 reviews48 followers
September 21, 2025
The story picks up (or rather starts offering a different perspective) on the events unfolded in මළගිය ඇත්තෝ, from the point of view of Noriko-San, who begins her tale of woe and relentless expectations with a fresh take on the encounters between her and Devendora-San, which he describes as those that made him indecisive about his feelings for her in the prequel that ended abruptly.

මළවුන්ගේ අවුරුදු දා is more or less Noriko's story, but the way the author portrays the character might lead the reader to believe that the ending was brought upon her by herself alone, given the fact that she often describes herself as naive, uneducated and a lesser human being than the love of her life. But in contrast, Devendora-San who is often kept on a pedestal by Noriko is not without fault; where it is evident that he has a deep affection for her but with his indecisiveness and mixed feelings that alternate between being transcendental and secular, often makes his intentions unclear, ultimately leading to the tragedy that befalls upon them.

In comparison to මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා is a tale of closure to the reader, but not as eventful or an exploration into the beauty of Japanese culture as the former was. It is a harder pill to swallow, but not far from reality either. Definitely one of those stories you should read in your lifetime, but might not want to revisit.
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
August 27, 2020
"මළ ගිය ඇත්තෝ" කෘතියෙහි පටන් ගන්නා කතාවෙහි මදක් සිට නොරිකෝ-සං මනොමුලිකව ඇගේ සහ දේවේන්ද්‍ර ගේ ප්‍රේම වෘත්තාන්තයේ අවසානය "මළවුන්ගේ අවුරුදු දා" අපට දැනුම්දේ. වෙනත් ප්‍රේම කතා වල නොමැති සංකීර්ණත්වයක් මෙම කෘති දෙකෙහි ඇත්තේ දේවේන්ද්‍ර ගේ සිතෙහි අරගල කරන සම්මුති සහ පරමාර්ථ ධර්මයන්ද, චිවරය හැර ගිය භික්ෂුවක් ගේ ශේෂවූ අව්‍යාජත්වය කැකැරිමෙන් නිරන්තරයෙන් ඔහුගේ හැසිරීමේ සිදුවන වෙනස්කම් නොරිකෝ-සං හට නොතේරිමෙන් ඇති වන ඝට්ටනය නිසාය. වර්තමානයේදී බොහෝ සිංහල නවකතා පාඨකයා මෙම කෘති දේපලේ ඇති සංකීර්ණත්වය අතාත්වික සේ කල්පනා කලද Emily Brontë ගේ "Wuthering Heights" හී මෙන් සම්බන්දතාවයක සංකීර්ණත්වය මෙහි ලා දක්වා ඇති බව මාගේ අදහසයි.

2008දී පිටපතක් මිලදී ගෙන පළමුවෙන් කියවුවද නිතර නිතර කියවා රස විඳිය හැකි මහට ප්‍රිය නවකතා අතුරෙන් එකකි.
2 reviews
February 3, 2025
I first picked up this book at age 11, expecting a horror story. Three pages in, I gave up. Years later, in my late teens, I tried again, but the themes of love and longing didn’t make sense to me. It wasn’t until my early thirties—tired and wearied after many unstable relationships—that I finally understood what this book was truly about.

Having lived in the same area the story describes, having walked in the shoes of both Devondara-san and Noriko-san, it struck me deeply. Some books demand the right time in life to reveal their full meaning. This is one of them.
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
January 31, 2020
The ending of the book left my soul shaken, even though I was anticipating it throughout the book. I feel that the last chapter is the strongest chapter of the story which is portrayed to the reader through two books. There are two main characters in the story, in which the author has given the perspective from the male character in his first book, and the perspective from the female character in his second book. The story is so real, reflective and depicts the truest nature of the human kind.
12 reviews
March 12, 2018
ප්‍රධාන චරිත දෙකම හෝද හෝද මඩේ දැමීමක් කරල තියෙන්නෙ පොත පුරාවටම
Profile Image for Akhila Rangana.
23 reviews2 followers
February 3, 2020
The sequel of Malagiya Aththo by the Author. An strange love story where the poor Japanese girl suffers a lot in the name of love. Very beautifully written though everything ends with a tragedy.
Profile Image for Nalina.
193 reviews
October 10, 2023
අවසානෙට කැමති නෑ

එච්චරයි !
Profile Image for Nilakshi Bandara.
146 reviews15 followers
December 1, 2019
දෙවොන්දරා සං... මම නොරිකො සං. දොර අරින්න
දෙවොන්දරා සං ගේ .. හදවතේ දොරකවුළු නොරිකෝ සං වෙනුවෙන් විවර වේද ?මෙම කාව්‍යමය ගද්‍ය වෘතාන්තය ඔබ‍ට කියවීමට හැකි වන්නේ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචක සහ නිෂ්පාදක ,සහ ග්‍රන්ථ රචක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1965 දී රචිත මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙනි.ශ්‍රී ලාංකික උපවැදි චිත්‍ර ශිල්පියකු වන දෙවොන්දරා සං ලී කැටයම් කලාව ඉගෙනීම සඳහා ජපානයට ගිය අවස්ථාවේදී නොරිකෝ සං නමැති ජපන් ජාතික තරුණිය සමග ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයක් පාදක කොට ගෙන මෙම කතාව ලියවී ඇත.

මෙම ලේඛකයා විසින් 1959 වර්ෂයේදී රචනා කරන ලද මළගිය ඇත්තෝ නමැති නවකතාවෙන් විදේශයකට සංක්‍රමණය වූ දෙවොන්දරා සං ගේ ආත්ම කථනය දෙරට සංස්කෘතික ඝට්ටනය ,පරිසරය සහ ප්‍රේමය පිළිඹිබු වන අතර මෙම දෙවන නවකතාවෙන් මෙම පෙම්වතුන් මුහුණ දෙන ගැටුම් , විසඳුම් සහ මුල් කතාවේ සිටම දෙවොන්දරා සං තුළ ඇතිවූ ජිවිතයේ අභියෝග වලට මුහුණ දීමේ හීන ශක්තිය කාන්තාවකට බලපාන අකාරය මනාව පිළිඹිබු කරයි.

සාහිත්‍ය විචාරකයින්ගේ අදහස් අනුව අධිරාජ්‍යවාදී සංක්‍රමණ වලින් පසුව ශ්‍රී ලංකික සමජයේ ඇතිවූ ආර්ථික සංස්කෘතික ,සමාජීය වෙනස තරුණ සමාජය කෙරෙහි බලපෑ ආකාරය ශ්‍රේෂ්ඨ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ කතුවරයාගේ විරාගය නවකතාව රචනාවෙන් ඇරඹුණු අතර මළවුන්ගේ අවුරුදුදා එහි තවත් කඩ ඉමක් බව පැවසේ.හුදකලාව ප්‍රිය කරන ආදරය ඇතුළු ජිවිතයේ ආර්ථික සහ සමාජීය දියුණුව ප්‍රතික්ෂේප කරන දෙවොන්දරා සං සෑම විටම ජිවිතයේ අනිත්‍ය බව මෙනෙහි කරන සංකීර්ණ චරිතයකි.

නොරිකෝ සං මේ අතර ලෞකික ජීවිතය පිලිබඳ බලපොරොත්තු තබා ගත් සරල චරිතයකි.උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කර තිබීම නිසා පාඨකයාට වඩාත් සමීප වන මෙම නවකතාව විදෙස් පසුබිමක ගොඩනගනු ලැබූ ප්‍රථම නවකතාව මෙන්ම රාජ්‍ය සම්මාන පවා හිමි කර ගත් රචනාවකි..මෙම නව කතාව ආරම්භ කර ඇත්තේ දෙවොන්දරා සං නොරිකෝ සං ව හැර දමා සියදිවි නසාගෙන ජිවිතක්ෂයට පත්වන පුවතකිනි.ජපානයේ ස්ථාන කීපයකම රැකියාවේ යෙදෙන අඟහිඟකම් වලින් පිරි පවුලක තරුණියක වන නොරිකෝ සං ජපානයට පැමිණෙන මෙම විදේශිකයාගේ නිවසෙහි උදව්වට පැමිණේ.ප්‍රේමයක් , සමීප මිතුදමක් ගොඩ නැගුණද , ආදරයේ සුවඳ මිස වෙනත් පහත් අරමුණක් දෙවොන්දරා සං තුළ දැකිය නොහැකි අතර ,බුදු දහමින් ඔහු තුල ගොඩනැගුණු මනා ශික්ෂණය ග්‍රන්ථය පුරාම කතුවරයා විදහා දක්වයි.

නොරිකෝ සං ටෝකියෝවේ තනි කර චිත්‍ර කලාව ඉගෙනීම පිණිස වෙනත් නගරයකට යාම එම නගරයේදී ඔහු ලබන විවිධ අත්දැකීම් සහ දෙමව්පියන්ගෙන් අවසර ගෙන විවාහයට සුදානම් වීමට ලංකාවට පැමිණීම මෙම නවකතාවේ තවත් හැරවුම් ලක්ෂයකි.මෙලෙස නොරිකෝ සං ව රිදවීමට ගන්නා උත්සාහයේ සිට අවසානයේදී වියදිවී නසාගැනීම දක්වා යන ගමන මොහු පරපිඩා කමුකත්වයෙන් පෙලෙන බව විචාරකයින්ගේ මතයයි. විවාහයට සුදානම් වෙනවා වෙනුවට ලංකාවේදී මොහු කරන්නේ ඔවුන් අතර විවාහය සිදුවුවහොත් ඇතිවන ගැටළු පිළිබඳව කල්පනා කිරීමයි. සෑම විටම මොහු භාවමය ශුන්යත්වයකින් පෙලෙන බව අපට දැකිය හැක.

එනම් එක් අවස්ථාවක් නම් 82 පිටුවෙහි ඇති

"ඊළඟ දවස් කීපය ,මා කෙබඳු සන්තපයකින් ගත කළේද කියා මා හැර අන් කිසිවෙකු නොදනී.මට තොකියෝවට ගිය නොහැකිය.කියතෝවල සිටිය නොහැකිය.ආපසු ගම රට බලා යාමට මම සිතුවෙමි.එහෙත් කොයිබ ගියත් මට ලොව එකසේය.මා වටා මිනිසුන් දහස් ගණන් සිටියද මම හුදකලාවෙන් පසුවෙමි.කිසිවකුගේ ආදරය සහ සැලකිල්ල මට නුරුස්සයි.

ජිවිතයෙන් ඈතට ගිලිහි යන මෙවැනි දෙවොන්දරා සං ලා නිසා අපමණ දුක් විඳින නොරිකෝ සං ලා සහ ආදරවන්තයින්ගේ දුරස් වීම නිසා ආදරයේ සුවඳ මතකයේ තබාගෙන ජිවත් වන කාන්තාවන් ජපානයේ පමණක් නොව ශ්‍රී ලාංකීය සමාජයේද කොතෙකුත් ඇත.ඇය දෙවොන්දරා සං තමා අතිශයින් ආදරය කල පියා සමග ජපනුන්ගේ විශ්වාසය අනුව මළවුන්ගේ අවුරුදු දා නැවත පැමිණෙන තෙක් බලා සිටි.නොරිකෝ සංව රවටා නෑදා නිවසකට යවා පියාගේ මරණින් පසු අයියා සහ නෑනා විසින් පදිංචි නිවාස විකුණීම කාන්තාවන් මුහුණ දේ ගැටළුකාරී තත්වයක් පිළිඹිබු කරන තවත් ස්ථානයකි.මේ අතර දෙවොන්දරා සං ද අහිමි වීම ඇයට කුමන ආකාරයෙන් බලපායිද ?

මෙම නව කතාව සිංහල බසින් ලියවුනු කාව්‍යමය රසය ජනිත කරවන අර්ථාන්විත බස්වහරකින් යුතු අපුර්වතම නවකතාවකි.කලාකරුවකුගේ ගැඹුරු අවබෝධයෙන් යුතුව ඉතාමත් හැඟීම්බරව සහ මෘදු බවකින් යුතුව නොරිකෝ සං ගේ චරිතය නිරුපණය කර තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණය වේ.

නිලක්ෂි බණ්ඩාර
14/10/2019
Profile Image for Sandy.
566 reviews24 followers
May 30, 2023
Now this is way better and complex than මළගිය ඇත්තෝ. I actually liked this book.

I liked how things came to an end. The whole uncertainty throughout the whole book ended with another massive uncertainty. Noriko with all her somewhat volatile nature, kept her hold on someone who was more volatile and uncertain than her. She reminded me of Catherine Earnshaw minus the married part. The flow of the story was quite painful and hollow. I think both of them loved each other deeply but their directions and intensions were not the same. Noriko's view of their future was totally different from Devendora's. I think that's where the whole feeling of abyss comes from.

I felt better after reading this. Unlike the feeling I got from the first book, I felt much better with this. I don't know why I felt like that from a complete disastrous story, but that's how I felt.

Book #23 of 2023
Displaying 1 - 15 of 15 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.