Goodreads helps you follow your favorite authors. Be the first to learn about new releases!
Start by following Shasika Amali Munasinghe.
Showing 1-30 of 44
“The way you walked away
The way you stopped and waited
All that time
What was in your heart?
A laugh?
A sarcasm?
Couldn't we be lovers?
Though we have never walked together”
―
The way you stopped and waited
All that time
What was in your heart?
A laugh?
A sarcasm?
Couldn't we be lovers?
Though we have never walked together”
―
“නිමල වස්සාන වලා
විසිරෙයි ගුවන් ගැබ
බවුන් වැඩුමට කාලය යි
ගහ කොළද ඇළ දොළ”
―
විසිරෙයි ගුවන් ගැබ
බවුන් වැඩුමට කාලය යි
ගහ කොළද ඇළ දොළ”
―
“තඹක්ක වළල්ලක් වුව ඇති
මේ සසර දිගු වනු පිණිස
සුළඟ සසල කළහොත් තුර
ගිලිහ ගිය හැක වියත් පත්”
―
මේ සසර දිගු වනු පිණිස
සුළඟ සසල කළහොත් තුර
ගිලිහ ගිය හැක වියත් පත්”
―
“මා සොවෙනි, උන්මාදයෙනි
ඔබ මා'සල නැති විට
ආලය කියන්නේ එයටදැයි
මම නොදනිමි”
―
ඔබ මා'සල නැති විට
ආලය කියන්නේ එයටදැයි
මම නොදනිමි”
―
“මල් පිපෙයි
බොහෝ ඈත ලඳු කැලෑවල
අප නොදැන ගෙන උන්නාට”
―
බොහෝ ඈත ලඳු කැලෑවල
අප නොදැන ගෙන උන්නාට”
―
“මල් පිරුණු තැනිතලාව තල්ලු කර ගෙන එමි නගරෙට
හීන් සුළඟට කතා කරන රුක් අත්තන සුවඳ සමඟින
ළං ළං ව ගතු කියන තරු යුවළක් අසල
හිනා වෙන හැටි දුටුවද නිකසල සඳ මඬල”
―
හීන් සුළඟට කතා කරන රුක් අත්තන සුවඳ සමඟින
ළං ළං ව ගතු කියන තරු යුවළක් අසල
හිනා වෙන හැටි දුටුවද නිකසල සඳ මඬල”
―
“ගිනිකඳු තුළට
ඇදෙන කුහුඹු පේළි
තනාගනී සිය කුඩා ගුල්
එහිම”
―
ඇදෙන කුහුඹු පේළි
තනාගනී සිය කුඩා ගුල්
එහිම”
―
“හිම කබා ඇඳගත්
තුරු තරුණයෙකු අස
මුහුණ රතු කර ගෙන
පිපී ඇත පියෝනී යුවතියක්”
―
තුරු තරුණයෙකු අස
මුහුණ රතු කර ගෙන
පිපී ඇත පියෝනී යුවතියක්”
―
“මිහිදුම් සහිත තේ වතු
උදෑසන ගී ගයමින් ඇත
මම කවුළුවෙන් එබී බලමින්
පසු කර යමි උදෑසන”
―
උදෑසන ගී ගයමින් ඇත
මම කවුළුවෙන් එබී බලමින්
පසු කර යමි උදෑසන”
―
“එල්ලා හැලෙන දිගු ගවුම්
ඇඳ ගත් විලෝ ගස්
ආලිංගන රැඟුම් පා
හලන දහදිය පත්
රැගෙන යයි කරුණා ලත්
නුඹ වගේ ගංගාවක්”
―
ඇඳ ගත් විලෝ ගස්
ආලිංගන රැඟුම් පා
හලන දහදිය පත්
රැගෙන යයි කරුණා ලත්
නුඹ වගේ ගංගාවක්”
―
“ලන්තෑරුමක් දල්වා ඇත
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්”
―
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්”
―
“බලහත්කාරයෙන් පැමිණි
ගණ වලාකුළු තට්ටු
දරා සිටිනා පුදුම
නිහඬ කඳු මුදුන”
―
ගණ වලාකුළු තට්ටු
දරා සිටිනා පුදුම
නිහඬ කඳු මුදුන”
―
“සිසිරය
සුළඟ හිත මත වැතිරෙයි
වැටුණු මල් අහුලමි”
―
සුළඟ හිත මත වැතිරෙයි
වැටුණු මල් අහුලමි”
―
“සරත් සමය එළඹේ
දිය මත පාවෙමින්
තුරු පත්”
―
දිය මත පාවෙමින්
තුරු පත්”
―
“ගංගා ඉවුරුවල
මුමුණන්නේය කහ පෑ කුසුම්
අහසේ රෝස පැහැ
කතා කරනු ඇත ඔබට”
―
මුමුණන්නේය කහ පෑ කුසුම්
අහසේ රෝස පැහැ
කතා කරනු ඇත ඔබට”
―
“වසන්තය පමා වූ බැවින්
නොසැලෙමි සුළඟටද”
―
නොසැලෙමි සුළඟටද”
―
“මට දෙන්න ඔය තරු එළිය
තුරුපත් මත අතුරන්න
නිම්නයක වැතිර සිට
හමන සුළඟට කන් දෙන්න”
―
තුරුපත් මත අතුරන්න
නිම්නයක වැතිර සිට
හමන සුළඟට කන් දෙන්න”
―
“ගිම්හාන කාලෙත් ගලයි
බෑඟිරි නොගා දියඇලි”
―
බෑඟිරි නොගා දියඇලි”
―
“හද අගුලු ලා ගඟක
පච්චයක් කෙටු හෙයින් තරුවක
ගඟ වෙව්ල වෙව්ලා සලයි
බලෙන් ළැම දිලෙන සඳ”
―
පච්චයක් කෙටු හෙයින් තරුවක
ගඟ වෙව්ල වෙව්ලා සලයි
බලෙන් ළැම දිලෙන සඳ”
―
“පෙර දින වෙහෙස
නිවෙන්ටත් කලියෙන්
කවුළුව ළඟට විත්
තට්ටු කරයි උදෑසන”
―
නිවෙන්ටත් කලියෙන්
කවුළුව ළඟට විත්
තට්ටු කරයි උදෑසන”
―
“වසන්තය කඳු මත
තබා ගිය මල්
ඩැහැගනී
සිසිරයේ උල් නියපොතු”
―
තබා ගිය මල්
ඩැහැගනී
සිසිරයේ උල් නියපොතු”
―
“Cities and roads
I have never seen
Are in the background of your photos
Yet, I don’t feel
How faraway you are”
―
I have never seen
Are in the background of your photos
Yet, I don’t feel
How faraway you are”
―
“ගඟ දියම හැඩි කළෙමි
නොපෙනෙන පිණිස රුව
එ සඳ ඔබ මතු විය
පුර පසම දෙබෑ කර”
―
නොපෙනෙන පිණිස රුව
එ සඳ ඔබ මතු විය
පුර පසම දෙබෑ කර”
―
“I wish nature's magical things
with my little moist wings!!”
―
with my little moist wings!!”
―
“කඳු ශිඛරයකි
රාත්‍රිය”
―
රාත්‍රිය”
―
“වෙනදාට වඩා ශීතල ය
රාත්‍රිය පිස එන සුළඟ
ඉටිපන්දමක්
හිරු එළිය අයදී
උදෑසන ගඟ ඉවුර මත”
―
රාත්‍රිය පිස එන සුළඟ
ඉටිපන්දමක්
හිරු එළිය අයදී
උදෑසන ගඟ ඉවුර මත”
―
“මගේ හිත පිරිනිවිල යනව
කෙත්වතු, උයන් දකිද්දී
හොඳයි නරකයි දෙයක් නෑ
අවබෝධයයි වටින්නේ”
―
කෙත්වතු, උයන් දකිද්දී
හොඳයි නරකයි දෙයක් නෑ
අවබෝධයයි වටින්නේ”
―
“දිදුලන අහස දෙස බලන්න
උඩුබැලිව මිතුර
ආසාවන් ගසා යනු ඇත
මහත් වලාකුළු අතර”
―
උඩුබැලිව මිතුර
ආසාවන් ගසා යනු ඇත
මහත් වලාකුළු අතර”
―
“සොඳුර නුඹ නිපාතයකි
මා හුස්ම'රුත්
උඩුද යටි කුරු කරන
එහෙත්, නැත, ප්‍රියය,
නුඹ මා අතැර ගිය පසු
කිසිදු අරුතක් නැති
තනි වචනයක පමණි
ජීවිතය සොයන”
―
මා හුස්ම'රුත්
උඩුද යටි කුරු කරන
එහෙත්, නැත, ප්‍රියය,
නුඹ මා අතැර ගිය පසු
කිසිදු අරුතක් නැති
තනි වචනයක පමණි
ජීවිතය සොයන”
―
“ආලයෙන් මම පිබිදී සිටිමි
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි
විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසියි ඔබ මුව සිඹින
වී කරලක් වන්න”
―
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි
විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසියි ඔබ මුව සිඹින
වී කරලක් වන්න”
―

